මේ දිනවල සැමදෙනාගේම අවධානය යොමු වී ඇත්තේ ළඟ ළඟම එන ජනාධිපති මැතිවරණය දෙසටය. එහිදී කවුරු දිනයිද, කවුරු පරදියිද යන්න කල් ඇතිව දැනගැනීමට ජනතාව දක්වන උනන්දුව සුළු පටු නොවේ.
තරග කරන අපේක්ෂකයෝ ද තම ඡන්දගොඩ වැඩිකර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. ජනතාවට දුන් සහන පිළිබඳ පුරෝකථනය කිරීමට ද, ඉදිරියේ දී ජයගත් පසු කරන කියන දේ ගැන පොරොන්දු දීමට ද පසුබට නොවන බව පෙනේ.
එහෙත් මෙලෙස ජය ලබාගැනීම සඳහා ඔවුන් කළ කී දේ හෝ කරන දේ පමණක් පදනම් විය හැකිද? ඔවුන්ගේ කේන්ද්‍රවල ඇති ග්‍රහ බලය මේ අවස්ථාවේදී කෙසේ හැසිරේද යන්න සොයා බැලීම වැදගත්ය. මෙතෙක් මැතිවරණවල තරග කරන අපේක්ෂකයන් තම කේන්ද්‍ර පිළිබඳ උනන්දුවක් දක්වා ග්‍රහ බලයට අතිරේක ශක්තියක් ලබාගැනීම සඳහා විවිධ අදෘශ්‍යමාන බලවේග පසුපස හඹා ගිය බව පෙනෙන්නට තිබේ.
අප රටේ මැතිවරණවලදී තරග කළ සෑම අපේක්ෂකයකුම පාහේ හොර රහසේ හෝ විවිධ ජ්‍යොතිෂ සහ ආගමික කටයුතුවලට නැඹුරැ වන බව කවුරැත් දන්නා සත්‍ය සිද්ධියකි. මෙලෙස ජය තහවුරු කිරීම උදෙසා කේන්ද්‍රවල ග්‍රහයන්ගේ පිහිටීම සහ ඒ අනුව කළ යුතු වත්පිළිවෙත්වල නිරත විය යුතුද යන්න පිළිබඳ දිවයිනේ ප්‍රකට ජ්‍යොතිෂවේදියකු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට සෑම ජනාධිපතිවරයකුගේද, දැනට තරග කරන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේද කේන්ද්‍ර සටහන් සහිතව දේශය පුවත්පතට පමණක් ඉදිරිපත් කළ විරල ජ්‍යොතිෂ ලිපියක් මෙසේ පළ කරමු.
භිර්ගු නන්දන නාඩි පර්යේෂණය
සියලුම දෙනා විශ්වාස කරනුයේ ඡන්දය දෙන්නේ මිනිසුන් නිසා ආමන්ත්‍රණය කළ යුත්තේ ද, බැගෑපත් විය යුත්තේ ද, ප්‍රතිවාදීන් පිළිබඳ පැමිණිලි කළ යුත්තේ ද ඡන්ද දායකයාටම බවය. එහෙත් එම අදහස නිවැරදි නැත.
මනුෂ්‍යයකු ජන නායක අපේක්ෂකයකු ලෙස සරසා සමාජයට ඉදිරිපත් කරනු ලබනුයේ ග්‍රහ බලවේගය විසිනි. ඉන්පසු ඔහුගේ හපන්කම් ඔහු ප්‍රදර්ශනය කරන්නේය. කෙසේ වෙතත් මැතිවරණ දිනවල තරග කරන අපේක්ෂකයන්ගෙන් ජයග්‍රහණය ලැබෙන්නේ වැඩිපුර දිව්‍ය ප්‍රසාදය ලැබූ පුද්ගලයාටය.
මේ හේතුවෙන් පෙරදී සිදුකර තිබූ සමාජ සේවය යට යන්නට පුළුවන. ජනතාවට කළ වැඩ ජයට හේතු නොවන්නටද පිළිවන. එහෙත් ග්‍රහ ශක්තියට ද, දිව්‍ය ආත්මවලටද, පුදපූජා තබා පුණ්‍යානුමෝදනා සිදු කිරීමෙන් නූපන් කුසල් උපදවාගෙන ජය ලබාගත හැක. 2019.11.16 වැනි දින පවතින ජනපතිවරණ ද්වන්ධ සටනේ ජය තහවුරු වන්නේ එලෙසටය. එසේ නැතිව තනිකරම ග්‍රහ ශක්තිය මත නොවේ.
බුද්ධාගම අනුගමනය කරන විට වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන්න ප්‍රධාන සිද්ධාන්තයකි. බුද්ධාගමේ ආරක්ෂකයා වන විෂ්ණු දෙවියන් උදව් කරනුයේ අන් අයට කරුණාව, දයාව දක්වනු ලබන අයටය. භක්තිවන්තයාටය.
