රටක මාර්ග පද්ධතිය දියුණු කෙරෙද්දී මාර්ග අනතුරැ බහුලව සිදුවේ. එය සෑම රටකටම පොදු ධර්මතාවයකි. ශ්‍රී ලංකාව සැලකෙන්නේ මාර්ග අනතුරැ බහුල රටක් හැටියටය. මෙරට රථවාහන පොලීසියට දිනපතාම පාහේ බරපතළ අනතුරැවලට මුහුණ දෙන වාහන සහ ජනතාව මුණ ගැසීම සුලබ කරැණක් වී තිබේ. දිවයින පුරා පසුගිය කාලයේදී සිදුවූ මාර්ග අනතුරැ පිළිබඳව සලකා බැලීමේදී අධික වේගය, තෙහෙට්ටු සහ නින්දයාමත්, බීමතින් රිය පැදවීමත් ප්‍රධාන හේතු බව අනාවරණය වී ඇත.
රියැදුරන්ට කොපමණ උපදෙස් දුන්නද, අවවාද කෙරැණද රට පුරා සිදුවන රිය අනතුරැ දිනෙන් දින ඉහළ නගිමින් පවතී. මේවායින් බොහොමයක් මාරක රිය අනතුරැය. මෙවැනි මාරක අනතුරැවලින් අහිමිවන්නේ ජීවිත එකක් දෙකක් නොව පවුල් පිටින්ය. පසුගිය කාලයේදී එවැනි අවාසනාවන්ත රිය අනතුරැ රුසක්ම දිවයිනේ සෑම දිසාවකින්ම වාර්තා විය.
මේ අනතුරැ වළක්වා ගැනීමට රථවාහන පොලීසිය බොහෝ වෙහෙස වී කටයුතු කරයි. විවිධ පියවරද ගනී. ඒ අතරින් පසුගිය දිනක මාවතගමදී සිදුවූ අපූරැ සිදුවීමක් දෙස කාගෙත් අවධානය යොමුවී තිබේ. එනම් රිය අනතුරැ බහුලව සිදුවූ ස්ථානයක පිරිත් දේශනා කොට පිරිතේ ආශිර්වාදයෙන් රිය අනතුරැ අවම කර ගැනීමට පිහිට පැතීමය.
මේය සිදුවූයේ මාරක රිය අනතුරැ රුසක්ම සිදුවන දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රසිද්ධ කුරැණෑගල මාවත ගම ප්‍රධාන පාර අසළය.
පසුගිය වකවානුවේදී දිවයිනේ මාරක රිය අනතුරැ වැඩියෙන්ම සිදුවූ මාර්ග කොටසක් ලෙස තුල්හිරියේ සිට ගොකරුල්ල දක්වාවූ මාර්ග කොටස සැලකුණි.
ඒ ආකාරයෙන්ම මේ වන විට කුරැණෑගල සිට මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවතගම දක්වා වන මාර්ග කොටසද බහුලව රිය අනතුරැ වාර්තාවන පෙදෙස් බවට පත්ව තිබිණි. පසුගිය කාලයේ එකදිගට මෙහි රිය අනතුරැ වාර්තා විය.
මේ අනතුරැවලින් යතුරැ පැදිකරැවෝ දෙදෙනකු මරැමුවට පත්ව තවත් කීපදෙනෙක්ම බරපතල තුවාල ලැබූහ. එම අනතුරැවලින් යතුරැ පැදි, මෝටර් රථ, ලොරි, බස්රථ පමණක් නොව පාපැදිවලටද හානි සිදුවිය.
මෙම අනතුරැවල විශේෂත්වය වූයේ මාවතගම සිට කුරැණෑගල දක්වා වන මාර්ගයේ එක්තරා කොටසකදී පමණක් මෙම අනතුරැ සියල්ලම සිදුවීමය. හරියටම කිවහොත් එම මාර්ග කොටස කිලෝමීටර් ගණනාවක් නොව මීටර් පන්සියයක දුරකින් යුක්ත වීම විශේෂත්වයකි. එක අතකට එය විස්මිත කරැණකි.
පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය පෙනෙන තෙක් මානයේ වූ ද්විත්ව වංගුවක් සහිත කොටසක් ගෙවී ගිය මාසයක කාලයකදී නොකඩවාම මේ මාරක රිය අනතුරැ සියල්ල වාර්තා වී ඇත. ද්විත්ව වංගුවක් සහිත වුවද ඉතා පැහැදිලිව ඉදිරිය පෙනෙන ස්ථානයක මේ ආකාරයට නොකඩවාම රිය අනතුරැ සිදුවන්නේ ඇයිද යන්න මාවතගම පොලීසියටද බරපතළ ප්‍රශ්නයක් විය.
මෙම කොටසේ රියැදුරන් අධික වේගයෙන් රිය ධාවනය කරවීම පරීක්ෂාවට ලක්කිරීම සඳහා පැය විසිහතර මුළුල්ලේ රථවාහන අංශයේ නිලධාරීන් යොදවා තිබුණේ අනතුරැවල අඩුවීමක් නොමැතිවූ බව මාවතගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් සුබසිංහ මහතා පැවසීය.
&දිගින් දිගටම එකම ස්ථානයක මේ ආකාරයට නොකඩවාම රිය අනතුරැ සිදුවීම අපිට බරපතළ ප්‍රශ්නයක් වුණා කිසිම වාහනයක හැපෙන්නේ නැතිව යතුරැ පැදියක ගිය පුද්ගලයෙක් යතුරැ පැදිය මාර්ගයෙන් ඉවතට පැනලා ඔහුගේ කොන්ද කැඩුණා. මේ ස්ථානයේ මාර්ගය අයිනේ වෙළෙඳාම් කරන පුද්ගයකු කීවා මාර්ගයේ ධාවනය වුණු වාහන කීපයක්ම ඔහු සිටින දෙසට ධාවනය වූ බව. ඔහු අනූනවයෙන් ජීවිතය ගලවා ගත් බවත් කීවා.*
&මේ අනතුරැ දුටු බොහෝ දෙනෙකු පැවසුවේ එකම ස්ථානයක නොකඩවාම රිය අනතුරැ සිදුවන්නේ එම ස්ථානයේ කිසියම් භූමි දෝෂයක් පැවතිය හැකි නිසා කියලයි. ඒ බව මටත් වැටහුණා. ඒ අනුව තමයි අපේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරි මහතාගෙන් සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසලා අනතුරැ සිදුවන ස්ථානයේ සෙත් පිරිතක් සජ්ජායනයක් කරවලා ආශිර්වාද කිරීමට තීරණය කළේ* සුබසිංහ මහතා මෙම කටයුත්තේ අරමුණ විස්තර කළේය.
ඒ අනුව පසුගියදා බෝධිමළු විහාරාධිකාරි හුණුපෙළ සරණපාල හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු වැඩම කොට එම ස්ථානයේ පැයකට ආසන්න කාලයක් පිරිත් සජ්ජායනය කරවා ආශිර්වාද පැතීම සිදුකෙරිණි. පිරිත් සජ්ජායනයෙන් අනතුරැව ආශිර්වාද කරන ලද පිරිත් පැන් අනතුරැ සිදුවන බව පැවසෙන මාර්ග කොටසට ඉසීම සිදුකරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ හුණුපොළ සරණපාල හිමියෝ ප්‍රකාශ කළේ භූමිදෝෂ මඟින් මෙසේ විපත් ගෙනදෙන බවය. මෙම ස්ථානයේ නොකඩවාම රිය අනතුරැ සිදුවීමට එවැනි භූමිදෝෂයක් බලපානු ඇතිබවද, සෙත් පිරිතෙන් එවැනි භූමිදෝෂ වළක්වාලීම සඳහා ආශිර්වාද කළ හැකි බවද උන්වහන්සේ පැවසූහ.
&සෙත් පිරිතේ පුදුමාකාර බලයක් තිබෙනවා. අතීතයේ සිට වර්තමානය දක්වාම සෙත් පිරිත් සජ්ජායනයෙන් ආශිර්වාද කොට විවිධ විපත් අවස්ථාවලට විසඳුම් ලබාදුන් අවස්ථා අනන්තවත් තිබෙනවා.* යැයිද සරණපාල හිමියේ පැවසූහ.
