ලංකාව සුන්දර වෙරළ තීරයකින් වටවුණු පුංචි දූපතක් වුණත් නිවාඩුවක් ගතකරන්න වෙරළට යන්න ඕනම නෑ. ඇල්ල කියන්නෙ රට මධ්‍යයේ නිවාඩුවක් ගතකරන්න අපූරු තැනක්. මුහුදු මට්ටමින් අඩි 3150ක් උසින් ඌව පළාතේ දකුණු මායිමේ කඳුබෑවුමක පිහිටා තිබෙන ගම්මානය සංචාරකයන් අතර දැනටමත් බොහෝ ජනප්‍රියයි.
ඇල්ලට ඇදී එන සංචාරකයන්ට පහසුකම් සපයන සංචාරක ව්‍යාපාරය අතරට එකතුවුණු අලුත්ම සංචාරක නවාතැන හා අවන්හල තමයි The BBQ Hub by 9 Arch group කියන්නෙ. BBQ ප්‍රධාන තේමාව කරගත්තු දිවයිනේ ප්‍රථම නිවාඩු නිකේතනය තමයි මේ. අවන්හලේ සියලුම මේස මත BBQ සහ Kebab පහසුකම් දකින්න පුළුවන්. BBQ විතරක් නෙවෙයි සාමාන්‍ය විදිහට ආහාර ගන්නත් ඔබට මෙතනදී පුළුවන්. මෙක්සිකානු ආහාරවල සිට මහද්වීපික දක්වා ඕනෑම ගෝලීය ආහාර රසවිඳින්න හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් la-carte මෙනුවක් සපයනවා. Open kitchen එකෙන් වගේම bar එකෙනුත් බීමවර්ග ලබාගන්න පුළුවන්. අවශ්‍ය නම් ඔවුන් කාමර සේවාවත් සපයවා.
BBQ Hub Resort සුඛෝපභෝගී කාමර 10 කින් සමන්විතයි. ද්විත්ව, ත්‍රිත්ව, පවුල් සහ නේවාසිකාගාර ස්වරූපයේ කාමර ඊට අන්තර්ගතයි. AC, tea/coffee makers, mini bar IDD phone, satellite TV, WiFi, hot, cold water, wardrobe, දිගු කැඩපත්, බැල්කනියක් ඇතුළු සුඛෝපභෝගී පහසුකම් රැසකින් මේ කාමර සමන්විතයි.
ඇල්ල ලැගුම් ගන්න ඔබට සංචාරය කරන්නත් ස්ථාන බොහෝමයි. Lipton’s seat, ආරුක්කු නවයේ පාලම, පුංචි සිරීපාදෙ, ඇතුළු කඳු, දියඇලි, පූජනීය ස්ථාන බොහොමයක් තියෙනවා. ඉතින් මේ සුන්දර ඇල්ල දැකගන්න නිස්කලංක නිවාඩුවක් ගතකරන්න BBQ Hub Resort ඔබත් එන්න.
සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