2023 ජුලි 22 වන සෙනසුරාදා

රැවටෙන්න එපා!

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ පසුව එම සිසුන් ඉලක්ක කරගෙන විවිධ පුහුණු පාඨමාලා පිළිබඳව දැන්වීම් ප්‍රචාරය වීම දකින්න ලැබෙනවා. වෘත්තිය පුහුණුව ලබාදෙන ආයතනවල දැන්වීම් රාශියක්ද ඒ අතර තිබෙනවා. මෙවැනි ආයතනයක් තෝරාගැනීමේදී වඩාත් විමසිලිමත් විය යුතුයි. සුදුසුකම් නැති ව්‍යාජ ආයතන  තමන් පිළිගත් වෘත්තීය පුහුණු ආයතන ලෙස පෙනී සිටිමින් රාජ්‍ය ලාංඡනයද භාවිතා කරමින් දෙස් විදෙස් පිළිගත් සහතික ලබාදෙන බව ප්‍රචාරය කිරීමත් මේ අතර සිදුවෙනවා.

රජය විසින් පිළිගනු ලබන්නේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතන හා ලියාපදිංචියට ඇතුළත් කර ඇති පුහුණු පාඨමාලා පමණයි. එය රජයේ හෝ රජයට අනුබද්ධ ආයතනයක් වුවද තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී තිබිය යුතුය. එම ලියාපදිංචිය සහ ලියාපදිංචි අංකය ගැන විමසිලිමත් විය යුතුයි. නැතහොත් වන්නේ නිකරුණේ මුදල් සහ දරුවාගේ කාලය  නාස්ති වීමක් පමණයි.
වැඩි තොරතුරු අවශ්‍ය නම් අමතන්න 011-7608022