මේස පන්දු එහෙමත් නැත්නම් Table Tennis කියන්නේ ගොඩක් දෙනෙක් ආස කරන ගොඩක් වේගවත් ක්‍රීඩාවක්. හැබැයි මේස පන්දු පුවරුවකින් කරන අලුත් තාලේ සෙල්ලමක් විනෝද ක්‍රීඩාවක් ගැනයි මේ තොරතුරු කියන්නෙ. මේක නම් කරලා තියෙන්නේ Beer Pong කියලයි. මේස පන්දුවලට ජනප්‍රිය චීනය මේස පන්දු හඳුන්වන්නේ Ping Pong කියන නමිනුයි. ඉතින් ඒ අනුව Beer Pong කියලා නම් කරලා තියෙන මේ ක්‍රීඩාවේදී බීර කියන්නේ අත්‍යවශ්‍ය අංගයක්. සෙල්ලම කරන්නෙ මෙහෙමයි.
සාමාන්‍ය මේස පන්දු තරගයකදී වගේම ක්‍රීඩකයෝ දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්නවා. සමහර විට මේ ප්‍රමාණය දෙදෙනා බැගින් හෝ තුන්දෙනා බැගින් වෙන්නත් පුළුවන්. ප්‍රතිවාදියාගේ පැත්තේ තියෙන බීර පුරවපු කප්ස්වලට මේස පන්දු බෝලය බම්ප් කරමින් පතිත කරන එක තමයි සෙල්ලම.
සාර්ථකව බීර කප් එකකට පන්දුව පතිත කළොත් අනිත් කණ්ඩායම ඒකෙ තියෙන බීර බොන්න ඕන. ඒ විදිහට අනිත් පාර්ශ්වයේ බීර කප්ස් ටික ඉක්මනට ඉවරකරලා දාන පිල තමයි දිනන්නෙ.
බොහොම සරලයි කියලා හිතුවට මේක ගොඩක් විනෝදයක් ගෙනදෙන වැඩක්. විශේෂයෙන්ම යාළුවො ටිකක් මුණගැසුණු වෙලාවකදි පොඩි සාදයකදී වුණත් කරලා බලන්න හොඳ සෙල්ලමක් තමයි මේක.