කලියුගයෙහි 5118 වෙනි අවුරුද්ද ගත කරන්නට 2017 දී ලෝකවාසී ජනතාවට සිදුවී ඇත. කලියුගයේදී වැළඳෙන ඇතැම් රෝගවලට බෙහෙත් අහන්නේ නැති බව පෙර ඍෂිවරු පෙන්වා දී ඇත. ඒ හැරුණුකොට දැන් ගත කරන්නේ විෂ්ණු විංශතියයි. පෙර ආත්මභාවවලදී සිදුකළ අකුසලමය වැරදිවලට දඬුවම් දෙන්නත් විවිධ රෝග හදන්නත් මේ විංශතියෙහිදී හැකියාව ලැබේ.
කොරේ පිටට මරේ කියනවා මෙන් 2017 දී තවත් අපූරු ග්‍රහ සිත්තමක් විශ්වයේ මැවී ඇත. ඒ නම් යුරේනස් ග්‍රහයා ප්‍රචණ්ඩකාරීව හැසිරීමය. 2017.02.27 කුජ සමඟ යුද වැදී යුරේනස් ජය ගත්තේය. නැවත මාර්තු 26 වෙනිදා බුධ සමග සිදුකළ යුද්ධයෙන්ද මොහු ජය ලැබුවේය.
ඒ අතරේදී 2017.04.14 වෙනිදා ග්‍රහලොව මදාවි වෙස්ගන්නා කුජ ග්‍රහයාගේ තේජෝ රාශිය වන මේෂ රාශියට යුරේනස් සම්ප්‍රාප්ත වූයේය. ඒ සැණින්ම අප්‍රේල් 28 වෙනිදා යුද වැදී බුධ ග්‍රහයා පරාජය කළේය. නැවත මැයි 10 වෙනිදා යුද වැදී බුධ ග්‍රහයා යළිත් පරාජය කිරීමට සමත්විය.
විශ්ව කේන්ද්‍රයේ ශීර්ෂය නිවේදනය කරන මේෂයේ සැරිසරයි. ශීර්ෂ රෝග, හිසට පීඩා, පිස්සු ඔල්මාදය, හදිසි අනතුරු, මිනීමරු සිතක් තනන්නට මේෂයේ සැරිසරන යුරේනස් සමත්කම් දක්වයි.
දැනට කේතුගේ අස්විද නැකත යුරේනස් විසින් භජනය කෙරේ. ස්නායු නිවේදක බුධට පිට පිටම පහර දි පරාජය කළේය. මේ නිසා වර්තමාන මිනිසුන් තමන්ගේ අම්ම මුත්ත කාලේවත් නොඇසූ අලුත් අලුත් රෝග වැළඳී බෙහෙත් අහන්නේ නැතිව මිය යන්න පටන් ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදන මගින් ඔප්පු වෙමින් පවතී. මෙය දේව සාපයක්ද?
දේව සාප පසුපස එන්නේ තමන් විතරක් නොව තමන්ගේ දෙමාපියන්ද මේ ආත්මේ පමණක් නොව පහුගිය ආත්මවලත් කළ පව්වල ප්‍රතිඵල ලෙසිනි. අහිංසක සතුන් මරාගෙන කෑම සහ විවිධ දුෂ්චරිතවලින් මිදෙන්න පුළුවන් නම් බොහෝ රෝගවලින් මනුෂ්‍යයාට බේරෙන්න හැකිවේවි.
යුරේනස් මේෂයේ ගත කරන අවුරුදු හතේදී වාගේම 2010 සිට මීනයේ ගතකළ වසර හතේදීද සතා සීපාවාට පමණක් නොව ගහකොළ ආදියටද පිළිකා මතු කළේය. හරක් මස්, කුකුළු මස් කපන විට සමහර ස්ථානවල චොක්ලට් රෝල් එකක් කැපූවිට පෙනෙන ආකාරයේ බික් සහිත මස් ඔබ දැක ඇතිවාට සැක නැත. ගස්ලබු ආදියේද එවැනි බික් ගැලවෙන ස්ථාන ඇත. ඒ එහි නිර්මාණය වූ පිළිකාවය. හරක් මස්, කුකුල් මස් ආදියේ පවතින එකී පිළිකාවද නොදැනුවත්ව උයාගෙන රස කර කන අය ඇත.
යුරේනස් විසින් මැවූ රෝගකාරකය කලියුගයෙහි විෂ්ණු විංශතියේදී ජීවත්වන මනුෂ්‍යයා විසින් රෝග තනාගනු ලැබ අකාලයේ දුක්විඳ මියැදෙන හැටි දැක දැකවත් යහපත් ධාර්මික ජීවිත පවත්වාගෙන යාමට උනන්දු වීම මැනවි.
“ජ්‍යොතිෂ නන්දන” (විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යා පණ්ඩිත ශිරෝමනී)
ගාල්ලේ තලගහ අක්මීමන සුරාශ්‍රී ගුණවර්ධන