පසුගිය කාලවලදී බෝග වගාවන්ට වින කළ සේනා දළඹුවා මුළුමනින්ම රටින් තුරන් කිරීමට තව කාලයක් ගතවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ආවේණික නොවුණ මෙම භයානක දළඹු විශේෂය මුල්වරට හඳුනාගන්නා ලද්දේ 2016 වසරේදී අමෙරිකාවෙනි. පසුව අප්‍රිකාව කරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වුණ මෙම දළඹු විශේෂය එතැන් සිට යුරෝපීය රටවල් කරාද ආසියානු වේගයෙන් සංක්‍රමණය කළේය. මේ අනුව එතැන් සිට ගෙවුණු වසර තුන ඇතුළතදී සේනා දළඹුවා ඉන්දියාවට හා ශ්‍රී ලංකාවටත් සංක්‍රමණය විය.
සේනා දළඹුවා එක්වරකට බිත්තර සියයත් - දහසත් අතර ප්‍රමාණයක් දැමීමෙන් ඉතා ඉක්මණින් වර්ධනය වීමක් දක්නට ලැබේ. එමෙන්ම බොහෝ විට රාත්‍රී කාලයේදී කිලෝමීටර් සියයකට ආසන්න දුර ප්‍රමාණයක් එම සළබයාට පියඹා යාමට හැකිවීමත් මෙම වර්ධනයත්, ව්‍යාප්ත වීමටත් හේතුව වේ. බොහෝ වෙලාවට සේනා දළඹුවා රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී දළඹුවකු වන අතර දහවල් කාලයේදී ගස්වල ගොබය ආශ්‍රිතව සැඟව සිටීම දක්නට ඇත.
සුහුඹුලා දමන බිත්තර දින තුනක් ඇතුළතදී පුපුරා සේනා දළඹුවා බිහිවීම සිදුවේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වූ ආක්‍රමණශීලීම දළඹුවා ලෙස සේනා දළඹුවා හැඳින්විය හැක.
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසන පරිදි සේනා දළඹුවා බෝග වර්ග අසූවකට අධික සංඛ්‍යාවකට හානිකරන පළිබෝධකයකු ලෙස හැඳින්වේ. එයින්ද වැඩි වශයෙන් හානි සිදුකරනු ලබන්නේ බඩඉරිඟු, තිරිඟු හා වී වැනි බෝගයන්ටය. සිහින් මකුළු දැලක් වැනි කෙඳිති භාවිත කරමින් එක් ශාකයක සිට තවත් ශාකයක් වෙත ගමන් කරලීමේ හැකියාවක් තිබීමද ඉතා ඉක්මණින් බෝග විනාශකරලීමට හේතුවක් වේ.
අමෙරිකාවෙන් ගමන් ඇරඹූ මෙම සේනා දළඹු විශේෂය ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් සොයාගනු ලැබුවේ මොණරාගල දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එතැන් සිට මෙය මොණරාගල දිස්ත්‍රික්කය සෙසු බොහෝ ප්‍රදේශවලටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයට, පොලොන්නරැව දිස්ත්‍රික්කයටත්, බදුල්ල දිස්ත්‍රික්කයටත් ක්‍රමයෙන් වර්ධනය විය. දමන ප්‍රදේශය ඇතුළු මේ බොහෝ උවදුරැ දක්නට ලැබුණේ බඩඉරිඟු වගාවන්වලදීය. මේ නිසාම පසුගිය කාලයේදී සේනා දළඹුවා නිසා බොහෝ වගාවන් දැඩි ලෙස විනාශ විය. බඩඉරිඟුවලට හානි කරවූ මෙම සේනා දළඹුවා එතැන් සිට ලංකාවේ උක් වගාවට, රටකජු වගාවට, ගොයමට මෙන්ම ඇතැම් එළවළු වගාවන්වලටද හානි සිදුකරලීය.
සේනා දළඹුවා බොහෝ විට දවසේ වැඩි කාලයක් ගත කරනු ලබන්නේ ශාකයේ ගොබය තුළය. මේ නිසාම සැඟවී ඉතා ඉක්මණින් ශාඛයේ ලපටි කොටස්, අංකුර, දළු මෙන්ම නොමේරෑ බීජ කා දමයි. ඕනෑම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව සේනා දළඹුවා සතුව පවතී. බඩඉරිඟු වැනි බෝගවල ඇති පත්‍රවල විශාල බිත්තර පොකුරක් එකවර දමන සේනා දළඹුවා ඒවා නෙපෙනෙන ලෙස වසා දැමීමටත් දක්ෂ වෙති. මේ නිසාම කුරැල්ලන් වැනි උන් කා දමන සතුන්ට මෙම දළඹු විශේෂය තවමත් සොයාගැනීමේ හැකියාව නැත. මේ නිසා පසුගිය කාලවලදී රටේ දිස්ත්‍රික්ක බොහෝමයක් මෙම සේනා දළඹුවාගෙන් පීඩා වින්දේය. ඒ අතර අම්පාර දිස්ත්‍රික්කයද ප්‍රමුඛස්ථානය ගත්තේය.
අද වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ සේනා දළඹුවා යම් මර්දනයක් සිදුව තිබෙනවා. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙහෙයවීමෙන් ජාතික වශයෙන් මෙයට මැදිහත්ව කටයුතු කිරීම හේතුවෙන් සේනා දළඹුවා යම් ආකාරයකට මැඩ පවත්වාගෙන තිබෙනවා. කෘෂිකර්ම සංවිධානය මේ සම්බන්ධව උදව් හා අදහස් අනුව Farm Field School නමින් වැඩසටහනක් පවත්වා දිවයින පුරා මෙම උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන් යම් උපදෙස් මාලාවක් ක්ෂේත්‍ර නිලධාරීන්ට මේ වැඩසටහන හරහා ලබාගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙය මේ වනවිටත් සිදුවෙනවා. නමුත් අද වනවිට සේනා දළඹුවා යම් තරමකට මර්දනය වෙලා තියෙනවා. යැයි අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස්.ඒ. කලීස් මහතා දේශයට පැවසීය.
සේනා දළඹු හානිය වසංගතයක් ලෙස වර්ධනය වුවහොත් එය මර්දනය සඳහා පළිබෝධ නාශක වර්ග පහක් ආනයනය කර ගබඩා කර ඇති බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පවසයි. 26/9/2020 මාස් කන්නයේ බඩඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් 5%ක් පමණ හානියක් පවතින නමුත් මෙය වසංගයක් ලෙස පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, බඩඉරිඟු වගාවේදී ගොවීන් නිරන්තරයෙන් පරීක්ෂා කර දළඹුවන් හඳුනාගෙන විනාශ කළ යුතු බවත් අනුර විජේතුංග මහතා අවධාරණය කරයි.
යම් රටකින් මෙම දළඹුවා සම්පූර්ණයෙන්ම මර්දනය කළද යළි පැමිණීමේ අවදානමක් පවතී. විශේෂයෙන් ආසන්න රටක් තුළ දළඹු විශේෂය පවතී නම් එම රටින් මෙය නැවතත් ව්‍යාප්ත වීමේ අවදානම පවතී. මේ නිසා සේනා දළඹු උවදුර නැවතත් රට තුළ පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුබිම් වාර්ථා -
තිලක් ජයවර්ධන - පල්ලේපොළ
සටහන
දිශානි ජයමාලි කරැණාරත්න