2017 ජුනි 03 වන සෙනසුරාදා

දියවන්නාවේ පාවෙන හෝටලේ Garton’s Ark

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 210

නුගේගොඩ වැලි පාක් හෙවත් තෙත්බිම් උද්‍යානය කියන්නේ ව්‍යයාම පිණිස ගොඩක් දෙනෙක් යනෙන තැනක් වගේම තරුණ පෙම්වතුන්ගේ පාරාදීසයක්. හැබැයි වැලි පාක් අවට ප්‍රදේශයේ ඔබ මොබ යන ගොඩක් දෙනෙක්ට මඟ හැරෙන තැනක් තමයි Garton’s Ark කියන්නෙ. 

වැලි පාක් ව්‍යායාම මංතීරුවේ අන්තයේ පිහිටලා තියෙන Garton’s Hotel හෝටලය මගින් ක්‍රියාත්මක කරන Garton’s Ark  කියන්නේ නුගේගොඩ සහ දියවන්නා ඇළ මාර්ගයේ ගමන් කරන සංචාරක යාත්‍රාවක්.

තට්ටු දෙකකින් යුත් මේ යාත්‍රාව සුඛෝපභෝගී පහසුකම් රැසක් හඳුන්වා දී තිබෙනවා. එහි පහත මාලය සම්පූර්ණයෙන්ම වෙන්වන්නේ අවන්හල සහ බාර් එක සඳහායි. වායුසමීකරණය කරන ලද එම අවන්හලේ 64 දෙනකුට ආසන පහසුකම් පවතිනවා.  ඉහත මාලයේ 30 දෙනෙකුට පමණ පහසුවෙන් අසුන් ගත හැකියි. එය වෙන්වන්නේ කොක්ටේල් සාද ආදියටයි. විශේෂයෙන්ම කුඩා සාද ආදිය සඳහා මේ යාත්‍රාව ඉතා හොඳින් ගැලපෙනවා. නුගේගොඩ සිට රාජගිරිය දක්වා දියවන්නාව ඔස්සේ ගමන් කරන මෙම යාත්‍රාව ගමන්ගන්නේ කොයිතරම් හෙමින්ද කිව්වොත් ජලයේ ගමන් කරන බවක් නොදැනෙන තරම්. 

Garton’s Ark හි සතුව හොඳ සුහද, ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක් සිටිනවා. මේ නිසා සුවපහසුව, රසවත් ආහාරපාන වගේම ආරක්ෂාව ගැනත් හොඳ අවධානයක් එහිදී ලැබෙනවා. 

♦ රජිත 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00