අංක: 01 සටහන
අංක 01 සටහන 1906.09.07 දින උපත ලැබූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේය. ඔහු ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේ 1978.02.04 වැනිදාය. එදින මිථුන - කුම්භ - තුලා යන ගුප්ත ත්‍රිකෝණයේ උත්පත්ති සහ ගෝචර ග්‍රහ සංයුතියෙන් සංවේදී වී තිබුණි. මෙවැනි ගුප්ත ත්‍රිකෝණයක් 1977.06.21 මැතිවරණ දිනයේදී ද ඔහු වටා ක්‍රියාත්මක විය. නමුත් මෙම ලිපියේ දී සාකච්ඡා කරනුයේ ජනාධිපතිවරණ පිළිබඳව පමණි.
1906.09.17 දින උපත ලබා ඇති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ 1982.10.20 දිනදීය. එදින ශනි හා ගුරු සම්බන්ධ වී, මිථුන - කුම්භ - තුලා ගුප්ත ත්‍රිකෝණය මතුවී තිබුණි. පෘථග්ජන මිනිසා සිතුවක් නොසිදුවිය. ගුප්ත ත්‍රිකෝණය ජය ගත්තේය. ජේ.ආර්. ජනාධිපති විය.
අංක: 02 සටහන
1906.09.17 උපත ලබා සිටින ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1983.02.04 දා දෙවැනි ධූර කාලයට දිවුරැම් දුන්නේය. එකම සිද්ධාන්තය ගෝචර ශක්තිය සමඟ නිර්මාණය වී ගුප්ත ත්‍රිකෝණය මතුවිය. ජනපති තනතුරට නැවත පත්වී ලංකාවේ ප්‍රථම පුරවැසියා වීමේ භාග්‍යය ලැබුවේය.
අංක: 03 සටහන
1924.06.24 උපත ලබා සිටි ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා 1988.12.19 දින ජනාධිපතිවරණයට මුහුණ දුන්නේය. එතුමාගේ උත්පත්ති ග්‍රහ සටහනට එදින විශ්මිත ගුප්ත ත්‍රිකෝණ තුනක්ම මතුවිය. පෘථග්ජන මිනිසුන් ගහමරා ගනිද්දී විශ්ව ග්‍රහ බලය එතුමා ජනපති අසුනේ අසුන්ගත කළේ මෙකී ගුප්ත ත්‍රිකෝණය බව අපගේ භිර්ගු නන්දන නාඩි පර්යේෂණ චාරිකාවේදී සොයා ගනු ලබන අපූර්ව හාස්කමකි.
අංක: 04 සටහන
අංක 04 දරණ සටහන 1916.02.15 ඉපදී සිට 1993.05.01 දිනයේදී ග්‍රහ බලය විසින් ජනපති අසුනේ අසුන්ගත කළ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේය. මිථුන - තුලා - කුම්භ ගුප්ත ත්‍රිකෝණයේ රවි - ශනි - චන්ද්‍ර ගෝචර සහ උත්පත්ති ග්‍රහ බලය විසින් මැවූ මැවීම අපූර්වජනකය. කෙනකුට තනතුර ලබාදීම සඳහා අනිකකුගේ උත්පත්ති මාරකය ක්‍රියාත්මක කිරීම පෘථග්ජනයන්ට ඇදහිය නොහැකි නමුත් පර්යේෂණාත්මක තුන්වැනි ඇස විවර කිරීමේදී අති විශ්මිතය.
අංක: 05 සටහන
අංක 05 දරණ සටහන 1945.06.29 දින ඉපදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේය. 1994.11.09 දින පැවති ජනාධිපතිවරණයේදී අක්ෂි දානය සිදු කළත් ඇය මැතිවරණය ජය ලැබුවාය. ර-ශ-ගු-බු-ශු-රා ග්‍රහ බලවේගය උත්පත්ති සටහනට ගෝචර ගුප්ත ත්‍රිකෝණය මවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසිනිය බවට පත් විය. තනතුරැ, තානාන්තර, රැකියා ලබාදීමේ තවත් භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත අතරේ දිදුලන ගුප්ත ත්‍රිකෝණ පරීක්ෂණය අති චමත්කාරය.
1945.06.29 වැනි දින උපත ලැබූ චන්ද්‍රිකා ජනාධිපතිවරිය. 1999.12.21 දින පැවැති ජනාධිපතිවරණයේදී විශ්මිත ගුප්ත ත්‍රිකෝණය එතුමියගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ විද්‍යාමාන විය. මේෂ - සිංහ - ධනු ගුප්ත ත්‍රිකෝණයක් මැව්වේ උත්පත්ති සහ ගෝචර රවි - ගුරු - ශනි - ශුක්‍ර සංවේදීත්වයෙනි. ග්‍රහ බලය සහ දේව බලය විසින් පෘථග්ජන ඡන්ද දායකයා යටපත් කරන බව නිරීක්ෂණය වේ.
