Alhambra කියන්නේ පැරැණිතම උතුරු ඉන්දියානු අවන්හලක්. ඉන්දියානු හැඟීමක් නිරයාසයෙන්ම ජනිත වන පරිදි නිර්මාණය වුණු මේ අවන්හල සුවපහසු වගේම අලංකාර එකක්. මෙය පිහිටලා තියෙන්නේ කොළඹ 03 සර් මෑකන්මර්කර් මාවතේ.
ප්‍රථමයෙන්ම ඔවුන් පිළිගන්වන්නේ Poppadaoms සමඟ Rasam කෝපයක්. සැබවින්ම ප්‍රධාන ආහාරය ගැන ඔබව නොඉවසිලිමත් කරන හොඳ ආරම්භයක්. සාම්ප්‍රදායික ඉන්දියානු වීදි ආහාරයක් වුණු papdi chaat, බැදගත් ලූනු, කජු සහ ගිතෙල් රසයෙන් රසවත් වූ Ghee rice, සැබැවින්ම රසවත් Tandoori prawns, හැමොම ආදරය කරන Tandoori Chicken, සාම්ප්‍රදායික ඉන්දියානු ආහාරයක් වුණු Jeera Aloo, විශේෂ නිර්මාංශ ආහාරයක් වන Kadai Bhindi, විවිධ වර්ගවල Naan සහ ඒ සමඟ පිළිගන්වන Chicken kurma ආදී බොහෝමයක් ප්‍රධාන ආහාරය සඳහා ඔබට තෝරා ගැනීමට පුළුවන්. අතුරුපස ගැන කතාකරනව නම් ඕනවට වඩා පැරණි රසත් නැති ඕනවට වඩා තෙල් ගතියක්ද නැති රසම රස Gulab Jamun වගේම කැරට් සහ කිරි රසයෙන් මෙන්ම කජුවලින්ද තවත් රසවත් වුණු Gajar Halwa අමතක කරන්නම බෑ. හොඳ සේවාවක් වගේම වටපිටාවක් තිබෙන Alhambra වෙත ගොඩවැදුණේ නැත්නම් ඔන්න අඩුපාඩුවක් තමයි.
සටහන සේයාරූ - Life.lk ඇසුරින්