ග්‍රහ මණ්ඩලයේ පෙරළිකාර වූත් අවාසනාවන්ත වූත් සිදුවීම් ඇති කිරීමට සමත් වන්නා වූ සෙනසුරැ ග්‍රහයා 2020 ජනවාරි 24 වැනි කිවි දින උදේ 9.56ට තමාට ස්වක්ෂේත්ර රාශි භවනක් වූ මකර රාශියට පැමිණෙයි. සෙනසුරු රවිට අයත් උත්‍රසල නැකතේ 2 වැනි 3 වැනි 4 වැනි පාදවලත්, සඳුට අයත් සුවන නැකතේ සම්පූර්ණවත් අඟහරැට අයත් දෙනට නැකතේ ප්‍රථම හා දෙවැනි පාදවලත් ගමන් කරයි. 2020 මැයි මස 11 වැනි දින වක්‍ර වෙමින් ද, නැවත 2020 සැප්තැම්බර් 29 වැනි දින නිවෘත වෙමින්ද, 2021 මැයි මස 23 වැනි දින වක්‍ර වෙමින්ද, 2021 ඔක්තෝබර් 11 වැනි දින නිවෘත වෙමින්ද, 2022 අප්‍රේල් 29 වැනි දින කුම්භ රාශිගත වෙමින්ද, 2022 ජූලි 13 වැනි දින නැවත වරක් මකර රාශිගත වෙමින්ද, 2023 ජනවාරි 17 වැනි දින දක්වාම සෙනසුරැ මකර රාශිගතව ගමන් කරනු ඇත.
සෙනසුරු මකර රාශිගතව ගමන් කරනු ලබන මෙම වකවානුව අප රටට බලපාන ආකාරය මෙසේය.
අප රට තුළ අපරාධ ක්‍රියාවන්හි වර්ධනයක් සිදුවන කාලයක් වන අතර, ගංගා මුහුදුවල ගමන් කරන යාත්‍රා අනතුරට පත්වීමත්, ධීවර නාවික ප්‍රශ්න ඇතිවන කාලයක්ද වනු ඇත. ආගමික ක්ෂේත්රයේ මෙන්ම නීති ක්ෂේත්රයේ නියැලි ප්‍රවීණ ප්‍රසිද්ධ චරිත සහිත පුද්ගලයන්ට මාරකද යෙදෙන කාලයකි. ස්ත්‍රී දූෂණ, ළමා අපරාධ ඉහළ යන බැවින් අදාළ බලධාරීන් විමසිලිමත් විය යුතු වේ. නාට්‍ය චිත්‍රපට නිර්මාණයක් විවේචනයට හෝ තහනමට ලක්වනු ඇත. රටෙහි ආර්ථික වර්ධනය වැඩිවීමක් හෝ පහළ බැසීමක් ඇති නොවී මධ්‍යස්ථව පවත්වාගෙන යාමට හැකිවන කාලයක් වේ. රට තුළ බිහිසුණු මාර්ග අනතුරු සිදුවන අතර බස් රථ හා මෝටර් රථ අනතුරැද, හදිසි ගිනි ගැනීම්ද වාර්තා වෙයි. එමගින් ජීවිත හානිවීම්ද ඇතිවනවා ඇත. මහජනයා රැස්වන ස්ථානවල අශුභ සිදුවීම් වාර්තා වන අතර, යම් යම් රාජ්‍ය ආයතනවල සේවකයන්ට දෝෂාරෝපණ එල්ලවනවා ඇත. ආරෝග්‍යශාලා, සමාජසේවා ආයතන ආශ්‍රිතව ප්‍රමාණවත් මුදල් හිඟවීම් නිසා ගැටලු ඇතිවනවා ඇත.
