2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

පාරිසරික සංචාරක ගමනාන්ත සංචාර ජනප්‍රිය කරවීම

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

ශ්‍රී ලංකා පාරිසරික පදනම (SLEF) මේ වසරේදී සිය 21 වැනි සංවත්සරය සමරනවා. ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජාතික පරිසර සංචාරක සංවිධානය ලෙස 1988 වසරේ පටන් දශක 2කට වැඩි කාලයක් පුරා ඔවුන් කළ සේවය අපමණයි.
SLES සහ ආසිය පැසිපික් කලාපීය පරිසර සංචාරක කවුන්සලයේ (APREC) හී සභාපති පාලිත ගුරුසිංහ මහතාගේ නායකත්වයෙන් සාර්ථකත්වය කරා යන ඔවුන්ගේ ඉදිරි ගමනට ජාත්‍යන්තර පරිසර සංචාරක සංගමය විසින්ද සුභපතනු ලැබුවා.

ඔවුන්ගේ ප්‍රධාන අරමුණ පරිසරය ආරක්ෂා කරන අතරතුර පාරිසරික සංචාරක ගමනාන්ත සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමත් ඒ තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමත් තමයි. ඒ නිසාම නිරන්තරයෙන්ම පාරිසරික සංරක්ෂණය ව්‍යාපෘති සහ සංචාරක ගමනාන්ත අවට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති කෙරෙහි ඔවුන් වඩාත් අවධානය දක්වනවා. දේශීය විදේශීය රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, පර් යේෂකයන්, කථිකාචාර්යවරුන්, විශ්වවිද්‍යාල සිසුන්, සංචාරක ව්‍යාපාර, මාධ්‍ය ඇතුළු බොහෝ දෙනෙක් මේ කියාන්විතයට දායක වී සිටිනවා. ඔවුන් සමග එක්ව සම්මන්ත්‍රණ, වැඩමුළු, ප්‍රජා පුහුණු වැඩසටහන්, ක්ෂේත්‍ර චාරිකා, ප්‍රවර්ධන වැඩසටහන් ආදී බොහෝ දෑ ක්‍රියාත්මක කරමින් තිරසාර සංවර්ධන වෑයමට SLEF එක්ව සිටිනවා.

දේශීය සංස්කෘතික අනන්‍යතාව හා පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කරමින් ඒ තුළින් ලෝකය දිනන්නට අතහිත දෙන SLEF හී 21 වසරක ජයග්‍රාහී ගමනත් අනාගතයටත් එක සිතින් සුභපතමු.

 සනත් වීරසූරිය