අංක: 06 රූප සටහන
අංක 06 දරණ සටහන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේය. 1945.11.18 ඉපදුණු එතුමාගේ ජන්ම ග්‍රහ සටහනට 2005.11.17 ජනපතිවරණය පැවති දා කටක - වෘශ්චික - මීන ගුප්ත ත්‍රිකෝණය මවන්නට උත්පත්ති සහ ගෝචර රවි - ශනි - රාහු සංවේදී විය. වෙනත් විවිධ භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත ද ඔප්නංවමින් පර්යේෂණාත්මක සුවිශේෂී ගුප්ත ත්‍රිකෝණ බලවේගය ක්‍රියාත්මක වී ඔහු ජනාධිපතිවරයා බවට පත් කළේය.
1945.11.18 දින උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා 2010.01.26 දින ජනපතිවරණ සටනින් ජය ලැබූ දින ගෝචර සහ උත්පත්ති ග්‍රහ සටහන අනුව ගුප්ත ත්‍රිකෝණ බලය ක්‍රියාත්මක වූ ආකාරය දක්වා ඇත. එදින ඔහුට ගුප්ත ත්‍රිකෝණ දෙකක්ම මතු වී තිබිණ. භිර්ගු නන්දන නාඩි ගුප්ත ත්‍රිකෝණ චාරිකාව ලංකාවේදී සිදු කළ ප්‍රථම පර්යේෂණය කොතරම් සුවිශේෂද?
අංක: 07 රූප සටහන
අංක 07 රූපසටහන 1951.09.03 උපත ලැබූ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේය. 2015.01.08 වැනිදා ජය ලැබුවේ ලංකාවේ ජ්‍යොතිර්වේදීන්ද නොමඟ යවමිනි. ඔහුගේ ජයග්‍රහණය දුටු එකම ශක්තිය භිර්ගු නන්දන නාඩි පර්යේෂණය හරහා සොයාගත් විශ්මිත ගුප්ත ත්‍රිකෝණය පමණකි. කටක - වෘශ්චික - මීන රාශිවලට උත්පත්ති සහ ගෝචර ශනි - ගුරු - චන්ද්‍ර සංවේදීත්වය සියලු බලමුලු යටපත් කර දමා ජනාධිපතිවරයා බවට පත් කළේය.
අංක: 08 රූප සටහන
අංක: 09 රූප සටහන
8 සහ 9 රූපසටහන්වල සජිත් සහ ගෝඨාභය යන අපේක්ෂකයන්ගේ කේන්ද්‍ර පෙන්වයි. ඒ දෙදෙනාටම ගුප්ත ත්‍රිෙකා්ණ බලය ඇත.
අංක: 10 රූප සටහන
අංක 10 දරණ රූපසටහන හිමි අනුර කුමාර දිසානායක අපේක්ෂකයා ගුප්ත ත්‍රිකෝණ බලවේගයක් 2019.11.16 දිනට උපදින්නේ නැත. මේ නිසා එකී බලවේගය ඉස්මතු වන්නා වූ සජිත් සහ ගෝඨාභය අපේක්ෂකවරුන් අතරේ ද්වන්ධ සටනක් ගුප්ත ත්‍රිකෝණ බලවේගය මගින් උද්දීපනය කොට ඇත. ජයග්‍රාහකයා තෝරා දෙන්නට පෘථග්ජන මනුෂ්‍යයන්ට පමණක් බලය දිය නොහැක. ඒ සඳහා ග්‍රහ බලවේගයේ ආකර්ශනය ලබාගත යුතුය. දෙවියන්ගේ දේවාශිර්වාද ලබාගත යුතුය.
විභාගයට යන ශිෂ්‍යයා පවා බෝධිපූජාව, දේව පූජාව තැබීම හා ග්‍රහ කන්නලව් කිරීම ආදිය සාමාර්ථය සඳහා බලයක් ලබා දේ. චංචල සිතක් ඇති පෙනෙන මනුෂ්‍යයාට වඩා ස්ථිර බලයක් ඇති ග්‍රහයන් සමඟ දෙවියන් වැනි බලවේග ගැන අදහන අපේක්ෂකයා ඉදිරියට ඔසවා තබන්නට මෙම නොපෙනෙන බලවේග ක්‍රියා කරන බව විශ්වාස කිරීමට කරුණු තිබේ. ඒ නිසා ග්‍රහ ශක්තිය මත සියල්ල සිදුවේය යන්න සියයට සියයක් නිවැරදි නැත.