2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

මැති ඇමැතින්ගේ විරෝධතා බහුල කාලයක්

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 121

මෙම වසරේ සිදුවන්නා වූ අවසන් අර්ධ චන්ද්‍රග්‍රහණය ඉල් මස පසළොස්වක පෝය දින සිදුවනු ඇත. 2021 නොවැම්බර් මස 19 වන කිවිදින සිදුවන මෙම ග්‍රහණය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස සිදුවෙයි. රවිට අයත් කැති නැකතේ 2 වැනි පාදය පවතිද්දී කිවිට අයත් වෘෂභ රාශියේදී සිදුවන මෙම ග්‍රහණයේ මධ්‍ය අවස්ථාව සවස 2 පසුවී විනාඩි 35ට වේ. මෙතෙක් නීචව සිටි සුරගුරු වූ බ්‍රහස්පති තමාට සමරාශි භවනක් වූ සෙනසුරුටම අයත් කුම්භ රාශියට 2021 නොවැම්බර් මස 20 වැනි ශනිදා රාත්‍රී 11 පසුවී විනාඩි 25ට පිවිස 2022 අප්‍රේල් මස 13 වැනි බුධ දින සවස 3 පසුවී විනාඩි 50 දක්වා බ්‍රහස්පති කුම්භ රාශිගතව ගමන් කරනු ඇත.

වසරේ අවසන් අර්ධ චන්ද්‍රග්‍රහණයත් සමඟ බ්‍රහස්පති කුම්භරාශි ගතව ගමන් කිරීමත් අප රටට සහ විදේශීය වශයෙන් මෙන්ම ඔබටද ඇති කරන්නාවූත් බලපෑම පිළිබඳව විමසා බලමු.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රටෙහි කර්මාන්ත ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි යහපත් තත්ත්වයට පත්වීමක් සිදුවුවද රටේ සාමයට බාධාවන් ඇතිවන වකවානුවක් වේ. රජයේ යම් යම් ක්‍රියාවන්ට එරෙහිව මහජන විරෝධතා වැඩිවන කාලයක් වන අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇමැතිවරුද රජයේ ක්‍රියාවලට එරෙහිව රජයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට හෝ වෙනත් සන්ධානගත වීමක් සිදුවන කාලයක් වේ. කලාකරැවන්ට කුඩා දූ දරුවන්ටද කාන්තාවන්ටද ඉතාමත් අයහපත් බලපෑම් ඇතිවන අතර මාරකද යෙදේ.

පවතින කොරෝනා තත්ත්වය තව තවත් වර්ධනය වෙමින් ජීවිත විශාල වශයෙන් විනාශයට පත්වන කාලයක් වන අතර රට නැවත වරක් දීර්ඝ ලෙස වසා දැමීමට සිදුවන්නා වූත් කාලසීමාවක් වනු ඇත. ගොවිබිම් පාළුවන අතර භූමියට සිදුවන විපත්ද වර්ධනය වෙයි. හදිසි නායයෑම්ද ජල විපත්ද භූමිය ගිලාබැසීම්ද කඳු කඩාවැටීම්ද භූමියේ සෙලවීම්ද වාර්තාවන කාලයක් බවට පත්වනු ඇත. මෙම වකවානුව තුළ රටේ බුද්ධිමත් පුද්ගලයන් ක්ෂණිකව මරණයට පත්වීම්ද සියදිවි නසා ගැනීම්ද වැඩිවන අතර රට තුළ යම්කිසි බිහිසුණු අපරාධ ක්‍රියාවක් හෝ යම්කිසි ආකාරයක රහසිගත අපරාධයක් සිදුවන වකවානුවක් වේ.

විදේශීය වශයෙන් රාජ්‍ය නායකයකුගේ අභාවයක් වන අතර ආගම් පිළිබඳ මතභේද ඇතිවෙයි. රිච්ටර් මාපාංක අංශක 7 ඉක්මවූ භූ චලනයක්ද සිදුවනවා ඇත. රාජකීය හෝ ඉතා උසස් විවාහ උත්සව සිදුවන කාලයක්ද වේ. මූල්‍ය ආයතන කඩාවැටීම්ද සිදුවන අතර ප්‍රසිද්ධ කාන්තාවකට මාරකයක්ද යෙදෙනවා ඇත.