විදේශීය වශයෙන් සලකා බැලීමේදී රාජ්‍ය නායකයන්ට මාරක ඇතිවීම්ද, වෙනත් අවාසනාවන්ත සිදුවීම්ද ඇතිවන කාලයක් වේ. අයහපත් කාලගුණික විපර්යාස තත්ත්වයන් මත කෘෂිභෝග විනාශයට පත්වන අතර පතල් අනතුරැද ඇතිවනු ඇත. ගිනිකඳු විදාරණය වීම්ද, රිට්ට මාපාංක 7 ඉක්මවූ භූ චලත ඇතිවීමත්, එමගින් ජීවිත දේපල විනාශ වීම්ද වාර්තා වන කාලයක් වේ. ස්ත්රීන්ට විපත් කරදර ද බහුල වන අතර, බිහිසුණු අපරාධ, යුද වැදීම් සිදුවන සමයක් වේ. අධික ලෙස මරණ සිදුවන කාලයක් ද වනු ඇත. රාජ්‍ය නායකයකුට ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමක්ද සිදුවන කාලයකි.
මීළඟට ඔබට
මේෂ - හැම අතින්ම යහපත්
ඔබගේ කර්මස්ථානයටත්, අයස්ථානයටත් අධිපති වන්නාවූත් සෙනසුරැ ඔබගේ කර්මස්ථානයේ ස්වක්ෂේත්ර වෙමින් බලවත්ව ඔබට පංච මහා පුරැෂ යෝග බලයක් වූ සස යෝගය උදා කරමින් සෙනසුරැ කර්මස්ථානයේ තැන්පත්ව ගමන් කිරීම ඉතා යහපත් ඵල උදා කරයි. අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට ද ශුභ ඵල ඇතිකරන අතර, පාසලේ නායක තනතුරැවලට පත්වීමට අවකාශ සැලසේ. අන් අය අතර කැපී පෙනෙන ප්‍රධානියකු ලෙස කටයුතු කිරීමට වාසනාව අත්වනු ඇත. රුකියාවේ උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ඨ වන්නාවූත් කාලයක් වේ. දුර ගමන්, විදේශ ගමන් යාමට ද අවකාශ අත්වන අතර, ඔබ කරන කටයුතුවල දියුණුවක් ඇතිවනු ඇත. අවිවාහක අයට මංගල යෝග ද උදාවනු ඇත.
වෘෂභ - අපල දුරුවේ
ඔබගේ භාග්යස්ථානයටත් කර්මස්ථානයටත් අධිපති වන්නා වූ සෙනසුරු භාග්‍යස්ථාන ගතවීම නිසා ඔබට පැවතියා වූ අපල උපද්‍රව දුරු වී යහපත් ඵල අත්වන්නා වූ කාල වකවානුවක් වේ. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වන අතර, මෙම වකවානුව තුළ ඔබ වැඩි වශයෙන් ආගමික කටයුතුවලට බරව ක්‍රියා කරනවා ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙන දෙන අතර, උදව් බලාගෙන පිටස්තර අයට උදව් කිරීම නිසා ඔබට යහපතක් ඇතිනොවන කාලයක්ද වේ. ඔබ කරන කටයුතුවල ප්‍රගතියක් අත්වන අතර, සාර්ථක කෙටි ගමන්ද යෙදෙනවා ඇත. නව රුකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ද ඉෂ්ඨ වනු ඇත.
මිථුන - රැකියාව එපාවේ
ඔබගේ මර්මස්ථානයටත්, භාග්යස්ථානයටත් අධිපති වන්නා වූ සෙනසුරු මර්මස්ථානයේ තැන්පත්ව ගමන් කිරීම අයහපත් ඵල ගෙන දෙන කාලයක් වේ. අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට වරින්වර උදාසීන ගති ද ඇතිවන අතර, තරග විභාගවලින් බලාපොරොත්තු වූ ඵල අත්කරගත නොහැකි වනු ඇත. සේවා ස්ථානයේද ප්‍රශ්න ඇතිවන අතර, ඔබ කරන රැකියාව ඔබට එපාවීම නිසා රුකියාව අහිමි කරගත හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ආර්ථික දුෂ්කරතා ඇතිවන බැවින් අනවශ්‍ය වියදම් පාලනය කරගෙන විශාල මුදල් යෙදවීම් කිරීමෙන් වැළකී සිටිය යුතු කාලයකි.