මෙරට විසූ ප්‍රකට ගායිකාවක මෙන්ම ජනහද බැඳගත් සිනමා නිළියක වූ රැක්මනී දේවි මහත්මිය මාරක රිය අනතුරකට ගොදුරැව මිය ගිය කොළඹ මීගමුව මාර්ගයේ ජාඇළ තුඩැල්ල මංසන්ධියේද මේ ආකාරයෙන්ම එක්තරා කාලයක බහුලව රිය අනතුරැ සිදුවූ ස්ථානයක් ලෙස ප්රකටව පැවතුණි.
මුළු රටම කම්පා කළ එම මාරක අනතුරෙන් පසුව එම ස්ථානයට බලපා තිබූ භූත දෝෂයක් හේතුවෙන් නිතරම රිය අනතුරැ සිදුවන බව බොහෝ දෙනකුගේ අදහස විය.
එම අදහස සමාජය තුළ කෙතරම් ප්රබලව පැතිර ගියාදැයි කිවහොත් එම ස්ථානයට ආගම් භේදයකින් තොරව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සේම, කතෝලික පූජකවරැන්ද පැමිණ ආශිර්වාද කිරීම් සිදුකළ බව පැවසේ. කෙසේ හෝ ඉන් අනතුරැව එම ස්ථානයේ අනතුරැ සිදුවීම නැවතුණු බවද කියති.
මෙවැනි දේ රිය අනතුරැ වැළැක්වීමට හේතු වේ දැයි මෙම සිදුවීම දුටු සහ ඇසූ ඇතමෙක් ප්‍රශ්න කළහ. ඔවුන්ගේ අදහස එය විය හැකිය. නමුත් බෞද්ධ රටක් වන අප රටේ පිරිතෙහි පවතින බලගතු ආශිර්වාදය පිළිබඳව බොහෝ දෙනා දැඩි ලෙස විශ්වාස කරති.
එසේම වර්තමානයේ මෙරට මාර්ග සංවර්ධනය කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදනු ලබන මාර්ග සළකුණුද මාර්ග අනතුරැවලට ඇතැම්විට බලපා තිබෙන බව පෙන්වා දිය යුතුය. මෙම මාර්ග සලකුණු යෙදිය යුතු වන්නේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයද සම්බන්ධ කරගනිමින් රථ වාහන කමිටුවේ නිර්දේශය මත වුවද, අද වනවිට එවැනි සලකුණු යොදන්නේ මාර්ගයේ සංවර්ධන කොන්ත්‍රාත්තුව භාර සමාගමේ සේවය කරන සේවකයන්ට අවශ්‍ය පරිදිය. මේ ආකාරයට යොදන ලද වැරුදි ආකාරයේ කහ ඉරි, සුදු ඉරි ආදිය දිවයිනේ බොහෝ ස්ථානවලදී දැකගැනීමට පුළුවන.
මාවතගම පොලිසියේ රථ වාහන අංශය පවසන ආකාරයට එම ස්ථානයේ අනතුරැ සිදුවීමටද මාර්ගයේ යොදන ලද වැරුදි මාර්ග සලකුණු එක් හේතුවකි. ද්විත්ව වංගුවක් සහිත මෙම කොටසට නොබෙදුණු තනි සුදු ඉරක් මාර්ගය හරි මැදින් යෙදිය යුතු වුවද එහි කැඩි ඉරි යොදා තිබීමෙන් රථ වාහන එකිනෙකට ඉස්සර කිරීමට යාමේදීද අනතුරැ සිදුවන බවද පොලිසිය කියයි.
කෙසේවුවද මාර්ගයේ ස්වභාවය හඳුනාගෙන ආරක්ෂාකාරීව රිය පැදවීම තමන්ගේ සේම අනුන්ගේ ජීවිතද රුකගැනීමට හේතුවන බව රියදුරන් තේරැම් ගැනීම සියල්ලටම වඩා අවශ්‍යය.
කතාව හා සේයාරෑ - පුෂ්පකුමාර ජයරත්න