2023 ජුලි 29 වන සෙනසුරාදා

වචන 800කින් ඉංග්‍රීසි පටන් ගමු

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 125

පෙර සතියක අප සමඟ කතාබහ කළ ජනප්‍රිය ඉංග්‍රීසි දේශක පූජිත විජේසිංහ පැවසුවේ සාමාන්‍ය මට්ටමට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට මාස 6-7ක් ගතවන බවයි. භාෂා ඉගෙනීම ගැන විශේෂඥයන් පවසන පරිදි සාමාන්‍යයෙන් යම් භාෂාවක් තමන්ගේ මව් භාෂාව විදියට කතා කරන අයගේ ඔළුවේ දළ වශයෙන් වචන 15,000-20,000ත් අතර ප්‍රමාණයක් ගබඩා වී තිබෙනවා. 

පොදු වචන සහ ඒ වචනවලින් හැදෙන වෙනත් වචනත් ඔවුන් දැන සිටිනවා.  ඒ කියන්නේ අපේ සිතේ සිංහල වචන ඒතරම් ඇති. නමුත් ඉංග්‍රීසි දන්නැති අයගේ සිතේ ඇත්තේ ඉංග්‍රීසි වචන කීපයක් පමණයි. භාෂා විශේෂඥයන් පවසන ආකාරයට යම්   භාෂාවක මූලික වචන 800ත් 1,000ත් අතර ප්‍රමාණයක් මුලින් අල්ලගත්තොත්, ඒ භාෂාව ඉගෙනගන්න ලේසි වෙනවා. ඒ නිසා ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ලේසිම විදිහ තමයි භාෂාවක තියෙන නිතරම භාවිතා වෙන පොදු වචන මුලින්ම ඉගෙන ගන්න පටන් ගන්න එක. එතනින් අල්ලගත්තොත් භාෂාව ගොඩ දාගන්න එක ලේසියි.

ගුරුවරුන්ගේ පන්තිවලට ගොස් හෝ ඔන්ලයින් ක්‍රමයට හෝ ඉගෙන ගැනීම පටන්ගන්න පෙර මූලික වචන මතකයේ තබාගෙන වැඩේ පටන් ගමු නේද?