කටක - අධ්‍යාපන ජය
ඔබගේ කාලත්රස්ථානයටත් මර්මස්ථානයටත් අධිපති වූ සෙනසුරු කාලත්රස්ථානයේ බලවත්ව ගමන් කිරීම නිසා පංච මහා පුරුෂ යෝග බලයක් වූ සස යෝගයේ බලය ඔබට අත්වන අතර, අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වේ. තරග ජයද අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර, විදේශ ගතවීමේ අපේක්ෂාද ඉෂ්ඨ වනු ඇත. ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමටද යහපත් වන්නාවූත් කාලයක් වෙයි. ආගමික කටයුතුවලට වැඩි වශයෙන් යොමුවනු ඇත. තමන් කරන කටයුතුවල සාර්ථක වීමක්ද සිදුවන අතර, ආර්ථික වාසිද අත්වන කාලයක් වේ.
සිංහ - සතුරන් පසුබසී
ඔබගේ සයවැන්නටත් සත්වැන්නටත් අධිපති වූ සෙනසුරැ සයවැන්න තැන්පත්ව ගමන් කිරීම නිසා මිශ්‍ර ඵල අත්වන අතර, ඔබට එරෙහිව පවතින සතුරැ බලවේග පරාජයට පත් කරගත හැකි කාලයක් වේ. අන් අයට උදව් බලාගෙන උපකාර කිරීම නිසා ඔබට ඵලයක් අත්නොවන කාලයක් වේ. දුර ගමන්, විදේශ ගතවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර, ඔබට පැවතියා වූ අසනීපවලින් මිදීමට ද වාසනාව හිමිවේ. විශාල අන්දමෙන් මුදල් යෙදවීම් අවදානම් සහිත බැවින් හොඳින් දුරදිග කල්පනා කර සොයා බලා ආයෝජන කටයුතු කරන්න.
කන්‍යා - දේශපාලනයට යහපත්
ඔබගේ පස්වැන්නට හා සයවැන්නටත් අධිපති වූ සෙනසුරැ පස්වැන්නෙහි තැන්පත්ව ගමන් කරන මෙම වකවානුව තුළ ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන අතර, අධ්‍යාපන කටයුතුවල නිරත අයට වරින්වර උදාසීන ගති ඇතිවුවද, තරග ජයග්‍රහණය කිරීමටද හැකියාව අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඇතිවන අතර, දේශපාලනික කටයුතුවල නිරත අයට ශුභ ඵල වර්ධනය වන කාලයක් ද වේ. අලුතෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමටද යහපත් වන අතර, සිතේ සතුට රුඳෙන වකවානුවක්ද වේ. ඔබගේ හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වේ. අලුත් හිතමිතුරන් ඔබට හමුවන කාලයක්ද වේ.
තුලා - අලුත් වත්කම්
ඔබගේ හතරවැන්නටත් පස්වැන්නටත් අධිපති වූ සෙනසුරැ සතරවැන්නෙහි ස්වක්ෂේත්රව පංච මහා පුරැෂ යෝග බලයක් වූ සස යෝගයේ බලය ඔබට ලබාදෙන වකවානුවක් වේ. ඔබ කරන සියලු කටයුතු සාර්ථක බවට පත්වනවා ඇත. ඔබට එරෙහිව පැවති සතුරැ බලවේග මර්දනය වන අතර, සේවා ස්ථානයේද පැවති ප්‍රශ්න මඟහැරී යනු ඇත. අලුතින් ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමටද ශුභ වන අතර, විදේශ ගතවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. නව රුකියාවක් ලබාගැනීමට හෝ රුකියාවේ උසස්වීමක් ලබාගැනීමටද සුදුසු කාලයක් වේ. ආර්ථික වාසි අත්වන, අතමිට මුදල් ගැවසෙන සමයකි. පැවති ශරීරාබාධවලින් මිදීමටද හැකිවන කාලයකි.
වෘශ්චික - සිතට සහනය
ඔබගේ වික්රමස්ථානයටත් සතරවැන්නටත් අධිපති වූ සෙනසුරැ වික්‍රමස්ථානගතව ගමන් කරන මෙම කාල වකවානුව ඔබට යහපත් ඵල අත්කර දෙයි. සිතට සහනය අත්වන කාලයක්ද වේ. වැඩි වශයෙන් ආගමික කටයුතුවලට කාලය යොදවන අතර, අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ද, තරග ජය ද ලබාගත හැකිවන කාලයක් වේ. දුර ගමන්, විදේශ ගමන් යාමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවේ. උදව් බලාපොරොත්තුවෙන් අන් අයට උදව් නොකළ යුතු කාලයක්ද වේ. ඔබට ලැබිය යුතු ණය මුදලක් ලබාගත හැකිවනවා ඇත.
