2023 ජුලි 22 වන සෙනසුරාදා

ලංකාවේ කටුඅනෝදා ලෝකෙට ගෙන ගිය රංජන්

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 259

අධිෂ්ඨානය කැපවීම සහ නිර්මාණශීලිත්වය නිසාවෙන්ම ලෝකය ජයගත් විශිෂ්ට ව්‍යාපාරිකයෙක් තමා රන්ජන් හංචාපොළ. රන්ජන් ඉංජිනේරුවෙක් පර්යේෂකයෙක්. පසුකාලීනව ඔහු වැවිලිකරුවෙක් බවට පත්වුණා. කටු අනෝදා පානය තමා ඔහුගේ ජීවිතය කතාව වෙනස් කළ නිෂ්පාදනය බවට පත්වුණේ. මේ වෙනකොට දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් විවිධාකාර නිෂ්පාදන සිදුකරමින් රන්ජන් හංචාපොළ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගන්න උත්සාහ දරමින් ඉන්නවා.

CAP CYLON නාමය යටතේ අද වෙනකොට රන්ජන්ගෙ නිෂ්පාදන බොහොම ජනප්‍රියයි. ඇත්තටම රංජන් පිටුපස තියෙන්නෙත් අපූරු කතාවක්. ව්‍යවසායකයෙක් විදියට දිරියෙන් නැගිටින උත්සහ දරන ඕනෑම කෙනෙකුට ඔහුගේ කතාව ආදර්ශයක්. කපු වගාවට සම්බන්ධව පරීක්ෂණ කණ්ඩායමක් එක්ක එකතුවෙලා ගියපු චාරිකාවකදී තමයි මේ තරුණයට වැවිලි කරුවෙකු වීමේ හීනය ඇතිවෙන්නෙ. ගහකොළට සොබාදහමට ආදරය කරපු නිසා ඔහු මේ හීනේ පස්සේ ඇවිදගෙන ගියා.

කොහොමහරි තණමල්විල සහ උඩවලව ප්‍රදේශය අතර අක්කර පහක ඉඩමක් මිලදී ගන්න මේ තරුණ ඉංජිනේරුවා සමත් වෙනවා. මුල් කාලයේ රන්ජන්ගෙ සමීපතමයන් පවා ඉංජිනේරුවෙක් විදිහට ඔහු මේ කරන්න යන දේට එතරම් කැමැත්තක් දක්වලා නැහැ. ඒත් ඔහු ඒ දේ කළා. ඔහු එදා තීරණය කළේ අඹ වවන්න. ඒත් ඒ වෙනකොටත් අඹ මේ ප්‍රදේශවල ගොඩක් දෙනෙක් වගාකරලා හමාරයි.

මේ අභියෝගයත් බාර අරගෙන තමන්ගේ ඉඩම දෙකට බැඳලා අඹ සහ කටු අනෝදා වවන්න හංචාපොළ තීරණය කළා. සාර්ථක ව්‍යවසායකයේ ලක්ෂණ ප්‍රකට කරගනිමින්, කටු අනෝදා සම්බන්ධව ලෝකෙ ඉල්ලුම ගැන ඔහු පූර්ව ගවේෂණයක් සිද්ධ කරලා තිබුණේ. අවසානෙ කොහොම හරි ඔහු ඉඩම් අරන් අනෝදා වැව්වා. අනෝදා ගෙඩිපිටින්ම වෙළඳපොළට යවන්න තමා ඔහු බලාපොරොත්තුව වුණේ.

ඒත් ඵලදාව නෙළාගත්තට පස්සේ දින කිහිපයක් ඇතුළත කටු අනෝදා අලෙවිය අවසන් කළ යුතු වුණා. තමන් මුහුණදෙන ප්‍රශ්නවලට උත්තර සෙවීම හරහා තමයි සාර්ථක ව්‍යාපාරිකයෙක් බිහි වෙන්නේ. ඒ අනුව කටු අනෝද වලින් නිෂ්පාදනයක් සිද්ධකරලා වෙළඳ පොළට හඳුන්වා දෙන්න අවසානය ඔහු තීරණය කළා. ඉතින් ඒ ගැන පරීක්ෂණ කරන්න පටන් ගත්තා.

අවසාන අත්හදා බැලීම් කිහිපයක් කෙළවර, රන්ජන් හංචාපොළ කටු අනෝදා යුෂවලින් සාර්ථක බීමක් හැදුවා. ඉංජිනේරුවා, වැවිලිකරුවා, පරීක්ෂකයා වගේ භූමිකා කිහිපයක් ඔස්සේ ඉදිරියට ආපු හංචාපොළ අවසානයේ නිෂ්පාදකයෙක් බවට පත්වුණා. අනෝදා පානයට විතරක් නෙවෙයි අනෝදා කොළයටත් විදෙස් රටවලින් ඉතා විශාල ඉල්ලුමක් ලැබෙන බව ඔහු දැන ගත්තා. අනෝදා කොළ සමඟ දෙහි රසය, අනෝදා කොළ සමඟ ඉඟුරු, අනෝදා කොළ සමඟ මුරුංගා වගේ විවිධාකාර නිෂ්පාදන ඔහු බිහි කළා.

ඇත්තටම රන්ජන් අනෝදාවලට විතරක් සීමා වුණේ නෑ. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන තවත් ගොඩක් නිෂ්පාදන සිද්ධ කළා. මේ වනවිට CAP CYLON සන්නාම යටතේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන බොහෝ නිෂ්පාදන සිදුවෙනවා. මූණු පොතේ මේ ගැන හොයලා බලන්න පුළුවන්. ලෝකය පුරා රටවල් රුසකින් ඔහුට ඇණවුම් ගලාගෙන එනවා. ලොවපුරා රටවල් ගාණක අපේ මේ බීම විදේශිකයන් පානය කරනවා.

ඇත්තටම අද මේ ව්‍යාපාරය විශාල පරාසයක පැතිරිලා යන බොහෝදෙනා ප්‍රතිලාභ ලබන දේශීය ව්‍යාපාරයක් බවට පත්වෙලා හමාරයි. ඒ වගේම මේ අපනයන ව්‍යාපාර අපේ රටටත් විශාල ශක්තියක්.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00