දැනුම තනි ඔළුවක් තුළ නිර්මාණය වන්නේ නැත. පර්යේෂකයන් වශයෙන් අප කරනුයේ පවතින දැනුම තවත් සංවර්ධනය කිරීමයි. මොනතරම් නව්‍ය වූ පර්යයේෂණයක් වුවද ඊට පෙර එකතු කළ දැනුම නොසලකා හැර පර්යයේෂණය කෙරෙන්නේ නැත. ශ්‍රී ලාංකේය පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම් නම් නිබන්ධය තුළ එම පෙර පර්යේෂණ පිළිබඳ කදිම සමාලෝචනයක් කිරීමට ප්‍රභාත් චින්තක මීගොඩගේ අංකුර පර්යේෂකයා කදිම වෙහෙසක් දරා ඇති බව පැහැදිලිය. ඔහුට එම කටයුත්ත සාර්ථක කර ගැනීමට හැකි වූයේ ඊට පෙර කළ පර්යේෂණ සමාජගත කර තිබීම නිසාය.
එසේම ඔහු යොදා ගත් එම පෙර දැනුම අනුසාරයෙන් ගොඩනගන නව දැනුම, නැවත බෙදා ගැනීමේ සදාචාරාත්මක වගකීම පර් යේෂකයාට ඇත.
මීළඟට ඉස්මතු කළ යුතු වැදගත්ම කරුණ නම් පර්යේෂණ යනු විද්‍යාගාර තුළ පමණක් සිදුවන කටයුත්තක් නොවන බව හා ඕනෑම විෂය ක්ෂේත්‍රයකට ඔබින කටයුත්තක් බව පෙන්වමින් ඔහු ජනමාධ්‍ය හා වෙළෙඳ ප්‍රචාරණය තම විෂය ක්ෂේත්‍රය ලෙස යොදා ගෙන තිබේ.
යමෙකුගේ චින්තන රටාවට මෙන්ම හැසිරීමට ද ජනමාධ්‍යයට කළ හැකි බලපෑම පිළිබඳව සටහන් කරමින් ඔහු තම පර් යේෂණයට ප්‍රවේශ වේ. ජන මනස හැසිරවීමට ජනමාධ්‍ය යටත්විජිතකරණයේ මෙවලමක් වන බව ඔහු සටහන් තබයි.
මෙවන් පර්යේෂණයකදී යොදාගත යුතු ගුණාත්මක පර් යේෂණ ක්‍රමවේදය නිවැරදි ලෙස ඔහු තෝරාගෙන ඇත. යම් පර්ෙය්ෂණ හරහා ලැබෙන තොරතුරු ද එළඹෙන නිගමනද නිවැරදි නොවේ. සුවිශේෂ ලෙස ගත් කල ඔහු අන්තර්ගත විශ්ලේෂණය (Content Analyses) භාවිත කොට ඇත.
එසේම ඔහු තමන්ගේ පර්යේෂණ සීමාව හොඳින් හඳුනාගෙන මුද්‍රිත මාධ්‍යයට පමණක් එය සීමා කොට ඇත. එහෙත් මෙම තෝරාගැනීමේදී ඔහු රාජ්‍ය අනුග්‍රහය ලැබෙන එක පුවත්පතක් පමණක් තෝරා ගැනීම තුළ රාජ්‍ය නොවන පුවත්පත්වල හැසිරීම තේරුම් ගැනීමට ඉඩකඩ අහුරා ගැනීම මෙම පර්යේෂණයේ වටිනාකමට යම් සීමාවක් පනවා ගැනීම කණගාටුවට කරුණකි. එහෙත් තම තෝරාගත් පුවත්පත පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමට ඔහු කටයුතු කර ඇත. එසේම ඔහු තෝරාගත් කාල වකවානුවද ඉතාමත් උචිත වන්නේ එම වකවානුව තුළ විවෘත වෙළෙඳපොළ මෙන්ම රූපවාහිනිය හරහාද රටේ ඇති වූ මනෝභාවයේ මූලාරම්භය ඒ වකවානුව තුළ සනිටුහන් වන නිසාය.
මහාචාර්ය අතුල සුමතිපාල
අධ්‍යක්ෂ, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සංවර්ධන ආයතනය