කොළඹ නගරයේදී නියමාකාරයෙන් මැදපෙරදිග ආහාර පිසීම නම් ටිකක් දුෂ්කර කටයුත්තකි. නමුත් පළමුවෙන්ම ගාලුකොටු පවුරෙන් ආරම්භ වුණු මේ මැදපෙරදිග අවන්හලේ දෙවැනි පියවර ලෙස Down park street Mews හි Middle East at Chamber ආරම්භ වෙනවා. ඉතින් දැන් කොළඹ ඔබටත් නියම මැදපෙරදිග ආහාරවේලක් රස විඳින්න පුළුවනි.
මම අපේ දිවා ආහාරය ආරම්භ කළේ සිසිල් ප්‍රබෝධමත් Lime and Mint crush එකකින්. ඊළඟට මට Hummus And Muhammara with pita bread වගේම Roasted Beetroot and Feta salad රස විඳින්න හැකි වුණා. හරිම රසවත්. ටිකක් ලුණු රසැති Zaatar Arayas තමයි මගේ ඊළඟ තෝරාගැනීම වුණේ. Mains විදිහට අපි තෝරාගත්තෙ seafood tangine සහ chicken and prune tangine. Tangine රසයෙන් රසවත් වුණු මේ ආහාර අතුරින් මගේ නම් හිත ගියේ seafood tangine වලටයි. අපි kebab bil Laban සහ shish kebab රස බලන්න අමතක කළේ නෑ. අතුරැපස විදිහට මම තෝරාගත්තෙ baklava with ice cream. පුදුමාකාර රසයක්.
ඇත්තටම රසම රස උසස් තත්ත්වයේ මැදපෙරදිග ආහාරවේලක් සාධාරණ මිලකට රස විඳින්න අපිට හැකි වුණා. ඔබත් මේ අවන්හලට වරක් ගොඩවැදුණොත් තවත් වරක් යන්න අමතක කරන එකක් නෑ.
සටහන සේයා රූ : Life web ඇසුරින්