ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි මරිනා ෆුෂි (19) ශ්‍රී ලංකාවට ආදරය කළ සුරෑපී තරැණියක් වූවාය. ඇය එරට විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවකි. මෙවර තම පවුලේ උදවිය කැටුව සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඇය තීරණය කළාය.
මරීනා ෆුෂි සිය පියා, මව සහ නැගණියන් තිදෙනා සමඟ මේ යන්නේ ඇයගේ අවසන් ගමන බව ඇය සිහිනෙන් හෝ නොදකින්නට ඇත.
ඉකුත් 7වැනි දින මරීනා තම පියා මව සහ නැගණියන් තිදෙනා සමඟ ශ්‍රී ලංකාවට පැමිණියාය. ඔවුන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුෙපාළෙන් මෙරටට ගොඩබැස්සේ හද උතුරා ගිය සතුටිනි. ගුවන් තොටුෙපාළේදී පියා තම දියණියන් සිව්දෙනා සහ මවගේ ඡායාරෑපයක්ද ගත්තේ සොඳුරැ සිහිවටනයක් හැටියටය. පසුව ඔවුන් මෙරට ඇතුළේ සංචාරය ආරම්භ කරමින් ඉකුත් 14 දින ඇල්ල නගරයේ සංචාරක පුරවරයට පැමිණියහ.
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගත් ඔවුහු එදින රාත්‍රිය එහි ගත කළහ. පසුදින 15 උදෑසන සංචාරක හෝටලයේ සිටි මෙම පිරිස ඇල්ල රාවණා දියඇල්ල නැරඹීමට පිටව ගියහ.
දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් රාවණා දියඇල්ල නැරඹීමට එදින විශාල සංචාරක පිරිසක් පැමිණ සිටියහ. මරීනා රාවණා දියඇල්ලේ සුන්දරත්වය නරඹන අතරේ ඇයට එහි දියනෑමට සිත්විය.
පසුව පියා සමඟ රාවණා දියඇල්ලේ මුදුනට නැගගත් මරීනා දියනෑමට සූදානම් වී ගල් පරයකට නැගීමට උත්සාහ දැරැවාය. ඒ සමඟම ඇය ලිස්සා දියඇල්ලට ඇද වැටුණේ ඇසි පිය හෙලන පරක්කුවෙනි. පහළට ගසාගෙන ගිය මරීනාගේ සිරැර ගල් පරයක සිර විය.
සැණෙකින් මරීනා මව පියා සහ නැගණියන් තිදෙනාගෙන් සමුගෙන අවසන් හුස්ම රාවණා දිය කොමළියට පුදකර අවසානය. පියා ගල්පරය උඩ සිට කෑගැසුවේය. මවට සෙසු දියණියන් තිදෙනා සමඟ දිය ඇල්ලට පහළ පැත්තේ සිට සිදුවූ දෙය අදහාගත නොහැකිව බලා සිටිනවා හැර කරන්නට දෙයක් ඉතිරිව නොතිබිණි.
මේ වනවිට වේලාව පස්වරැ 1.45ට පමණ විය. රාවණා දිය ඇල්ල අසල රාජකාරියේ නිරත ඇල්ල පොලීසියේ නිලධාරීන් සහ ඒ අවට ජනතාව එක්වී රාවණා දිය ඇල්ලේ ගල් පර්වතයට නැග මරීනා සොයන්නට වූහ.
සිද්ධිය පිළිබඳව ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතාට රාවණා දියඇල්ල අසල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීහු සිද්ධිය දැනුම් දුන්හ. පොලිස් පරීක්ෂක කරැණාරත්න මහතා තවත් නිලධාරීන් පිරිසක්ද කැටුව වහා රාවණා දියඇල්ලට පැමිණ සියලුදෙනා සමඟ එක්වී මහත් වෙහෙසක් දරා දුෂ්කර රාවණා දිය ඇල්ලේ ගල් පර මතට නැග ගත්හ.
මෙහිදී ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතාද ගල් පරයකින් ලිස්සා ඇද වැටුණු අතර පෙර වාසනාවකට මෙන් ඔහු කිසිදු තුවාලයක් නොලබා බේරැණේය.
පසුව මහත් වෙහෙසක් දරමින් දිය ඇල්ලේ ගල් පරයක සිරවී සිටි මරීනා තරැණියගේ සිරැර ගොඩට ගත් පොලිස් නිලධාරීහු ඇයට වහා කෘත්‍රිම ශ්වසනය ලබා දී ජීවිතය බේරාගැනීමේ සටනක නිරත වුවද, දිය ඇල්ලේ අඩි 500ක් පමණ උඩ ගල් පරයක් මත සිට සිදුකළ මේ සටනින් මරැවා පරාජය කිරීමට පිරිසට නොහැකි විය. ඒ වනවිටත් මරීනා ෆුෂි මරැ තුරැලට ගොස් හමාරය.
බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් එච්.බී. රත්නායක මහතා මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය. බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ටී.කේ. විජේවීර මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර, එම වෛද්‍ය වාර්තාවෙන් මරීනා ෆුෂිගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් බව තීරණය විය.
ඇයගේ මළසිරැර ප්‍රංශය බලා රුගෙන යාමට අවශ්‍ය කටයුතු සංවිධානය කෙරිණි.
කෙසේ වෙතත් ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතා සඳහන් කළේ රාවණා දිය ඇල්ලේ නුසුදුසු ස්ථානයකට ගොස් දිය නෑමට යාමෙන් මෙම අකල් මරණය සිදුවූ බවයි. විශේෂයෙන් රාවණා දියඇල්ල නැරඹීමට පැමිණ එහි ගල් පර්වත මත නැගීමට සහ නුසුදුසු අනතුරැදායක ස්ථානවලට ගොස් දියනෑමෙන් වළකින ලෙසද ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
කතාව සහ සේයාරෑ
ඇල්ල ප්‍රසාද් රැක්මල්