2023 ජුලි 29 වන සෙනසුරාදා

පාඩම් මතක තබාගන්න ක්‍රමයක්

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

හුඟ දෙනෙකුට අද පාඩම් කරන දේවල් මතක තබාගන්න අමාරුයි. හිත හීලෑ නැති නිසයි ඒ.  අපි හිත හීලෑ කරගන්නේ කොහොමද?

විෂය කරුණු කෙරෙහි නිතරම අවධානය යොමුකරන්න.

මතකයේ රඳවා ගැනීමට අවශ්‍යම දේ තමයි අවධානය. එය පළමුව දෙවනුව මෙන්ම තුන්වැනිවත් වැදගත් වේ. මතකයේ රුඳෙන දේ ටික වේලාවක් යනවිට සිතින් ගිලිහී යාම සාමාන්‍යයයි. එය දිගුකාලීන මතකයට ඇතුළු කිරීමට අවධානය අත්‍යවශ්‍යයයි. එහිදී විෂයයේ තොරතුරු ගැන නිතර අවධානයෙන් සිටිය යුතුයි. ඒ සඳහා රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණවලින් බාධා නොමැති තැනක් පාඩම් කිරීමට භාවිත කරන්න. අසල ඇති ස්මාට් ජංගම දුරකථන ඉවත් කරන්න. නැතහොත් නිතර ෆෝන් එක භාවිත කිරීමට සිතෙනු ඇති. අවට පරිසරය නිරවුල් සහ සාමකාමී වුවහොත් අපට මතක තබාගැනීමට අවශ්‍ය දේවල් සිතට කා වැදීමට පහසු වේ. සිතේ අභ්‍යන්තරය නිරවුල් වීමත් අවශ්‍යයි. එමෙන්ම සිරුරේ පහසුවත් අත්‍යවශ්‍ය කරුණක්. මේ නිසා ස්නානය කර පිරිසිදු වී පාඩම් කිරීම පටන්ගන්න.