ධනු - ආර්ථික පාඩු
ඔබගේ දෙවැන්නටත් වික්රමස්ථානයටත් අධිපති වූ සෙනසුරැ දෙවැන්න තැන්පත්ව ගමන් කිරීම නිසා ඔබට එතරම් යහපත් වූ ඵලයක් අත්නොවනවා ඇත. ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන අතර, අධ්‍යාපනයේ නිරත වී සිටින අයට උදාසීන ගති ඇතිවන කාලයක් වේ. තරඟවලින් බලාපොරොත්තු වන ඵල අත්කරගත නොහැකි වනවා ඇත. ආර්ථික පාඩු අත්වන අතර, විශාල අන්දමේ මුදල් යෙදවීම් නොකළ යුතුය. සේවා ස්ථානයේ යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකි අතර, රුකියාව රුකගෙන කටයුතු කළ යුතු කාලයක්ද වේ. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකිය. අවදානම් සහගත ස්ථානවල ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතුය.
මකර - කැපී පෙනෙන ප්‍රධානියෙක්
ඔබගේ ලග්නයටත් දෙවැන්නටත් අධිපති වූ සෙනසුරු ලග්නගතව ගමන් කිරීම ඔබට යහපත් ඵල උදා කරන පංච මහා පුරැෂ යෝග බලයක් වූ සස යෝගයේ ඵල ගෙන දෙන කාලයක් වේ. ඔබ කරන කටයුතුවල දියුණුවක් අත්වන අතර, අන් අය අතර කැපීපෙනෙන ප්‍රධානියකු ලෙස කටයුතු කිරීමට අවකාශ අත්වනු ඇත. ආර්ථික වාසි අත්වන අතර, හදිසි ධන ලාභද ලැබෙනු ඇත. නව රුකියා බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර, රුකියාවේ උසස්වීමක් අපේක්ෂා කළේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ඨ කරගත හැකිවේ. දුර ගමන්, විදේශ ගතවීමේ අපේක්ෂාවන්ද ඉෂ්ඨ වන වකවානුවක් වේ.
කුම්භ - පවුල් අවුල්
ඔබගේ වැයස්ථානයටත් ලග්නයටත් අධිපති වූ සෙනසුරැ වැයස්ථානගතව ගමන් කිරීම ඔබට අයහපත් ඵල අත්කර දෙන්නා වූ කාලයක් වේ. ඔබ කරන කටයුතුවලට විවිධ වූ බාධා මතුවන අතර, අධ්‍යාපන කටයුතුවල නිරත වන අය නිතර උදාසීන ගතියෙන් කටයුතු කරන සමයකි. පවුල් දිවියේද සමගියට බාධා ඇතිවන අතර, විශාල මුදල් යෙදවීම් නොකළ යුතුය. ආර්ථික පාඩු අත්වන කාලයක්ද වේ. ඔබගේ වැඩවලට සතුරු උපද්‍රවද ඇතිවන අතර, හදිසි ශරීර පීඩාද ඇතිවනවා ඇත.
මීන - උදව් උපකාර
ඔබගේ අයස්ථානයටත් වැයස්ථානයටත් අධිපති වූ සෙනසුරු වැයස්ථානගතව තැන්පත්ව ගමන් කිරීම මිශ්‍ර ඵල උදා කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට වරින්වර උදාසීන ගති ඇතිවන අතර, දේශපාලනික කටයුතුවල නිරත අයට යහපත් ඵල අත්වන කාලයක්ද වේ. හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වන අතර, විදේශ ගමන්ද යෙදෙන කාලයක් වේ. හදිසි ශරීර පීඩාද ඇතිවිය හැකි බැවින් අවදානම් ස්ථානවල යාමෙන් වළකින්න. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඵල අත්වන කාලයකි.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල