සූරිය විලේජ් කියන්නේ කලාකරුවන් එක්රැස් වන කලා පසුබිමක් තියෙන තැනක්. කොළඹ ස්කෙල්ටන් මාවතේ පිහිටලා තියෙන සූරිය විලේජ් භූමිය කොළඹ නගරය ඇතුළෙ වෙනස්ම පරිසරයක් නිර්මාණය කරන තැනක්. රටේ හතර කොණින්ම කලාකරුවන් ඇද බැඳ ගත්තු සූරිය විලේජ් කලා ලෝකයක්.
සූරිය කියන සංගීත නම හඳුන්වාදුන් ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාගේ මුණුපුරෙක් වන සංචිත වික්‍රමසූරියගේ අදහසක් අනුව ගොඩනඟලා තියෙන සූරිය විලේජ් බිම අද වනවිට කලාකරුවන්ට නවාතැන් පහසුකම් වගේම එකට මුහුවීමේ අවස්ථාවත් ලබාදෙන තැනක්.
පුහුණුවීමේ ශාලා, ස්ටුඩියෝ, පුස්තකාලයක්, නවීන තාක්ෂණය සහිත දේශන ශාලා, රසවත් ආහාර සහිත අවන්හලක් ආදිය මෙතැනට ඇතුළත්. මේ අවන්හලේ පිරිනමන කෑම ජාති වගේම ඒවායේ මිල ගණනුත් ගොඩක් හොඳයි. ඔබ මෙතැනට ආවොත් අමතක නොකර පානය කළ යුතු දෙයක් තමයි කරපිංචා ඩ්‍රින්ක් එක.
මෙතැන දේශීය කලාකරුවන්ට වගේම විදෙස් කලාකරුවන්ටත් අවශ්‍ය සේවා සැපයෙනවා. නවාතැන් පහසුකම් වගේම දේශීය කලාකරුවන් සමඟ සාමීචියේ යෙදෙන්න, අලුත් අදහස් හුවමාරු කරගන්න මේ වටපිටාව හොඳින් ගැළපෙනවා.
♦ ධනූ
ඡායාරූප l You're My Favorite