- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ
ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ කෞතුකාගාර විද්‍යාව මෙන්ම පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වූ ඔහු පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ධුරයද හෙබවීය. මේ වනවිට ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශකයෙකි. ශාස්ත්‍රීය කෘති මෙන්ම කවි හා කෙටිකතා පොත්ද ආචාර්ය ලක්දුසිංහ පළකර තිබේ. ඔහුගේ අලුත්ම කෘතිය ශ්‍රී ලංකාවේ පැරණි හින්දු ප්‍රතිමා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පසුගියදා පළ කළේය. එය හින්දු ප්‍රතිමා ගැන ප්‍රකාශිත වූ මුල්ම සිංහල ග්‍රන්ථයයි.
ශ්‍රී ලංකාවේ පැරණි හින්දු ප්‍රතිමා පොත ලිවීමට ඔබට පෙළඹවීමක් ඇතිවුණේ කෙසේද?
හුඟ දෙනෙක් පැරණි හින්දු ප්‍රතිමා ගැන උනන්දුවක් නෑ. මේ පොත ලිවීමට කියලා මට මඟ පෙන්වූයේ අද අප අතර නැති මහාචාර්ය කඹුරැපිටියේ වනරතන නායක හාමුදුරැවෝ. හාමුදුරැ කෙනෙක් බෞද්ධ නොවන ප්‍රතිමා ගැන අධ්‍යයනයට මඟ පෙන්වීමත් සුවිශේෂී සිද්ධියක්. මේක දීර්ඝ කාලයක් තිස්සේ කළ අධ්‍යයනයක්. අදටත් හින්දු ප්‍රතිමා ගැන මගේ උනන්දුව අත්හැරල නෑ. 80, 90, 2000 දශකවලදීත් අලුත් හින්දු ප්‍රතිමා හමුවුණා. මෑතකදී හමුවුණු ප්‍රතිමා ගැනත් විස්තර මම මේ පොතට ඇතුළත් කළා. පොත ප්‍රකාශනයට උනන්දු වුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධනයි.
මේ පොතේ ආකෘතිය ගැන කිව්වොත්?
හින්දු දේව ප්‍රතිමාවල වර්ණ ඡායාරෑපද සහිතව විස්තරාත්මක ග්‍රන්ථයක් විදිහටයි පළකර තිබෙන්නේ. අලුතින් හමුවන ප්‍රතිමා ගැනත් ඉදිරි මුද්‍රණයකදී එක්කළ හැකි ලෙස පොත සැලසුම් කර තිබෙනවා.
හුඟදෙනෙක් සිතන්නේ හින්දු දේව ප්‍රතිමා මෙරට චෝල රජවරු පාලනය කළ කාලයේ ඉන්දියාවෙන් ගෙන ආ බව නේද?
ඔව්. ඒක සම්පූර්ණ ඇත්තක් නොවේ. ලංකාවේ මිනිසුන් අපේ ශිල්ප ක්‍රමවලට අනුව හින්දු ප්‍රතිමා නිර්මාණය කළා කියන අදහස මම මේ පොතේ පැහැදිලි කරලා තිබෙනවා. ඒක සෙල්ලිපියකිනුත් ඔප්පුවෙලා තියෙනවා.
දශක කිහිපයකට පෙර මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකඹුර, මහාචාර්ය නන්දදේව විජේසේකර ඇතුළු විද්වතුන් රාශියක් සිංහලෙන් තම පර්යේෂණ කෘති පළ කළා. ඒවා පොදු ජනතාව ආදරයෙන් වැළඳ ගත්තා. අද ඒ වගේ කෘති බිහිවන්නේ කලාතුරකින් නේද?
ඒක හරියට හරි. පර් යේෂණ කරනවා කියන්නේ එක් කාරණාවක්. පර්යේෂණ නිබන්ධන පළ කිරීමට පර්යේෂණ සඟරා ලංකාවේ තිබෙනවා. Spolia Zoylanica, Ancient Ceylon, RAS Journal වගේ. නමුත් පොදු පාඨකයාට පොතක් ලියනකොට පර් යේෂණ වාර්තාවකට වෙනස් ආකාරයට රසවත් හා සරල විදිහට ලිවිය යුතුයි. මම හින්දු ප්‍රතිමා පොත ලිව්වෙත් පාසල් සිසුවකුගේ පටන් විශ්වවිද්‍යාල සිසුන්, පොදු පාඨකයා ඇතුළු ඕනෑම කෙනෙකුට කියවා තේරැම්ගත හැකි ආකාරයට. අපේ පර්යේෂණ හයිය පෙන්වීමට පොත් ලිවීම සුදුසු නෑ. මූලාශ්‍ර සම්බන්ධ කරලා නීරස භාෂාවකින් ලියලා අපි දඟලන දැඟලිල්ලෙන් මහජනයාට වැඩක් නෑ. අපි ඒක සාරංශයක් ලෙසයි ලියන්න ඕනෑ. මම ශාස්ත්‍රීය පර්යේෂණ ලේඛනගත කරන විදිහට නොවෙයි පොත් ලියන්නේ. සමහර මහාචාර්යවරු පිටු 800-900ක් දිග පොත් පළකරනවා. ඒවා කියවලා බලපුවාම පිටු සිය ගණනක් සංස්කරණයේදී ඉවත් කළ හැකියි. තම පාණ්ඩිත්‍යය පෙන්වීමට විශාල පොත් පළ කළාට කියවන්නේ කවුද? පණ්ඩිතකම පෙන්වීමට වෙන තැන් තියෙනවනේ. ඒක පාඨකයාට කියවීමට ලියන පොත්වලින් පෙන්වන්න අවශ්‍ය නෑ.
