2023 ජුලි 22 වන සෙනසුරාදා

Two අයිඩියාස්

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 98

මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ශ්‍රී ලංකාව ව්‍යාපාර පටන් ගන්න හිතන්නේ ගොඩක් දෙනා අතර මඟ නැවතිලා ඉන්නවා. ඉරිදාවක් සතියට ඔයාලට පොඩි අදහස් දෙකක්.

විසිතුරු මත්ස්‍ය වගාවට බහිමු

මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා බොහොම සාර්ථකව සිදු කරගෙන යන ව්‍යාපාරයක් තමයි විසිතුරු මත්ස්‍ය වගාව. හැබැයි ආසාවට මේ වැඩේ පටන් ගන්න සමහරු අතරමගදී මේ ව්‍යාපාරය නතර කරනවා. එහෙම නොවෙන්න නම් ඔයාලා මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන් කරන්න.

විසිතුරු මත්ස්‍ය වගාව අපනයනය ඉලක්ක කරගත්ත ව්‍යාපාරයක්. ඒ නිසා ඔයා ස්වයං රුකියාවක් විදියට මේ ව්‍යාපාරය පටන් ගත්තත් අපනයන වෙළෙඳපොළ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හොයාගන්න ඕනෑ. මේ වෙනකොට සමාජ මාධ්‍ය ඒ සඳහාම නිර්මාණය වුණු සමූහ තියෙනවා.

ඊළඟට මේ සම්බන්ධව හොඳ උපදෙස්, දැනුම ලබාගැනීම තමා කරන්න ඕනෑම දේ. මේ සම්බන්ධ රාජ්‍ය අංශය සම්බන්ධ වගකීම දරන්නේ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය. ඒ ආයතනයට සම්බන්ධ නිලධාරීන් සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ඉන්නවා. නිලධාරියෙක්ව ගිහිල්ලා හම්බවෙලා උපදෙස් ලබාගෙන ව්‍යාපාරයට අත ගහන්න. හරිම මත්ස්‍ය විශේෂ ටික තෝරගන්න. විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගන්න. දැනුම සහ වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් මේ ව්‍යාපාරයෙන් ඔයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්.

කඩයක් නැතිව ගෙදරම බේකරියක් කරමු

මේ වෙනකොට ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරලා හොඳින්ම කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් තමා මේ. විශේෂයෙන්ම කේක් වර්ග සහ රසකැවිලි නිෂ්පාදනය සම්බන්ධව උනන්දුවක් තියෙන අය තමා මේ ව්‍යාපාරයට අත ගහන්න ඕනෑ.

සාමාන්‍යයෙන් නම් මේ කප් කේක් වර්ග, උපන්දින කේක් ඇතුළු රසකැවිලි නිෂ්පාදනය කරල කරල වෙළඳපොළට දාලා අලෙවි කරන එක තමයි පහුගිය කාලෙ සිද්ධ වුණේ. ඒත් දැන් ඔයාට පුළුවන් ෆේස්බුක් පිටුවක් හරි ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් භාවිතා කරල මේ වැඩේ පටන් ගන්න. එහෙම කරනවා නම් මුලින්ම ලොකුවට පටන් ගන්න එපා.

ගෙදර ආසාවට ඔයා හදන නිෂ්පාදනවල ලස්සන පින්තූර ටිකක් අරගන්න පස්සේ ඒවා සමාජ මාධ්‍යයට එකතු කරන්න. දිගින් දිගටම ටික කාලයක් කරද්දී ඔයාට ඉල්ලීම් ලැබෙන්න පටන් ගනියි. පස්සේ ආහාර ඩිලිවරි සේවාවක ලියාපදිංචි වීම වැඩේට හරිම පහසුයි.

විශේෂයෙන්ම ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය වේදිකාවල මේ වැඩේ බොහොම සාර්ථකව කරන්න පුළුවන්. ඔයා සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වන තරමට සහ නිර්මාණශීලී වෙන තරමට තමා මෙතනදී ඔයාට සාර්ථක වෙන්න පුළුවන් වෙන්න.