2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

Rocco’s නම් ඉතින් ඉතාලි පිට්සා තමයි

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

Rocco’s කියන්නෙ කොළඹ නගරයේ pizza වලට සහ ඉතාලියානු ආහාරවලට ප්‍රසිද්ධ අවන්හලක් බව කොයි කවුරුත් දන්නවා. Rocco’s හි හවුල්කරුවන් වගේම හොඳම මිතුරන් වූ ජූඩ් සහ ක්‍රිශාන්ති 2018 වර්ෂය සඳහා The largest industry category at the women entrepreneur of the year රන් සම්මානයත්, The SLIM brand excellence award ලෝකඩ සම්මානයත් දිනාගත්තා.

ඔවුන්ගේ නවතම අවන්හලත් ඔන්න Gregory’s road එකේ ආරම්භ වෙලා.

පසුපස උද්‍යානයකින් සමන්විත විශාල අලංකාර සම්භාව්‍ය පෙනුමකින් යුතු නිවසක් තමයි ඔවුන්ගේ අලුත් තෝරාගැනීම. Pizza උඳුනට ඔබටම පෙනෙන විදිහට විවෘත මුළුතැන්ගෙයක් ඔවුන් සතුයි. යාළුවො එක්ක, පවුලෙ අය එක්ක වගේම Private dinner එකකටත් අපූරු තැනක්.

ඉතාලි භාෂාවෙන් තිබුණු Drinks menu එක නිසා අපි ටිකක් පුදුම වුණත් සැබැවින්ම මෙය ඉතාලි අවන්හලක් බව අපිට තේරුම් ගියා. මම තෝරාගත්තෙ රසම රස Te-Freddo කියන strawberry රසැති ice tea එකක්. Grill කරපු crispy bread එක්ක සරල අමුද්‍රව්‍ය ටිකක් එකතු කරල විශ්මිත රසයක් ඉදිරිපත් කරන Bruschetta Al Pomodora, අව්‍යාජ නිර්මාංශ ඉතාලි pizza, රසම රස sorrentina pizza, සහ Fruti Di Mare Alla Marinara කියන seafood pasta අපි රස බලපු මෙනුවට එකතු වුණා. මෙය අපූරු ඉතාලියානු අත්දැකීමක්. ඔවුන් සතුව අලුත්ම බටහිර ආහාර වට්ටෝරු කිහිපයකුත් අඩංගු බව කිව යුතුයි‍.

ඉතින් Rocco’s කියන්නෙ Pizza ඇතුළු ඉතාලියානු ආහාර එක්ක අපූරු අත්දැකීමක් විඳගන්න හැකි තැනක්. ඔවුන් ඔබව ආගන්තුකයන් වගේ නෙවෙයි මිතුරන් වගේ පිළිගනීවි. ඉතින් ඔබ Rocco’s වෙත ගොඩවදින්න අමතක කරන්න එපා.

සටහන සේයාරූ - life web ඇසුරින්