ශාස්ත්‍රීය කරුණු ගැන මහජනයාට ලියන පොතක ඒ සඳහා හේතු වූ සියලුම කාරණා ඇතුළත් කළ යුතු නොවේ. කියවා අවබෝධ කර ගැනීමට පහසුවන දැනුමක් තමයි ලබාදිය යුත්තේ.
මේ විදිහට පාඨකයාට කියවීමට දුෂ්කර විශාල පොත් පළ කිරීමෙන් කතුවරයාගේ අරමුණ ඉටුවන්නෙත් නැහැ නේද?
ඔව්. නමුත් කතුවරයා හිතනව ඇති ලොකු පොතක් පළකළ විට ලොකු ශාස්ත්‍රවන්තයෙක් කියලා පිළිගනීවි කියලා. මම නම් හිතන්නේ මේ අයට හරියට ලියන්න බෑ කියලයි. අවශ්‍ය අනවශ්‍ය හැමදේම පොතට ඇතුළත් කරනවා.
ඔබ කවියෙක්. කෙටිකතාකරැවෙක්. නමුත් අද පර්යේෂණ ක්ෂේත්‍රවල ඉන්න වැඩි දෙනෙක් කවිය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ නේද?
වැඩි දෙනෙකුට කලා රසවින්දනයක් නැති බව ඇත්ත. එක් හිටපු සංස්කෘතික අංශ ප්‍රධානියෙකුගෙන් ඒ අවුරැද්දේ සම්මාන දිනපු ස්වර්ණ පුස්තක නවකතාව කියවූවාදැයි ඇහුවාම ඔහු කීවේ ඒක සේවකයෙක් අතේ තිබෙනවා දුටු බවත් ඉල්ලාගෙන කියවීමට හිතාගෙන ඉන්නා බවත්. එය ඇසුණු විට අප සමඟ සිටි මහාචාර්ය සේනක බණ්ඩාරනායක පැවසුවේ අපේ ශාස්ත්‍රීය පර් යේ ෂකයො තම විෂයයෙන් පිට මොනවත් නොකියවීම ඛේදවාචකයක් බවයි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක අන්තිමට ලිව්වේ ඉංග්‍රීසි කවිපොතක්. ඒකෙ මගේ කවියකුත් පරිවර්තනය කර දාලා තිබෙනවා. මයිකල් ඔන්ඩච්චි ලංකාවට පැමිණි විට මමත් සේනක බණ්ඩාරනායකත් හමුවූ අවස්ථාවේ පරිවර්තනය කළ මගේ කවියේ වටිනාකම ගැන කිව්වා.
පුරාවිද්‍යා සහ ඉතිහාස සාහිත්‍යය පොදු ජනතාව අතරට ගෙනගියොත් දැනටත් බහුලව ඇසීමට ලැබෙන නිධන්, මරංචි වගේ මිත්‍යාවන් ඈත් වෙනවා නේද?
හරියට හරි. ඒවා කියවීමට සාමාන්‍ය ජනතාව තුළ උනන්දුවක් ඇතිවන ආකාරයෙන් කෘති පළකළ යුතුයි. ඒවා ජනතාවට ළඟා කරවීමට මග සැලසීමත් අවශ්‍යයි. පසුගිය කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් එවැනි කෘති මාලාවක් පළකළා පුස්තිකා කියන නමින්. පුරාවිද්‍යා ස්ථාන, කෞතුක වස්තු, මූර්ති කලාව, චිත්‍ර කලාව වගේ මාතෘකා විෂය කරගෙන පොත් මාලාවක් පැවතිය යුතුයි.
කලකට පෙර පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවක් පළවුණා. මෑතක සිට අපට ඒකවත් නිසි ලෙස පළවෙන බවක් පේන්නේ නැහැ.
ඔව්. ඉස්සර පුරාවිද්‍යා ශිෂ්‍යයන්, විද්‍යාර්ථීන්, මහජනයා, පුවත්පත් කලාවේදීන් යන අය පුරාවිද්‍යා තොරතුරැ ලබාගත්තේ වාර්ෂික වාර්තාවෙන්. දැන් පුරාවිද්‍යාඥයො වාර්තාකරණයේ යෙදෙන බව පේන්නෙත් නෑ. දැන් කරන්නේ සමහර කැණීම්වලට පුවත්පත් කලාවේදීන් ගෙන්වලා කැණිම් කරන අතරම විස්තර කිරීමයි. ඒක ලියාගෙන සමහරු වරද්දලා පත්තරවලට ලියනවා. එයින් යන පණිවුඩය වැරදියි. තව ෆේස්බුක් එකෙත් දානවා. ඒක තමයි ශාස්ත්‍රීය ක්‍රමවේදය. වාර්තා නෑ.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කිව්වොත්?
නැවත කවිපොතක් සහ කෙටිකතා පොතක් පළකිරීමට සූදානම් වෙනවා. ඒවාට අවශ්‍ය නිර්මාණ එකතු කරලා තිබෙන්නේ. ඊට අමතරව භාරතයේ බෞද්ධ ස්මාරක නැවත සොයාගැනීම ගැන පොතක් ලියාගෙන යනවා.
කුසුම්සිරි