2023 අප්‍රේල් 23 වන ඉරිදා

සූර්යග්‍රහණයෙන් ලංකාවටත් බලපෑම්

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 215

2023 වසරේ අප්‍රේල් මස 20 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 9 පසුවී විනාඩි 48ට කේතුට අයත් වූ අස්විද නැකතේ 2 වැනි පාදයේදී පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවිය. අඟහරුට අයත් මේෂ රාශිය උදාව පවතිද්දී මෙය සිදුවීම සුවිශේෂී වෙයි.

මෙම පූර්ණ සූර්යග්‍රහණය සිදුවී හරියටම දින 15 කින් පසු 2023 මැයි මස 5 වැනි සිකුරාදා ද ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතය. මෙය සිදුවන්නේ බ්‍රහස්පතිට අයත් විසා නැකතේ ප්‍රථම පාදයේ සිකුරුය අයත් තුලා රාශියේදීය.

මෙම පූර්ණ සූර්යග්‍රහණය හා ඡායා චන්ද්‍රග්‍රහණය අප රටට ඉතාම අහිතකර වන අතර, ආසියානු රටවලට හා අප්‍රිකානු මහද්වීපයේ රටවලටද හානිදායක බලපෑම් ඇතිවන බව ජ්‍යොතිෂය අනුව සනාථ වේ.

මෙම ග්‍රහණ සිදුවන්නේ චර රාශිවලින් බැවින් ග්‍රහණ සිදුව මාස 3 ක් යාමට මත්තෙන් සුවිශාල ජල ගැලීම් සහ ඉතා ප්‍රබල භූ චලන නිසා කඳු සහ ගොඩනැගිලි කඩා වැටීමෙන් මිනිස් ජීවිත දහස් ගණන් විනාශ වනු ඇත. ජලය හා වාතය ආශ්‍රිතව රෝග බෝවන අතර කොවිඩ් 19ට සමාන අලුත් රෝගයක් ව්‍යාප්ත වීමට ඇති ඉඩ වැඩිය. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දුනිසියානු දූපත්වලට, ඉන්දියාව, පකිස්ථානය වැනි ආසියාතික රටවලට ඉතා ප්‍රබල භූ චලන බලපානවා ඇත. කෘෂි බෝග විනාශ වීමෙන් ආහාර සැපයීමේ දුෂ්කරතා ඇතිවේ. මෙම විපත්වලින් ආරක්ෂා වීම සඳහා ආගමානුකූල ක්‍රියාවල නිරත වීමට වගබලා ගැනීම මැනැවි.

ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂ නන්දන රේණුක වික්‍රමසිංහ
ඔලබොඩුව, ගෝනපල