මීළඟට ඔබට,

• මේෂ - සහෝදර බැඳීම්

ඔබට යහපත් වන අතර ලැබීම් මාර්ගද දියුණු වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල උදාවන අතර හවුල් මිතුරන්ගෙන්ද උදව් උපකාර අත්වනු ඇත. සහෝදර බැඳීම්ද ඇතිවනු ඇත.

• වෘෂභ - වචනයේ බලය

තම ආර්ථිකය වර්ධනය කරගත හැකි වන අතර අලුතින් ඉඩමක් මිලදී ගැනීමකටද යහපත් කාලයකි. සේවා ස්ථානය ආශ්‍රිතව පැවැති ප්‍රශ්න මගහැරී යන අතර තම වචනයේ බලයෙන් අන් අය වශී කරගත හැකි කාලයකි.

• මිථුන - ගැටලු මගහැරේ

ඔබට ශුභඵල ඇතිකරන අතර ආගමික කටයුතුවලටද වැඩිපුර සහභාගි වනු ඇත. සහෝදර සහෝදරියන් සමග පැවැති ප්‍රශ්න මගහැරී යන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට තරග ජයද ලබාගත හැකි වන කාලයකි.

• කටක - මුදල් පාඩු

විශාල ගනුදෙනු කිරීමේදී කල්පනාකාරී විය යුතු අතර විශාල මූල්‍ය පාඩු ඇතිවිය හැක. අලුතින් ඉඩමක් නිවසක් මිලදී ගැනීමට ශුභ වන අතර ශරීරයේ ලේ විස ගති ඇතිවනු ඇත.

• සිංහ - ව්‍යාපාර යහපත්

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වෙයි. ඔබගේ කලත්‍රයාට හදිසි ශරීර පීඩාද ඇතිවන අතර ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵලද අත්වනු ඇත.

• කන්‍යා - සතුරු උවදුරු

ඔබට හදිසි ලෙඩ රෝග ඇතිවන අතර දුරගමන්ද යෙදේ. විශාල මූල්‍යමය පාඩුද ඇතිවනවා ඇත. ඔබට එරෙහිව විවිධ වූ සතුරු උපද්‍රවද ඇතිවන කාලයක් වේ.

• තුලා - උදව් උපකාර

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින ඔබට යහපත් වන අතර ආගමික කටයුතුවලටද සහභාගි වන කාලයක්ද වේ. ඔබගේ හිත මිතුරන්ගෙන්ද උදව් උපකාර අත්වන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත.

• වෘශ්චික - ඉඩකඩම් මිලට ගනී

ඔබ යහපත් වන අතර අලුතින් ඉඩකඩම් මිලදී ගැනීමටද ශුභ වනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්නද මගහැරී යන කාලයකි. තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

• ධනු - කෙටි ගමන්

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන අතර වැඩදායී කෙටි ගමන්ද යෙදෙනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටි අයටද ශුභඵල අත්වන අතර හවුල්කරුවන්ද උදව් උපකාර දෙන කාලයකි.

• මකර - සතුරු බලවේග

තැන්පත් ධනයද වියදම් වි යන කාලයක් බැවින් පරිස්සමින් කටයුතු කළයුතුය. ඔබට එරෙහි සතුරැ බලවේගද ක්‍රියාකරන අතර පස්වන ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්නද මගහැරී යන කාලයකි.

• කුම්භ - මංගල යෝජනා

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වන අතර ලැබීම් මාර්ගද ඇතිවන කාලයකි. පැවති ප්‍රශ්න මගහැරී යන අතර අවිවාහක අයට මංගල යෝජනාද ස්ථීර වනු ඇත.

• මීන - සේවා ස්ථාන වෙනසක්

විශාල මූල්‍යම පාඩු අත්වන කාලයක් බැවින් පරිස්සමින් ගනුදෙනු කළ යුතු කාලයකි. සේවා ස්ථානයේ වෙනසක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටුවන අතර ආගමික කටයුතුවලද නිරත වන කාලයක්ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00