2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

රජයට ජනතා ප්‍රසාදය

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 224

සූර්යා තමාට සතුරු මුඨ රාශි භවනක් වූ සෙනසුරුට අයත් කුම්භ රාශියට 2020 පෙබරවාරි මස 13 වැනි ගුරු දින සවස 3 පසුවී විනාඩි 3ට සංක්‍රමණය වී එම මාර්තු මස 14 වැනි ශනි දින දහවල් 11 පසුවී විනාඩි 54 දක්වාම ගමන් කරනු ඇත.
අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී කර්මාන්තවල දියුණුවක් ඇතිවන අතර තැපැල් හා දුම්රිය මෙන්ම සන්නිවේදන සේවාවල ද වැඩිදියුණුව උදෙසා රජය විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනු ලබන කාලයක් වේ. විදේශීය සම්බන්ධතා වර්ධනය කරගන්නා වූ කාලයක් ද වන අතර රජයේ ක්‍රියාවලට මහජන ප්‍රසාදය ද අත්වනවා ඇත. ප්‍රධාන රාජ්‍ය නිලධාරියකුට හෝ මහජන නියෝජිතයකුට ඉතා අශුභ වූත් මාරක යෙදෙන කාලයක් ද වේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී රුසියානු රටවල්ද, ස්විඩනය, පෝලන්තය, ඇබිසිනියාව යන රටවලද ජනතාවට හිතැති නව නීති පනත් නිර්මාණය කරනු ලබනවා ඇත. මහජන නියෝජිතයකුට මාරක ද ඇතිවනු ඇත.

එංගලන්තය, ජර්මනිය, පලස්තිනය, සිරියාව, ජපානය, ඩෙන්මාර්ක් යන රටවල අයහපත් වූ සිදුවීම් ඇතිවන අතර කර්මාන්තවල දියුණුවක් ද ඇතිවනු ඇත. මහජනයා හා රජය අතර වාදවීම් හා මතගැටුම් ද ඇතිවෙයි. මහජන සෞඛ්‍යයට බාධා ගෙන දෙමින් වසංගත රෝග පැතිර යාමක් ද සිදුවිය හැකිය.

ප්‍රංශය, ඉතාලිය, සිසිලිය, රුමෙනියාව ආශ්‍රිතව විනෝද ස්ථාන, රංගශාලා, විද්‍යාස්ථානවල අයහපත් සිදුවීම් ඇතිවීමත්, හදිසි ගිනිගැනීම් සිදුවීම ද වාර්තා වනු ඇත.

ඇල්ජීරියාව, මොරොක්කෝ, සිරියාව යන රටවල රාජ්‍ය ප්‍රධානීන්ට අයහපත් වන අතර කීර්තිමත් පුද්ගලයන්ට මාරක ද වේ.

මේෂ - උදව් උපකාර

ඔබට යහපත් ඵල අත්වනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වන අතර දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වේ. ඔවුනට අන් අයගේ උදව් උපකාර ද හිමිවන කාලයක් වේ.

වෘෂභ - උසස්වීම්

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යන කාලයකි. සිතේ සහනය අත්වන අතර සේවා ස්ථානයේ මාරැවීමක් හෝ උසස්වීම් අපේක්ෂා කළේ නම් එම බලාපොරොත්තු ද ඉෂ්ඨ වනු ඇත.

මිථුන - විදේශ ගමන්

සාර්ථක කෙටි ගමන් යෙදෙන අතර ලේඛන හා සන්නිවේදන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන කාලයක් වේ. ආගමික හෝ අධ්‍යාපනික කටයුත්තකට විදේශීය ගමනක් ඇතිවිය හැක.

කටක - වියදම් වැඩියි

අවිවාහක අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් වන නමුත් තමාගේ උත්සාහයේ තරමට ඵල අත්කරගත නොහැකි වෙයි. මුදල් වියදම්වීම් වැඩිවන කාලයක් වන අතර ඉතිරි කර ගැනීමට බාධා ඇතිවන කාලයකි.

සිංහ - සිත් අමනාප

හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වන අතර හවුල් කටයුතුවලින් ද ඵල අත්කරගත හැකිවන කාලයක් වේ. ඔබට එරෙහි සතුරැ උපද්‍රව මඟහරවා ගත හැකි වේ. තමාගේ මතයට ක්‍රියා කිරීම මත හිතවතුන් තමා සමඟින් සිත් අමනාපකම් ඇතිකර ගැනීම් ද සිදුවනවා ඇත.

කන්‍යා - සතුරන් ඉවතට

විදේශ ගතවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවන අතර අවදානම් ස්ථානවල ගමන් යාමේදී පරිස්සම් විය යුතු කාලයක් ද වේ. පැවති සතුරැ බාධා දුරැවී යන අතර ඇස්වල පීඩාවක් මතුවිය හැක.

තුලා - ජයග්‍රහණ හිමිවේ

ඔබගේ වැඩවල ප්‍රමාදවීම් ඇතිවන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර අධ්‍යාපනික කටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලින් ජයග්‍රහණ ද අත්කරගත හැකි වේ.

වෘශ්චික - ගැටලු ලෙහේ.

පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු කාලයක් වේ. සිතේ සහනය අඩුවන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යන කාලසීමාවක් වනු ඇත.

ධනු - කෙටි චාරිකා

නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක් වෙයි. සන්නිවේදන තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන කාලයක් වේ. සිතේ සහනය අත්වන අතර සාර්ථක කෙටි ගමන් ද යෙදෙන කාලයක් වේ.

මකර - ඇස් රෝග

ඔබගේ උත්සාහයේ තරමට බලාපොරොත්තු වන ඵලය අත්කරගත නොහැකි වන කාලයක් වේ. ලැබීම් ඇතිවුවද වියදම් වැඩි කාලයක් වන අතර ඉතිරි කර ගැනීමට ද බාධා ඇතිවනු ඇත. අවදානම් ස්ථානවල ගමන් යාමේදී ප්‍රවේසම් විය යුතු අතර හදිසි ශරීර පීඩා ද ඇතිවනු ඇත. ඇස්වල රෝග මතු වේ.

කුම්භ - උත්සාහය සාර්ථකයි

අන් අය අතර කැපීපෙනෙන අයකු බවට පත්වන කාලයක් වන අතර ඔබගේ උත්සාහය මත තම කටයුතු සාර්ථක බවට පත්කරගත හැකි කාලයක් ද වේ. විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටී නම් ඔබගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

මීන - ගමන් බිමන් පරෙස්සමෙන්

ඔබගේ කටයුතුවලට යම් යම් බාධා මතු වුවද උත්සාහය මත යම්තාක් දුරට සාර්ථක බවට පත්විය හැකි කාලයක් වේ. ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු අතර ඇස් ආශ්‍රිත පීඩා ඇතිවිය හැක.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00