මෙයා නමින් හරින්ද්‍ර මහකුඹුර. හරින්ද්‍ර ව්‍යවසායකයෙක්. ව්‍යාපාරය තැඹිලි වතුර පිටරට යැවීම. කාලෙකට කලින් ඔහු වෙළඳ ප්‍රචාරය ආයතනයක හිමිකරුවෙක්. එහෙත් ඒ ව්‍යාපාර පාඩු ලැබීමත් එක්ක අතහැරලා දාන්න හරින්ද්‍රට සිද්ධවෙලා.
මෙයා නමින් හරින්ද්‍ර මහකුඹුර. හරින්ද්‍ර ව්‍යවසායකයෙක්. ව්‍යාපාරය පොල් වතුර පිටරට යැවීම. කාලෙකට කලින් ඔහු වෙළඳ ප්‍රචාරය ආයතනයක හිමිකරුවෙක්. එහෙත් ඒ ව්‍යාපාර පාඩු ලැබීමත් එක්ක අතහැරලා දාන්න හරින්ද්‍රට සිද්ධවෙලා.
ඊට පස්සේ අහම්බෙන් දවසක ලංකාවේ පොල්වතුර ලීටර් පනස් දහසක් පමණ අපතේ යනවා කියන ප්‍රවෘත්තිය හරින්ද්‍ර දැකලා තියනවා.
“ඒ ප්‍රවෘත්තිය මගේ ජීවිතේ වෙනස් කළා. ඒ මොහොතේම මම අන්තර්ජාලය ඔස්සේ ඒ ගැන හොයලා බැලුවා. අපි ලෝකේ පොල් නිෂ්පාදනය කරන රටවල් අතරේ ඉන්න රටක්. ඒ වෙද්දිත් බ්‍රසීලය කුරුම්බා වතුර බෝතල් කරන සාර්ථක රටක් වුණා. අපේ රටෙන් එහෙම නිෂ්පාදනයක් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මම මේ ගැන හොයන්න පටන් ගත්තා. අන්තර්ජාලයේ මට මේ සඳහා අවශ්‍ය තාක්ෂණය තිබුණේ නැහැ. මම බොහෝ කාලයක් වැයකරලා මේ ගැන හෙව්වා. සති දෙක තුනක් එකදිගට නිදිමැරුවා. හැබැයි මට දවස් දහයක් තියාගන්න පුළුවන් වුණු පුංචි තාක්ෂණයක් ලැබුණා. මම ඒකෙන් කුරුම්බා බෝතල් කරන වැඩේ ආරම්භ කළා.”
කොහොම වුණත් මුල් කාලේ ඔහුට වෙළඳපොළක් ලැබිලා නම් නෑ. කොහොම වුණත් සංචාරක හෝටලේකින් තමයි ඔහුට ආරම්භය ලැබිලා තියෙන්නේ. හරින්ද්‍රගේ ආයතන නම හෙළCoco. අද වෙනකොට තැඹිලි වතුර බෝතලයට අමතරව ඉඟුරු කොත්තමල්ලි කෑන් ඇතුළු තවත් නිෂ්පාදන ඇසුරුම් කරනවා.
''විශ්වාස කරන්න... වැරදෙන්න... වැරදෙන්න... මම ඒ හැම දෙයක්ම ගණන් කරන්න පටන් ගත්තා. බොහෝදෙනා හිතට එන පීඩනයට විවිධ මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට් බොන්න පුරුදු වුණත් මම වයින්වත් බොන කෙනෙක් නෙමේ. ඒ නිසා වරදින තැන් ගණන් කරන්න මම ඇබ්බැහි වුණා. විශ්වාස කරන්න... මම ගණන් කරන්න ගත්තට පස්සෙ දෙසීය වතාවක් මම අසාර්ථක වෙලා තිබුණා. ඊටපස්සේ තමයි මම නියම තාක්ෂණය හොයාගෙන තිබුණේ.”
ඔහු ඇත්තටම චරිතයක්. කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලැබූ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී බස්නාහිර පළාතේ හොඳම නවෝත්පාදක ආයතනය සහ කොරෝනා වසංගත කාලයෙහි අභියෝගවලට මුහුණදෙමින් අඛණ්ඩව ව්‍යාපාරය වර්ධනය කරගත් හොඳම ව්‍යවසායකයා සම්මාන ලබන්න හෙළCoco වලය පුළුවන් වුණේ ඒ නිසා.
I චමිඳු නිසල්