ග්‍රහ මණ්ඩලයේ අති බිහිසුණු සිදුවීම් ඇතිකරන ක්ෂණික විපත් ගෙන දෙන සෙනසුරු මේ වන විට සඳුට අයත් සුවණ නැකතේ ගමන් කරමින් සිටී. මෙම වකවානුව තුළ බ්‍රහස්පති හා යෝගව මකර රාශියෙහි බලවත් ගමනක යෙදෙමින් සිටියදී සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය අඟහරු හා රවි, බුධ වෙත එල්ලවෙන අතර සෙනසුරු, අඟහරු, රවි, බුධ යන ග්‍රහයන්වද තම පාලනයට නතුකර ගනිමින් පවතී. නොවැම්බර් මස 21 වැනි දින දක්වාම බ්‍රහස්පති හා බුධ ග්‍රහයන් තම අණසක යටතේ තබාගන්නා සෙනසුරු, අඟහරු ග්‍රහයාවද දෙසැම්බර් 4 වැනිදා දක්වා තමාගේ පාලනයේ තබාගනු ඇත. මෙම තත්ත්වය අප රට කෙරෙහි ඇතිකරන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීම වැදගත් වෙයි.
මේ හේතුවෙන් අප රට තුළ අපරාධ ක්‍රියාවල වර්ධනයක් ඇතිවන අතර මහජන සේවා සපයන ආයතනවල වැඩ කරන සේවකයන්ගේ ක්‍රියා ගැන ජනතාවගේ දෝෂාරෝපණය එල්ල වන කාලයකි. ආරෝග්‍යශාලාවල බලධාරීන්ට සේවකයන්ටද චෝදනා එල්ල වනු ඇත. යම් යම් නීතිමය කටයුතු නීති පනත් සම්බන්ධව ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. විවිධ ක්‍රියාවලට භාවිත කරන නීත්‍යානුකූල නොවන ව්‍යාජ ලිපි ලේඛන, ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ගැනීමට අවකාශ අත්වනවා ඇත. ගංගා, මුහුදු ආශ්‍රිතව ගමන් කරන යාත්‍රා පෙරළීම්ද, ගිනි ගැනීම්වලට ලක්වීමක්ද වාර්තා වෙයි. දියේ ගිලී මරණයට පත්වීම් මෙන්ම යාත්‍රා අනතුරට ලක්වීමෙන් මරණ සිදුවීම්ද වාර්තා වනු ඇත. මෙම කාල වකවානුව තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවීමත්, වාතය තෙත ගතියෙන් යුක්ත වීමත්, හදිසි සුළි සුළං, ජල ගැලීම්ද සිදුවනවා ඇත. ආගමික නායකයකුගේ අභාවයක්ද අසන්නට ලැබේ. පවතින කොවිඩ් වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්ද, නව කොවිඩ් ප්‍රභේද රට තුළ ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් සිදුවන කාලසීමාවක් වනු ඇත.
භූමිය ආශ්‍රිතවද අශුභ සිදුවීම් වැඩිවන අතර ගොවිතැන් කරන වගා භූමි පාළුවට යාමත්, ගොවි ජනතාව වගා කටයුතු අත්හැර වෙනත් කර්මාන්ත කෙරෙහි නැඹුරු වීමත් සිදුවනවා ඇත. ගොවිබිම් නිසරුවීම නිසා ගොවි ජනයා සිහිමුලා ගතියෙන් කටයුතු කිරීමත් තම ජීවිත පවා විනාශ කර ගැනීම්ද වාර්තා වන කාලයක් වෙයි. මෙලෙස ගොවිබිම් ආශ්‍රිත ගැටලු ඇතිවීමත් සමඟ මහජනතාවට ආහාර හිඟයකට මුහුණදීමට සිදුවන සමයක් නිර්මාණය වෙයි. මහජනයාට පෝලිම්වල සිට තම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවන වකවානුවක් වෙයි. ආහාර හිඟවීමෙන් කුඩා දරුවන් යම් යම් රෝගී තත්ත්වයන්ට පත්වීම්ද වාර්තා වන කාලසීමාවක් වනවා ඇත. විශේෂයෙන් සෙනසුරු තමාගේ දැඩි ගතිය විහිදුවන්නා වූ සඳුගේ නැකතක ගමන් කරන මෙම වකවානුව තුළ මහජනයාට විවිධ වූ දුක් සහගත සිදුවීම්වලට මුහුණපෑමට සිදුවනු ඇත.
