ජීවිතයේ ප්‍රමෝදය යන්න කුමක්දැයි අප සැමට නිරන්තරයෙන් සිතන දෙයකි. මේ ප්‍රමෝදය සොයායන අපූරු මඟක් ගැන පසුගියදා කුඩගම්මන සීලරතන හිමි සිංහලට පරිවර්තනය කළ “ප්‍රමුදිත ජීවිතයත් (The Book of Joy) කෘතියේ අන්තර්ගතය. අමෙරිකාවේ වැඩියෙන්ම අලෙවිවන පොත් අතරට එක්වූ මේ කෘතියේ කතුවරයා ඩග්ලස් ආබ්‍රහම්ස්ය.
වෙනස් වන ලෝකය තුළ නොවෙනස් වන ප්‍රබෝධවත් සිතක් පවත්වා ගන්නා ආකාරය විග්‍රහ කරන මෙම කෘතිය ලියැවී තිබෙන්නේ අතිපූජ්‍ය දලයි ලාමා සහ දකුණු අප්‍රිකාවේ අගරදගුරැ ඩෙස්මන් ට්‍රටූ සමඟ කළ සංවාද හරහාය. සංවාද පැවැත්වෙන්නේ දැනට දලයි ලාමාතුමා ජීවත් වන ඉන්දියාවේ ධර්මසාලාහිදීය. ඩෙස්මන් ටූටූ ඒ සඳහා සහභාගීවීමට දකුණු අප්‍රිකාවේ සිට ගුවන් මගින් පැමිණේ ප්‍රමෝදයට ඇරියුම නමින් ෙපරවදන ලියන්නේ ලාමාතුමා සහ ටූටූ පියතුමා යන දෙදෙනාමය. එය බුදුදහම සහ කිතුදහම එක්වූ තැනකි. සෑම ආගමකටම අවශ්‍ය මිනිස් සන්තානයට ප්‍රීතිය ළඟාකරවීම බව එහිදී පසක්වෙයි. ප්‍රමෝදය කිසියම් ඉලක්කයක් හඹා යාමෙන් සපුරා ගැනුණු එකක් නම් එය වැඩිකල් පවතින එකක් නොවනු ඇත. භාග්‍යය හෝ යසස මත හෝ නොරුඳෙන මිනිස් මනසෙහි සහ හදවතෙහි රුඳෙන එය මෙහි ඇතුළත්ය. අපේ පැතුම එය ඔබ සොයා යනු ඇති බවයි. (පෙරවදන)
මෙම ආගමික නායකයෝ දෙදෙනා සතියක් මුළුල්ලේ සාකච්ඡා පවත්වති. ඒ සියල්ල රූපගත කෙරේ. පසුව ඩග්ලස් එය අපූරැ භාෂාවකින් කෘතියක් බවට පත්කරයි. සීලරතන හිමියන් එය සරල බස්වහරකින් සිංහලට පෙරළයි. “සතිය මුළුල්ලේ අගරදගුරැතුමන් පැවසූ පරිදි ප්‍රමෝදය ප්‍රීතිවීමට වඩා විශාලය. ප්‍රීතිය හැමවිටම පරිබාහිර සාධක මත යැපෙන්නක් වන අතර ප්‍රමෝදය එසේ නොවේ. දළයි ලාමාගේ මෙන්ම අගදරගුරැතුමන්ගේ වැටහීමට අනුව බුද්ධිය සහ හදවතට සම්බන්ධ මෙම තත්ත්වය ඒ දෙකට ඉතාමත් සමීපය. අපේ ජීවිත ප්‍රාණවත්ව තබන සහනය ආත්ම තෘප්තියට සහ ජීවිතයේ අර්ථවත්භාවයට මඟ පෙන්වයි. (4 පිට)
මෙම අධ්‍යාත්මික නායකයන් දෙපළට ඔවුන්ගේ සම්ප්‍රදායන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන බව ප්‍රමුදිත ජීවිතයක් කෘතිය කියවන විට අපට වැටහේ.
ඔවුන් දෙපළ අපට විස්තර කරන්නේ ගැඹුරැ සතුටකි. එය අත්පත් කර ගැනීම ලේසි නැත. හිරිහර, අනෙක විධි ගැටලු, මර්දනය අප ගොදුරැ කර ගෙනය. මේ නිසා සිත තුළම සැඟවුණු කිසිදු මිලක් වැය නොවන සතුට සැඟවී පවතී. ප්‍රමුදිත ජීවිතයක් විදර්ශන ප්‍රකාශනයකි.
- පාඨක