12 වැනි සියවසේ පමණ ඉදිවූ බවට සැලකෙන ගිරිතලේ වැව අද වන විට පරිසරයට ළැදි සංචාරකයන්ගේ සිත් දිනාගත් ගමනාන්තයකි. ගිරිතලය නිල්වන් ජලාශයේ පුළුල් දසුන් නෙත ගැටෙන ප්‍රදේශයේ මූලික සංචාරක මධ්‍යස්ථානය නම් Giritale Hotel ය.
නවීකරණයෙන් අනතුරුව තරු පන්තියේ හෝටලයක් ලෙස ඔවුහු නව සංචාරකයන් පිළිගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිති. මුළු කාමර 42න් 22ක්ම තරු හතරේ මට්ටමට නවීකරණය කර ඇති අතර ඒවා super luxury rooms නම් වේ. අනෙකුත් කාමර Luxury deluxe rooms සහ Standard rooms වන අතර සියල්ලම Satellite TV, IDD පහසුකම්, WIFI, උණු සහ ශීත ජලය, safety locker, hair dryer, ironing board, mini bar සහ tea/ coffee makers ආදී පහසුකම්වලින් අංගසම්පූර්ණ වේ.
හෝටලයේ ප්‍රධාන අවන්හලේ සිට අංශක 180 දසුනකින් ගිරිතලේ වැව නරඹමින් පළපුරුදු සූපවේදීන් අතින් නිමැවුණු Western, Eastern, Chinese, Indian ආදී වූ කැමැති ආහාරවේලක් රස විඳින්නට සංචාරකයන් හට අවස්ථාව සැලසෙයි.
එමෙන්ම නවීකරණය කරන ලද Spa, banquet hall, නාන තටාකය, කුඩා දරුවන්ට වෙන් කෙරෙන ප්‍රදේශය සහ මුළුතැන්ගෙය සමඟ සංචාරකයන්ට වඩාත් උසස් මට්ටමේ සේවාවක් සපයන්නට Giritale හෝටලයට අවස්ථාව සැලසී ඇත. විශේෂයෙන්ම පවුලේ නිවාඩුවකට, මංගල දිනයට, ස්වභාවික පරිසරය රස විඳින්නට කැමති සංචාරකයන් හට මෙන්ම මධුසමය ගත කරන්නටත් අපූරු නවාතැනකි.
Giritale hotel හි ලැගුම් ගන්නා ඔබට Cycling, trekking, catamaran rides, lake fishing, safari, village tours, hot air ballooning, canoeing ආදී ක්‍රියාකාරකම්වල නිරත වෙන්නත්, ගල් විහාරය ඇතුළු ආගමික ස්ථාන වැඳපුදා ගන්නත් හැකියාව ලැබේවි. ඒ වගේම අවශ්‍ය නම් පාසිකුඩා, මඩකලපුව, ත්‍රිකුණාමලය සංචාර සැලසුම් කර දෙන්නත් ඔවුහු සූදානමින් සිටිති. ගිරිතලේ වැව් ඉස්මත්තේ සුන්දර නිවාඩුවකට Giritale hotel ඔබටත් අපූරැ අත්දැකීමක් වේවි.
නවීකරණවලට සමගාමීව ඔවුන් ආරම්භ කළ www.giritalehotel.com වෙත පිවිස වැඩිදුර තොරතුරැ දැනගැනීමේ හැකියාව ද ඔබට හිමිය.
සනත් වීරසූරිය
සේයාරූ I ශාන් බන්දු