මේෂ - ජලයෙන් විපත්
පවුල් දිවියේ පැවති යම් යම් ප්‍රශ්න හේතුවෙන් සිත් කලකිරීමෙන් සිටියද ඉවසීමෙන් කටයුතු කරන කාලයක් වේ. හදිසි ශරීර පීඩාද ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බැවින් උස් තැන්වල ගමන් කිරීමත් ගංගා මුහුදු ආශ්‍රිතව කටයුතු කිරීමේදීත් පරිස්සම් වන්න.
වෘෂභ - සතුරන් ජයගනී
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවන කාලයක් වන අතර තම කාලත්‍රයාට හදිසි රෝගාබාධ ඇතිවන සමයකි. ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව පරාජය කර ගැනීමට හැකියාව අත්වන වකවානුවක්ද වෙයි.
මිථුන - අධ්‍යාපනයට හොඳ නැහැ
ඔබගේ මිතුරන් නිසා ඔබට විවිධ වූ ගැටලු ඇතිවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන කාලයකි. ආර්ථික අපහසුතාද, තැන්පත් ධනය වියදම් වී යාම්ද ඇතිවනවා ඇත.
කටක - උරුම හිමිවේ
භූමිය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යාමත් උරුම හිමිකම් ලබාගැනීමට හැකියාව ලැබීමත් සිදුවන කාල වකවානුවක් වේ. තම කාලත්‍රයාට හදිසි ශරීර පීඩා, රෝගාබාධ ඇතිවන්නාවූත් කාලයක් ද වේ.
සිංහ - නිර්මාණශීලී හැඟීම්
ඔබට අයහපත් නොවන අතර පිටස්තර අයට උදව් බලාගෙන උපකාර කිරීම් සිදු නොකළ යුතු කාලයකි. තාක්ෂණික නිර්මාණශීලී හැඟීම් ජනිත වනවා ඇත. සතුන්ගෙන් ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.
කන්‍යා - මංගල යෝජනා
අවිවාහක අයට මංගල යෝජනා ඇතිවන කාලයක් වේ. තම තැන්පත් ධනය වියදම් වී යන සමයක්ද වේ. තමාගේ උත්සාහයේ තරමට ප්‍රතිඵලයක් අත්කරගත නොහැකි වන කාලයක් වන අතර ඇස් ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.
තුලා - විදේශ ගමන්
දුර ගමන්, විදේශ ගමන් යාමට අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනවා ඇත. උරුම හිමිකම් ලබාගැනීමට හෝ තමාගේ අලෙවි කරගත නොහැකිව තිබූ වාහනයක් විකුණා ගැනීමට අවස්ථාව ලැබෙනවා ඇත.
වෘශ්චික - අක්ෂි ආබාධ
විවිධ වූ ගමන් යෙදෙන කාලයක් වේ. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය යෙදවීම්ද සිදු කරන අතර ඇස් රෝගාබාධයක් ඇතිවිය හැකි කාලසීමාවක් ද වේ.
ධනු - පොළොවෙන් ලැබීම්
දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙන දෙන අතර තම තැන්පත් ධනය හදිසි අවශ්‍යතාවයක් මත වියදම් කිරීමට සිදුවන කාලයක්ද වේ. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට හදිසි ලැබීම්ද ඇතිවේ.
මකර - හදිසි ආදායම්
දුර ගමන්, විදේශ ගමන් යාමට අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර සේවා ස්ථානයේ පැවති ප්‍රශ්නද මඟහැරී යනු ඇත. හදිසි ලැබීම්ද ඇතිවන කාලසීමාවක් වනු ඇත.
කුම්භ - මුදල් පාඩු
ඔබගේ යම් යම් කටයුතුවලට බාධාවීම් ඇතිවන කාලයක් වේ. විශාල මුදල් පාඩු අත්වන සමයකි. දුර ගමන්, විදේශගතවීමේ අපේක්ෂා ඉටුවන අතර ආගමික කටයුතුවලටද නැඹුරු වන කාලයකි.
මීන - ආර්ථිකය යහපත්
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට මෙන්ම ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වනු ඇත. තම ආර්ථිකය වර්ධනය වන කාලයක් වන අතර මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවීමත් හදිසි ශරීර පීඩා ඇතිවීමත් සිදුවන කාලයක් බැවින් කල්පනාකාරී වන්න.