දඹුල්ල කියන්නේ සංචාරක ස්ථාන රාශියක් මැදි කරගත්තු ප්‍රදේශයක්. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය සහ මහනුවර යන ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තවලට මැදිව පිහිටලා තියෙන දඹුල්ලට එකතු වුණු අලුත්ම සාමාජිකයෙක් විදිහට ජෙට්වින් ලේක් හෝටලය හඳුන්වන්න පුළුවන්.
ඓතිහාසික දඹුලු ලෙන් විහාරයේ සිට කිලෝ මීටර 1.5ක දුරින් පිහිටලා තියෙන මේ අලුත්හෝටලය විශේෂයෙන්ම සොබාදහමට සහ සංස්කෘතික ස්ථාන නැරඹීමට කැමැති අයට හොඳින් ගැලපෙන නවාතැනක්. හෝටලයට සුඛෝපභෝගී කාමර 78ක් අධි සුඛෝපභෝගී කාමර 12ක් සහ Suits පන්නයේ කාමර 4ක් ඇතුළත්. මේ කාමර සියල්ලක්ම පාහේ ඉදිකර තිබෙන්නේ එහි සිටම සොබා සෞන්දර්යය නැරඹීමට හැකිවන අයුරිනුයි.
හෝටලයේ තවත් විශේෂත්වයක් තමයි එහි තේමාව ලෙස වළගම්බා රජු භාවිත කර තිබීම. වළගම්බා රජු සහ දඹුලු ලෙන් විහාරය අතර තිබෙන සුවිශේෂී බැඳීම ඊට හේතුවක් වී තිබෙනවා.
දේශීය ආහාරපාන වගේම චීන, ඉන්දියානු, ජපන් සහ බටහිර කෑමබීමත් රිසි පරිදි ලබාගන්න මෙහිදී පුළුවන්. හෝටලයේ ප්‍රධාන අවන්හල විශාල ගෙවත්තකට විවෘත වෙලායි තියෙන්නෙ. මේ නිසා ආහාර ගනිද්දී පවා සොබාදහමට සමීපව ගතකිරීමේ අවස්ථාවක් සැලසෙනවා.
ඒ වගේම ස්පා එකක්, ජිම් එකක් වගේ නූතන හෝටලයක තියෙන සියලුම ලක්ෂණවලින් මේ හෝටලය පොහොසත්. Infinity ආකාරයේ පිහිනුම් තටාකයත් සොබාදහම හා ඔබ තුළ ඇති බැඳියාව තවත් වර්ධනය කරනවා.
ජෙට්වින් ලේක් ගැන කතාකිරීමේදී අමතක නොකළ යුතු තවත් දෙයක් තමයි තිරසාර භාවිතාවන්ට ඔවුන් ලබාදී තිබෙන ප්‍රමුඛතාව. ඔවුන් සතුව විදුලි බල උත්පාදනය වෙනුවෙන් සූර්ය පැනල පද්ධතියක් පවතිනවා. ඒ වගේම ස්වභාවිකව වායු සමීකරණ කටයුතු වෙනුවෙන් ඒකකයක් පිහිටුවා තිබෙනවා. අප ජලය බැහැර කිරීමේදීත් ඒ වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙළක් ඔවුන් භාවිත කරනවා. මේ නිසා ජෙට්වින් ලේක්හි පැමිණෙන ඔබට සැබැවින්ම පරිසරය හා යහපත් සොඳුරැ සම්බන්ධයකට මුල පුරන්න අවස්ථාව හිමිවෙනවා.
සනත් වීරසූරිය
සේයා රූ l නිශ්ශංක මීගොඩ