2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ලංකාවේ කෙල්ලන්ට චීනෙන් වැටුණු වී - චැට් ඇම

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

යම් රටක වැටුප් පරිමාව අඩු මට්ටමක පවතී නම් හෝ එම රටේ වැසියන්ට තම අධ්‍යාපන හෝ ආර්ථික මට්ටමට ගැලපෙන රුකියා එරට නොමැති නම්, වෙනත් රටවල් කරා රුකියා සඳහා ඇදීයාම සුලභව සිදුවේ. එහෙත් ඒ රටවල පවතින ඉහත කී ගැටලු උපයෝගී කරගෙන එරට වැසියන්ට වෙනත් රටවල වැඩිවැටුප් සහිත උසස් රුකියා අවස්ථා පෙන්වා, ඔවුන් මුලාකර, ඔවුන්ගෙන් මුදල් ලබාගෙන, පසුව ඔවුන් වෙනත් රටවල හාම්පුතුන්ට විකුණා දමන කූට ව්‍යාපාරයක්ද ලොවපුරා ක්‍රියාත්මක වේ. ඒ මිනිස් ජාවාරමයි.

විශේෂයෙන් සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවලට මෙසේ රවටාගෙන යන තරුණියන්, පසුව එරට සම්භාහන මධ්‍යස්ථානවලට සහ ගණිකා නිවාසවලට යොමු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ. චීනයේද මෙවැනි ජාවාරම්කරුවන් පිරිසක් බිහි වී ඇති බවට ලොවපුරා තොරතුරු ගලා යන්නට විය. ඒ අනුව වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි, අඩි 05 ක් පමණ උස පුද්ගලයකු පිළිබඳ තොරතුරු කොළඹ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මිනිස් ජාවාරම් මර්දනය කිරීමේ ඒකකය වෙත ලැබී තිබුණි. එම තොරතුරු ලද වහාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ඒකකය වෙත සම්ප්‍රේෂණය කළ අතර ඒ අනුව ගුවන් තොටුෙපාළ පිහිටි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ සහ මිනිස් ජාවාරම් මර්දන ඒකකයේ නිලධාරීන් දවසේ පැය 24 පුරා සීරුවෙන් තබා තිබුණි.

චීනයේ විවිධ නගරවල සිට පැමිණෙන ගුවන් යානා පිළිබඳව මෙම නිලධාරීන් සිය අවධානය යොමු කළද, ඒ සියලු දෙනා මවිතයට පත්කරමින් මෙම චීන ජාතිකයා 11/01 දින සවස 2.45ට කටුනායක ගුවන් තොටුෙපාළ වෙත පැමිණියේ මැදපෙරදිග අබුඩාබි නුවර සිට පැමිණි එටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. - 264 දරන ගුවන් යානයෙනි. ගුවන් තොටුෙපාළ ආගමන විගමන නිලධාරීන්ට මෙය මවිතයට කරුණක් වුවත්, ඔහු පිළිබඳ තොරතුරු මෙන්ම ඔහුගේ ජායාරූපද ඒ වනවිටත් කටුනායක ගුවන් තොටුෙපාළ මෙම නිලධාරීන් වෙත ලැබී තිබුණි. කොතරම් නිවැරදි තොරතුරු ලැබී තිබුණේද යත්, ඔහු අබුඩාබි ගුවන් තොටුෙපාළ තුළ සිටින දර්ශන සහිත ජායාරූපද ඒ අතර විය.

ඔවුන් එම තොරතුරු මෙන්ම ඔහුගේ ජායාරූපද හොඳින් අධ්‍යයන කර තිබූ නිසා මෙන්ම ඔහු අබුඩාබි ගුවන් තොටුෙපාළේදී හැඳ සිටි ඇඳුම්, මේ ගුවන් තොටුෙපාළ තුළටද ඇඳගෙන පැමිණි නිසා ඔහු කටුනායක ගුවන් තොටුෙපාළ ආගමන කවුළුව වෙත පැමිණි සැණින් හඳුනාගන්නට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සමත්වූහ.

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ජනප්‍රිය සේම, චීනයේ ජනප්‍රිය වී පවතින්නේ වී - චැට් නැමැති සමාජ මාධ්‍ය ජාලයයි. වෑන් ඩොන්ග් මෙහි ගිණුමක් පවත්වා ගෙන යනු ලබන අතර එය චීනයේ සුරූපී තරුණියකගේ රුව යොදා සකස්කර තිබේ. ඊට අමතරව එම ගිණුම හා සම්බන්ධ වන අයට මිහිරි කාන්තා කටහඬකින් ආමන්ත්‍රණය කිරීමට වෑන් ඩොන්ග් අවශ්‍ය කටයුතු යොදා තිබේ. මූලික වශයෙන් ඒ මගින් මෙම ගිණුම සමඟ සම්බන්ධ වන දකුණු ආසියානු කලාපයේ තරැණියන් රවටාගෙන සමීප කර ගැනීමට පහසු උගුලක් මෙම ගිණුම තුළ ක්‍රියාත්මක කර තිබේ.

මුලින්ම මෙම ගිණුම ඔස්සේ සම්බන්ධ වන තරුණියන් සමඟ ඉතා කුළුපග සේ කථා කරමින් මිතුරු වන වෑන් ඩොන්ග්, පසුව දින කීපයක් තුළ ක්‍රමානුකූලව විශ්වාසය තහවුරු කර ගැනීමට අවශ්‍ය වටපිටාවද සකස් කරයි. ඉන්පසුව ඔහුගේ තුන්වැනි පියවර වන්නේ, ඔහු යෝජනා කරනු ලබන්නේ, චීනයේ ඉතා ඉහළ වැටුප් හිමිවන, උසස් රැකියා ඕනෑතරම් තිබෙන හෙයින් තමන් සමඟ සම්බන්ධ වෙමින් චීනය වෙත පැමිණෙන ලෙස දැනුම් දීමයි.

එහිදී මෙම තරුණියන් කෙළින්ම චීනය වෙත ගෙන්වා නොගෙන, අබුඩාබි හරහා ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළද සූක්ෂම ආකාරයට සකස් කිරීමටද වෑන් පියවර සූදානම් කරයි. ඒ අනුව අබුඩාබි ඔස්සේ චීනය වෙත ළඟාවන දකුණු ආසියානු තරුණියන්, වෑන් ඩොන්ග් ජාවාරම්කරුවන් වෙත රිසිසේ විකුණා දමන්නේද රහසිගතවය. වෑන් ඩොන්ග් කටුනායක ගුවන් තොටුෙපාළ වෙත එදින පැමිණ සිටියේද වැඩි ගමන්මලු ප්‍රමාණයක් රැගෙන නොවීමද විශේෂත්වයකි. ඔහුගේ අත් බෑගයට අමතරව, තවත් කරේ එල්ලාගත් කුඩා බෑගයක් හැරෙන්නට වෙනත් අමතර ගමන් මලු කිසිවක් ඔහු රැගෙන විත් නොතිබුණේය.

කටුනායක ගුවන් තොටුෙපාළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණි වෑන් ඩොන්ග්, වහා අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම් මර්දන ඒකකයේ සහ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීහු වහාම ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළහ. ඒ අතර තවත් නිලධාරීන් පිරිසක් ඔහු රුගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කරන්නට විය. ඔහුගේ ජංගම දුරකථන අතිරේක විදුලි ගබඩාව (Power Bank) සහ ඔහුගේ ජංගම දුරකථනය එහි විය. එම ජංගම දුරකථනය ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුව මෙන් විය. එහි වී - චැට් සමාජ මාධ්‍ය ජාලය මගින් සිදුකළ සංවාද දහස් ගණනාවක් විය.

ඒ තුළ දකුණු ආසියානු කලාපයේ තරුණියන් දහස් ගණනකගේ තොරතුරු වූ අතර, ඒ අතර එක් ශ්‍රී ලාංකික තරුණියක හා සමඟ කළ අදහස් හුවමාරු ඇතුළත් පණිවිඩ රාශියක්ද විය. ඒවා වැඩිදුරටත් විශ්ලේෂණය සහ අධීක්ෂණය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඇය සම්බන්ධ කර ගැනීමට බලවත් ප්‍රයත්නයක් දරන්නට විය. ඔහුගේ ජංගම දුරකථනය තවදුරටත් විශ්ලේෂණය කර බලත්දී ඒ තුළ පාකිස්තානු ජාතික තරුණියන් සිය ගණනක් සමඟ කළ සංවාද සටහන් ද තිබී සොයාගන්නට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සමත් වී සිටියහ. ඒ අනුව එම නිලධාරීන් මෙම නිලධාරීන් වෑන් ඩොන්ග් ගෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඔහු මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලාංකික තරුණියන් පිරිසක්ද අබුඩාබි හරහා චීනය වෙත රැගෙන යෑමේ ප්‍රයත්නයක් සඳහාද අනාවරණය කර ගැනීම සඳහාය.

මේ තත්වය මත මෙම චීන ජාතික වෑන් ඩොන්ග් ශ්‍රී ලංකාව තුළට ගතයුතු පුද්ගලයකු නොවන බවට තීරණය කළ ගුවන් තොටුෙපාළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු අබුඩාබි නුවර වෙත පිටුවහල් කිරීමට තීරණය කළේ මෙරට තරුණියන් දහස් ගණනකගේ ජීවිත බේරා දෙමිනි. මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුෙපාළ ආගමන විගමන දෙපාර්තමේන්තු සහකාර පාලක සුජීව රත්නායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඩී.ඒ.එස්. දෙහිවත්ත,  ටී.එච්. රත්නායක, ආර්.ආර්.ජී.බී. රණසිංහ සහ පී.පී. අලුත්ගේ යන මහත්වරැන් විසින් සිදු කර තිබුණි.

කටුනායක ටී.කේ.ජී. කපිල