වර්ග කිලෝමීටර 65,610ක් තරම් වූ භූමි ප්‍රදේශයක් වන ලංකාව ඇතුළත ලෝකයේ සෑම ස්වභාවික ආකර්ෂණයක්ම පාහේ ගැබ් වෙලා තිබීම එක්තරා දුරකට විස්මිත දෙයක්. ලෝක ප්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් වරක් පැවසූ ආකාරයට ලංකාව සතු ස්වභාව සෞන්දර්යය, මිනිසුන්, ඉතිහාසය සහ කලාව දකින්න අධ්‍යයනය කරන්න මුළු ජීවිත කාලයකුත් ප්‍රමාණවත් නැහැ.
ආරුගම්බේ කියන්නේ ලංකාවේ තියෙන සුන්දර තැනක් වගේම ලෝකයේම සර්ෆින්වලට තියෙන හොඳම මුහුදු තීර 10න් එකක්. ආරුගම්බේ මුහුදු තීරයට මිනිත්තු 10ක දුරින් පිහිටලා තියෙන Bay Vista හෝටලය නවීන සහ සුවපහසුව එක්තැන් කරගත් සුන්දර නවාතැනක්.
නිදන කාමර 31කින් සමන්විත Bay Vista හෝටලය වයි ෆයි, පැය 24 කාමර සේවාව, වායු සමීකරණ, උණු ජලය, විදුලි පංකා, පෞද්ගලික බැල්කනි ආදියෙන් යුතුයි. මෙහි ආහාර අතුරින් sea food වලට ලැබෙන්නේ ප්‍රමුඛතාවයක්. නැවුම් මාළු යොදාගෙන පිළියෙල කරන ආහාර වර්ග රැසක් ඔවුන් සතුයි. දේශීය ආහාර වට්ටෝරුවලට අමතරව, ඉතාලියානු, බටහිර සහ පෙරදිග ආහාර වර්ග රැසක් මෙහි පිළිගැන්වෙනවා.
Bay Vista කියන්නේ පවුලේ ව්‍යාපාරයක්. ගැමුණු සහ කාන්ති කියන දෙපළගේ උත්සාහයෙන් ගොඩනැඟුණු මේ හෝටලය කුඩාවට ආරම්භ වන්නේ 2003 වසරේදී යි. මුහුද, සර්ෆින් වගේම යෝගා නිසාත් මේ හෝටලය ප්‍රසිද්ධියක් උසුළනවා. හෝටලයේ roof top අංගනයේ සිසුකෙරෙන යෝගා ව්‍යායාම මනස සුවපත් කරගන්නට වගේම ඉහළ මානයකින් මුහුදු තීරය දැකගන්නත් කදිම අවස්ථාවක්. මේ හෝටලය පිහිටා ඇත්තේ සංචාරක කේන්ද්‍රස්ථානයක කිව්වොත් නිවැරදියි. කුමන, ගල්ඔය, ලාහුගල වගේ ජාතික වනෝද්‍යාන පිහිටා තිබෙන්නේ බොහොම සමීපයෙනුයි. මඟුල් මහා විහාරය, කුඩුම්බිගල, විහාරමහා දේවිය ගොඩබැසූ ස්ථානය වන කොමරි, ඔකඳ හින්දු කෝවිල, උරණිය කලපුව වගේ බොහෝ ස්ථානවලට මෙතැන සිට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්.
♦ සනත් වීරසූරිය
සේයා රූ l රංජිත් පෙරේරා