2017 මාර්තු 25 වන සෙනසුරාදා

උපතින්ම හටගැනෙන අපරාධ යෝගය

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 304

සමාජයට අපරාධකරුවන් බිහිකිරීම ස්වභාව ධර්මයාගේ නිර්මාණයකි. එය කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව සිදුවේ. ඒ නිසා කේන්ද්‍ර පරීක්ෂාවෙන් ඒ ගැන බලාගත හැකිය. නමුත් වර්තමානයේ සිසේරියන් සැත්තම් නිසා අපරාධකාර මිනීමරු යෝග මගහරවා උපත සිදුකරවාගත හැකි නිසා ජ්‍යොතිෂයේ පිහිට සිසේරියන් සැත්කම්වලට යොදා ගැනීම මැනැවි. අද රටේ පාතාලයන් ආදී මිනිමරුවන් පිළිබඳ නිතර කතාබහට ලක්වෙනවා දැකගත හැක.
මිනීමරැ අපරාධකරුවන් බිහිවන යෝග රාශියක් රාශියක් පවතී. ඉන් එක් යෝගයක් පමණක් මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරේ.

භෞමාඤානෙක ලග්න නාමේ ප්‍රසුතෙසු
ෂෂෙඨ චන්දෝ ජානකී මානව සත්‍යාන්
යද්වා චෛකාංශෙ සථාතෙසු ක්‍රෘරනත්‍යා
චන්‍ද්‍රාදිතෙසු චෙතතදා ජාතීකී සඃ

යමෙකුගේ උපතේදී ලග්නාධිපතියා කුජ හා යුක්ත වී සිටීද හයවන භාවයේ සඳු සිටීද මෙම යෝගයෙන් උපන් අය පව්කාර අපරාධකාරයෙකි. ඒ වාගේම චන්‍ද්‍රයා - කුජ ග්‍රහයා සමඟ එකම අංශකයේ සිටීද එවිට උපදින්නේ කර මිනීමරුවෙකි. මෙම යෝගය විග්‍රහ කිරීම සඳහා මේ සමඟ ඉදිරිපත් කරන අංක: 01 දරන ඡන්ම පත්‍රය පරීක්ෂා කරන්න.


1951.12.22 රාත්‍රී 9.30ට හත නැකත III පාදය ගාල්ලේදී උපත සඳු දශාව ඉදිරියට වර්ෂ 03 මාස දින 2ට 
මෙම උත්පත්ති කේන්‍ද්‍රයේ කුජ ග්‍රහයා අංශක 22හි සිටී, චන්ද්‍රයා අංශක 19හි සිටී. ලග්නාධිපතියා කුජ සමඟ මණ්ඩලවලින් සංයෝග වී තිබේ.
මෙම යෝගය ක්‍රියාත්මක වීම තවත් බලවත් කරන්නට එම කන්‍යාවේම සෙනසුරු අංශයක 20හි සිටී. මේ තත්ත්වය මත ජන්මියා අපරාධකාරයෙක් බවට පත්කිරීමේ මූලික සැලසුම ක්‍රියාත්මක වී ඇත. මෙය මෙසේ සිදුවෙද්දී හත නැකතේ තුන්වන පාදයෙන් උපත සිදුවීම නිසා 1955.01.12 දින ආරම්භ වූ කුජ මහ දශාව 1962.01.12 අවසන් වීමට නියමිතය. ඉන් අනතුරුව 1980 දක්වාම රාහුගේ මහ දශාව නියමිත අතර එකී රාහු අටවැන්නේ තැන්පත්වී ඇත.
වයස අවුරුදු 9ක් වැනි කාලයේ සිටම දරුණු චරිතයක් වූ ජන්මියා වයස 20ක් 25ක් අතර වයස් සීමාවේදී දරුණු අපරාධ රාශියක් කර ස්ත්‍රී දූෂණ මිනීමැරුම් ආදී චෝදනා ලබා නීතියේ රැහැනට හසුවිය.
ජන්ම පත්‍රයේ දොලොස්වැන්නාධිපතියා වී සිටියේය. එමෙන්ම චිත්ත ස්ථානයේ තැන්පත් සිකුරා ජන්ම පත්‍රයේ 64 වන නවාංශකාධිපතියාද 22 වන දෙකාර්ධිපතියාද විය.
විවාහ සමාධිපතියා වන සෙනසුරාද සැම ත්‍රිකෝණයේදී කුජට සංයෝග විය. ස්වක්‍ෂේත්‍ර බල ගුරු ග්‍රහයා ශනි කුජ යුවලගේ පාප දෘෂ්ටියේ පීඩා විය. මෙකී ප්‍රබල ග්‍රහ යෝගය විසින් ජන්මියා අපරාධකරුවන් මිනීමරුවෙකු බවට පත්කර සිරබත් කැවීය. මෙවැනි යෝග වර්තමානයේදී ද යෙදේ. ඒ නිසා කේන්ද්‍රය තැනිය යුත්තේ ඉපදීමට නොව පිළිසිඳ වීමටය යන සිද්ධාන්තය දැන්වත් ජනතාව තේරුම් ගත යුතුයි.

තලගල අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන
ජ්‍යෙතිෂ නන්දන
විශ්ව කීර්ති ජ්‍යොතිර්යය පණ්ඩිත ශිරෝමනී

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00