2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

කොළඹ ආහාර රජදහන Movenpink hotel

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

කොළඹ නගරයේ movenpink hotel එක කියන්නේ ජනප්‍රිය අවන්හලක්. සෑම රාත්‍රියකම AYU තේමාවට රාත්‍රී ආහාරය පිළිගන්වන ඔවුන් බ්‍රහස්පතින්දා විශේෂයෙන් මුහුදු ආහාරවලට වෙන් කරලා තියෙන්නේ.

කරදරයක් නැතිව පාඩුවේ ආහාර රසවිඳින්න පුළුවන් Movenpink හී buffet එක උසස් තත්ත්වයේ තියෙනවා. ඒ වගේම ආහාර grill කරන්නත් pasta station එක සඳහාත් වෙනම කොටසක් වෙන් කරලයි තියෙන්නෙ.

Movenpink හී රසවත් ආහාර වගේම Cocktails සහ vergintails හොඳ තෝරාගැනීමක් එක්ක අන්තර්ගතයි. මම නම් රස බැලුවේ movenpink usual කියලා නම් කරලා තියන berry breezer virgintail එක. හරිම රසවත්.

Pasta salad, chicken salad වගේම නිර්මාංශ අයටත් ගැලපෙන විදිහට සලාද වර්ග බොහොමයක් මෙතන තියනවා. බ්‍රහස්පතින්දාට නම් ඉස්සන්, කකුළුවන්, ගිරා මාළු, කාලමාරි, පරව් මාළු ඇතුළු තවත් බොහෝමයක් මුහුදු ආහාර අයිස් මත තබා තිබෙනවා දකින්න පුළුවන්. ඔබ කැමති මුහුදු ආහාරයක් තෝරගන එය සකසා දෙන්න ඔවුන්ට පවසන්න විතරයි තියෙන්නෙ. මුහුදු ආහාරය සැකසෙන තෙක් වෙනත් ආහාරයක් රසවිඳින්න ඔබට පුළුවන්. මම නම් ඒ අතරතුරේ vegetable fried noodles, Tomato smoked rice, beef lasagna, Roasted chicken, cajun potato wedges with sour cream රස බලන්න තීරණය කරා. විශේෂයෙන්ම Tomato smoked rice හා beef lasagna පුදුම තරම් රසවත්. movenpinkහි හොඳ අතුරුපස තෝරාගැනීමක් ද තියෙනවා. creme brulee තමයි මගේ තෝරාගැනීම වුණේ.

සමස්තයක් විදිහට රසම රස තත්ත්වයෙන් ඉහළ ආහාරවලින් යුතු අවන්හලක්. ඔබත් movenpink අත්දැකීමක් විඳගන්න අමතක කරන්න එපා.

Life.lk ඇසුරෙන්

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00