2017 මාර්තු 25 වන සෙනසුරාදා

HIT TIPS

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

කොළඹ සිටි හෝටලේ අවුරුදු සේල්

7 වැනි වරටත් පැවැත්වෙන Your World අලුත් අවුරුදු සේල් සැණකෙළිය කොළඹ සිටි හෝටලයේ පැවැත්වෙනවා. මාර්තු 28 සහ 29 කියන දවස් දෙකේම උදේ ඉඳන් හවස් වෙනකල් එහි ගියොත් අවුරුදු කැවිලි වර්ග රස බලන්න, මිලදී ගන්න වගේම ඇඳුම් පැළඳුම්, ආභරණ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. 

ලොකු විනෝදයක් එක්ක හොඳ වැඩක්

කොළඹ විශ්ව විද්‍යාලයේ Rotract සමාජයත් කළමනාකරණ පීඨයත් කොළඹ ශාන්ත පීතර සහ නාලන්දා විදුහල්වල Interact සමාජ සමග එක්වෙලා දෙහිවල ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අප්‍රේල් 01 වැනිදා සවස 2 ඉඳන් රාත්‍රිය වෙනතුරු පැවැත්වෙන මේ වැඩසටහන නම් කරලා තියෙන්නේ Sand-Tastic 2.0 කියලයි. හොඳ වැඩක් කරන්නත් ලොකු විනෝදයක් ලබන්නත් මේක හොඳ අවස්ථාවක් වේවි.