අප පුවත්පත මගින් පසුගිය සතියේදී ද ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලිය සැපයීමේදී පාරිභොගික ජනතාවගේ ආරක්ෂිත තැන්පතු ලෙස ලබාගත් රුපියල් කෝටි 1100ක මුදලක් අතුරැදන් වීමක් පිළිබඳන වාර්තාවක් පළ කළෙමු. දිනෙන් දින මෙම ප්‍රබල අමාත්‍ය අංශ සහ ඊට අනුබද්ධ ආයතන මගින් සිදුවන විවිධ අක්‍රමිකතා වැඩිවෙමින් පවතින අතර මෙම එල්.ඊ.ඩී. විදුලි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය ඒ ගණයටම වැටෙනු ඇති බවට සැකයක් තිබේ.
මෙහි වගකීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට මූලික ලෙස පැවරුණත් ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව මගින් ලබාදෙන ලද නිර්දේශ නොසලකා හැරීම නිසා ගැටලු මතුවී තිබේ.
ව්‍යාපෘතිය ආරම්භයේ සිටම කොරියන් ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගැනීම නිසා මෙම ගැටලුව පැන නැගී ඇත.
අමාත්‍ය මණ්ඩලය වෙත මෙම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ තීන්දු වී ඇතැයි පැවැසෙන්නේ ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත එය යොමු කර නිර්දේශ ලබා ගන්නා ලෙසටය. කෙසේ නමුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මෙම යෝජනාව ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට යොමු කළ අවස්ථාවේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ජර්මනියේ සීමන්ස් ආයතනය ඉරිපත් කළ යෝජනාව නොසලකා හැරීම පිළිබඳව කරුණු විමසීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව කටයුතු කර ඇත. සීමන්ස් ආයතනයේ යෝජනාව අනුව ව්‍යාපෘතියට ඩොලර් මිලියන 260කට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවත් ස්වීස් චැලෙන්ඩ් ක්‍රමවේදය අනුගමනය කර ඇගයීමක් කිරීමට නිර්දේශයක් ලබාදී ඇතැයි පැවැසේ. නමුත් කිසිදු නිර්දේශයකට සවන් දී නැති පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කොරියන් ටෙලිකොම් සමාගමට මෙම ව්‍යාපෘතිය ලබාදීමට කටයුතු කර තිබේ.
රජයේ ක්‍රියා පටිපාටිය අනුව ටෙන්ඩර් කැඳවීම් කිසිවක් නොකර තම අභිමතය පරිදි ව්‍යාපෘතිය ආරම්භයේ සිට එම අමාත්‍යංශය කොරියන් ටෙලිකොම් සමාගමට එල්.ඊ.ඩී. විදුලි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය ලබාදීමට තීරණය කිරීම නිසා රජයට වූ අලාභය රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවූ බව වාර්තා වේ.
නමුත් මෙම රුපියල් මිලියන ගණනක අලාභය සිදු නොවීමට ඉඩක් තිබිණි. එනම් ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ඉදිරිපත් කළ ස්වීස් චැලෙන්ඩ් ක්‍රමවේදය නිසි ලෙස අනුගමනය කර අදාළ ක්‍රියාපටිපාටිය අනුගමනය කළේ නම් අමාත්‍යංශයට මෙවැනි ඉතා විශාල මුදලක් වැය නොකර ව්‍යාපෘතිය නිම කිරීමට හැකියාව තිබිණි.
තවදුරටත් කරුණු සොයා බැලීමේදී අපට දැනගත හැකි වූයේ කාර්යක්ෂම එල්.ඊ.ඩී. විදුලි පහන් සවි කිරීම වෙනුවෙන් වන ව්‍යාපෘති සම්බන්ධව අමාත්‍යංශ මගින් ස්විස් චැලේන්ඩ් ක්‍රමවේදය නිසි ලෙස අනුගමනය කර ක්‍රියාවේ යෙද වූයේ නම් ඒ සඳහා ඉදිරිපත් වීමට තවත් ජාත්‍යන්තර සමාගම් කිහිපයක් සූදානම්ව සිටි බව පැවැසේ. එහෙත් එවැන්නක් සිදු නොවීම නිසා මෙම සමාගම් වලට මෙම අවස්ථාවට සහභාගි වීමට තමන්ට නොහැකි වූ බව මෙම සමාගම් මගින් දැනුම් දී ඇති බවද කියති. එසේම මෙම සමාගම් මෙම ව්‍යාපෘතියට අදාළව තමන් සූදානම් කර තිබූ යෝජනා සැලකිල්ලට ගන්නා ලෙස ඉල්ලමින් ඒවා ආණ්ඩුවේ ප්‍රබලයන් කීපදෙනකුට ලබාදී ඇති බවත් සඳහන්ය.
කෙසේ නමුත් මෙම තොරතුරැ පිළිබඳ අමාත්‍යංශ අදහස දැන ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටත්, ආර්ථික කලමනාකරණ පිළිබඳ කටයුතු අමාත්‍යංශයත් සම්බන්ධ කර ගැනීමට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා ගත්තද එයට පිළිතුරක් නොලැබිණි. මෙම ව්‍යාපෘතිය පිළිබඳව කැබිනට් මණ්ඩලය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඒ නිසා කිසිදු ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් පවසා ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පසුව අප මේ සම්බන්ධව විස්තර දැනගැනීමට විදුලිබල ඉංජිනේරැ සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා හා සම්බන්ධ වූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ කීය.
ඇත්තටම ඔය සම්බන්ධව මම කිසිවක් දන්නේ නැහැ. නමුත් ඔබ කියන විස්තර අනුව මට කියන්න තියෙන්නේ මෙය ක්‍රියාත්මක වී ඇති ආකාර දෙකම වැරදි බවයි. රජයේ පිළිගත් ප්‍රතිපත්ති හා නීති තියෙනවා. අන්න ඒ ක්‍රියාපටිපාටිවලට අනුව තමයි සිදුවිය යුතු වන්නේ. ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවලා තාක්ෂණික කමිටුවක් හරහා ඒ ටෙන්ඩර් වලින් ඉදිරිපත්ව ඇති දත්ත ලේඛන හරහා තාක්ෂණික වශයෙන් ඉතා සුදුසුම සමාගමකට පැවරීමයි කළ යුතු වන්නේ. එහිදී මුදල් අඩුවෙන් ඉදිරිපත් කළ සමාගමට පැවරීම නොවෙයි විය යුත්තේ. තාක්ෂණික වශයෙන් සාර්ථකම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලද සමාගමට අනුමැතිය දීමයි කළ යුතුව තිබුණේ. ඒ නිසා මේ සිදුව තියෙන ක්‍රම දෙකම වැරදියි
විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවැසුවේ ලංකා විදුලි බල මණ්ඩලයට අයිතිවන්නේ ලයිට් කණු පමණක් බවය.
ලංකා විදුලිබල සේවක සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවැසුවේද එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව තමා නොදන්නා බවය.
කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමටත් පෙර එහි විවිධ අක්‍රමිකතා සිදුවන බවත් ඒ සම්බන්ධව වගකිවයුතු පාර්ශව අනෙකාට වගකීම පවරා තමන් ඇඟ බේරාගැනීමේ න්‍යායෙන් කටයුතු කරන බවත් පැහැදිලි වේ.
නුවන් හෙට්ටිආරච්චි