2020 ජනවාරි 25 වන සෙනසුරාදා

මෑන්හැට්න් ෆිෂ් මාකට් එකේ අලුත්ම කහ - කළු අවන්හල

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

Manhattan Fish Market කියන්නෙ ආසියාවේ ප්‍රධාන පෙළේ මුහුදු ආහාර අවන්හලක්. සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ජපානය, මාලදිවයින, UAE ඇතුළු රටවල් බොහොමයක ජනප්‍රිය මේ අවන්හල් සමූහය 2013 වසරෙදී ලංකාවටත් එනවා. කොහොම වුණත් මේ කතාව One Galle-face වල  MFM අලුත්ම අවන්හල ගැනයි. කහ සහ කළු පැහැයෙන් වර්ණවත් වුණු අවන්හල සැබැවින්ම අපූරුයි.

මුලින්ම MFM හි බීම වර්ග ගැන කියනවා නම් cooler, shakes, quenchers, mocktails, floats, juice, තේ සහ කෝපි යටතේ විශාල බීම වර්ග පරාසයක් තෝරාගැනීමට තියෙනවා. ඒවායේ රස වගේම නමත් අපූරැයි. කොහොම නමුත් මම උණුසුම් කාලගුණයට හොදින් ගැලපුණු සිසිල්, පැණි රස, නැවුම් iced peach tea එකක් තෝරාගත්තා.

Fish n Chips, Dory, Manhattan Star platter සහ signature salmon cubes pasta තමයි ප්‍රධාන ආහාර විදිහට තෝරාගැනුණේ. Fish n chip නම් රාත්‍රී ආහාරයට කදිමයි. ඔවුන්ගේ අලුත්ම එකතු කිරීම වුණු Signature salmon cubes  pasta ඔබ අනිවාර්යයෙන්ම රසවිඳිය යුතුයි. ඔවුන් දේශීය රසයටත් මුහුදු ආහාර පිළිගන්වන්න දැන් සූදානම් වෙලා ඉන්නවා.

උදේ දවල් ආහාරවලට මෙතන පිරිල ඉතිරිලා යනවා. කොහොම වුණත් MFM වලින් ආහාර රසබැලීම අපූරැ අත්දැකීමක් වෙන බව නම් නිසැකයි.

Life.lk ඇසුරින්