Gall face mall එකේ food studio එක කා අතරත් ජනප්‍රියයි. ඉතින් food studio එකේ Cheesy Heads Colombo වෙත පිවිසෙන්න මම මෙවර තීරණය කළා. චීස්වලට ආදරය කරන ඔබට මෙය නම් අපූරු තැනක් වේවි.
ගොඩක් කාලයක ඉඳන් ආහාර වෙළෙඳාමට එකතු වෙන්න හිතාගෙන හිටපු රසික දොඩංවෙල, ඩෙල්වින් ජොඑල්, ඔෂාන් සමරනායක කියන අය තමයි Cheesy Heads පටන් ගත්තෙ. කොයි කවුරුත් කැමැති චීස් වගේ මිල අධික දෙයක් තමන්ගේ ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට තෝරාගැනීම මුලදී නම් ඔවුන්ට අභියෝගයක් වෙලා. නමුත් Chef Dush Ratnayeka සමඟ උසස් තත්ත්වයේ සිත් ඇදගන්නා නව වට්ටෝරු නිර්මාණය නිසා ගැටලු විසඳගන්න හැකිවෙලා තියෙනවා.
ඔවුන්ගේ වඩාත්ම අලෙවි වන ජනප්‍රියම ආහාරය තමයි The smokey mac and cheese. නමුත් ඔවුන් වඩාත්ම නිර්දේශ කරන්නෙ the Cheeseburger. මා වෙනුවෙන් තෝරා දුන්නෙ නම් cheeseburger, belgian frites, mac and cheese smokey. චීස්වලට ආදරය කරන ඔබට මෙය දිව්‍යමය ආහාරවේලකි.
ඔවුන් ළඟදීම veg burger එකකුත් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි තව තවත් cheese වලින් නිර්මාණශීලී රසවත් ආහාර වට්ටෝරු තිළිණ කරන්නත් ඔවුන් සූදානම්. ඉතින් cheese lovers ලා food studio එකේ Cheesy heads Colombo වෙත නොගියොත් අඩුපාඩුවක් වේවි.
I ධනූ