2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ලංකාවේ රසම රස බර්ගර් එක Baillie st Merchants

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

Baillie st merchant කියන්නෙ එහි පිහිටා ඇති බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් මුදලි මාවත හා බැඳුණු නමක් සහිත අවන්හලකි. කුළුබඩුවලට විශේෂ තැනක් වෙන්කර ඇති ඔවුන්ගේ මෙනුව තුළින් ද ඒ අතීත සම්බන්ධතාවය පිළිබිඹු කරයි. පාස්කු ප්‍රහාරයෙන් පසු අධිආරක්ෂිත කලාපයකට අයත් අවන්හල කලක් වසා තබන්නට සිදු වුණත් නැවතත් සාමකාමී බවට පත්වී තිබීම සතුටකි.

මෙම ස්ථානයට ඇතුළු වීමත් විනෝදජනකයි. එය ආකාර දෙකකින් සිදුකළ හැකිය. ඒ වෙන් කිරීමක් මගින් හෝ මුරපදයක් මගිනි. ඔබට මුරපදය අවැසි නම් ඇතුළු වන ස්ථානයේ කෝපි සාදන්නාගෙන් අසන්න. ඔවුන්ගේ Coffee හරිම රසවත් බව කියන්නම ඕන. පළමු වරට වෙන් කිරීමක් සිදු කරන විටත් මුරපදයක් ලබාදෙන නිසා වෙන් කිරීමකින් අවන්හලට ඇතුළු වීම වඩාත් පහසු බවයි හැඟෙන්නෙ.

Coffee වලට වගේම arrack based cocktail වලටත් අවන්හල ප්‍රසිද්ධයි. ඒ වගේමයි ඔවුන්ගේ lemongrass sherbet. මේ සුව පහසු වටපිටාවේ ඉඳන් සම්භාව්‍ය ආකාරයේ කෑමවේලක් රස විඳීමත් අපූරුයි. ඒ නිසා Mushrooms cheese cake සහ Lobster and prawn ravioli රස බලන්න මම තීරණය කළා. මම රස බලපු ඔවුන්ගේ burger එක ගැන නම් කියන්නම ඕන. ඊට සමාන කරන්න ලංකාවේ වෙන burger එකක් නැති තරම්. පුදුමාකාර රසයක්. මම pork belly රස බලන්නත් අමතක කළේ නෑ මෙතනදි. මගේ අතුරුපස වුණේ ඔවුන්ගේ biscuit pudding සහ massive doughnuts with cinnamon ice-cream. අති විශිෂ්ටයි!

හිතමිතුරු කාර්යමණ්ඩලයක් වගේම ඉක්මන් සේවයකුත් Baillie st Merchant වෙතින් ඔබට දැකගත හැකියි. ඒ නිසාවෙන්ම මේ නිස්කලංක සැප පහසු අවන්හලෙන් ආහාරවේලක් අරගන්න ඔබත් අමතක කරන්න එපා.

ධනූ
You’re My Favorite