වැඩි දෙනෙක් යූ ටියුබ් භාවිත කරන්නේ ගීත අහන්න, විහිළු කතා, ටෙලිනාට්‍ය බලන්න, ට්‍රුවල් වගේම කෑම හදන හැටි බලන්නයි. නමුත් එය ඉතා හොඳ අධ්‍යාපන මාධ්‍යයකි. කාලය නාස්ති කරනු වෙනුවට යූ ටියුබ්හි වැඩසටහන් හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් කියාදෙන්නයි අපි හිතුවේ. ලංකාවේ යූටියුබ් අධ්‍යාපනය අඩු වුණත් ලොව දියුණු රටවල එය ඉතා සුලබ අධ්‍යාපන මෙවලමක් වෙලා. නොමිලේ ඉතා ඉහළ මට්ටමින් ඉංග්‍රීසි දැනුමක් ලබාගත හැකි යූටියුබ් චැනල් කිහිපයකි මේ.
BBC Learning English
ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක් වන බ්‍රිතාන්‍යයේ BBC ආයතනය මඟින් තමයි මේ චැනල් එක පවත්වාගෙන යන්නේ. එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අවස්ථා, සම්මුඛ සාකච්ඡා, කාටුන් වගේ විවිධ ආකෘතින් වලින් සකස්වුණ වැඩසටහන් ඔවුන් නිතර ඉදිරිපත් කරනවා. මේ වැඩසටහන්වල කාලය කෙටි වුණත් වැදගත් තොරතුරු රැසක් අඩංගුයි. වැඩි දැනුමක් නොමැති අයටත්, දැනුම සාමාන්‍ය මට්ටමක පවතින අයටත්, හොඳ දැනුමක් ඇති අයටත් භාවිතා කළ හැකි චැනල් එකක් විදිහට BBC Learning English හඳුන්වන්න පුළුවන්.
British Council Learn English
British Council එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය කවුන්සිලය ගැන ඔයාල අහල ඇති. අපේ රටේත් එහි ශාඛාවක් තිබෙනවා. එහි ඉංග්‍රීසි පාඨමාලාත් පවත්වනවා. British Council Learn English කියන්නේ ඔවුන්ගේ මව් සංගමය විසින් පටන් ගත්ත චැනල් එකක්. මෙහි වීඩියෝ වල ඉහළ වෘත්තීය පෙනුමක් දකින්න ලැබෙනවා. කාටුන් භාවිතයෙන් කියාදෙන ව්‍යාකරණ පාඩම් වගේම සත්‍ය ජීවිතේ සිදුවීම් ආශ්‍රිත පාඩම්ද මේ චැනල් එකෙන් විකාශය කරනවා.
JenniferESL
මේ චැනලයේ ඉංග්‍රීසි පාඩම් කියාදෙන්නේ කරුණාවන්ත ගුරුවරියක් විසින්. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පටන්ගන්න අයට ඉතාමත් හොඳ YouTube චැනල් එකක් තමයි මේ. 2007දී පටන්ගත් මේ චැනලයේ වීඩියෝ 600කට අධික ප්‍රමාණයක් ඇතුළත්. මේ චැනල් එකේ වීඩියෝ විවිධාකාර මාතෘකා රාශියකින් සමන්විත වෙනවා වගේම ඉගෙන ගැනීමට උදවු කරන්න අලංකාර ග්‍රුෆික්ද ඒවායේ ඇතුළත් වෙනවා.
Rachel’s English
ඔයා උනන්දු වන්නේ ඔයාගේ ඉංග්‍රීසි වචන උච්චාරණය හදාගන්න නම් මේ චැනල් එක තමයි ගැලපෙන්නේ. මිලියන පහක දායකයන් සංඛ්‍යාවක් සහිත මෙහි පාඩම්වලින් කියලා දෙන්නේ ඇමරිකානු ආකාරයට ඉංග්‍රීසි වචන උච්චාරණය කරන ආකාරයයි. සෑම අඟහරුවාදා දිනකම ඔවුන් අලුත් වීඩියෝ එකක් නිකුත් කරනවා.
Business English Pod
රැකියාවකට යන කෙනෙකුට මේ චැනල් එක වඩාත් සුදුසුයි. මේ චැනල් එකේ කියලා දෙන්නේ ව්‍යාපාරික ඉංග්‍රීසි. අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන ඉංග්‍රීසිවලට වඩා ව්‍යාපාරික ලෝකයේ භාවිතා වන ඉංග්‍රීසි හාත්පසින්ම වෙනස්. මේ චැනල් එකේ තිබෙන වීඩියෝ නරඹලා තනිවම ඉගෙනගත හැකි විදිහටයි ඉදිරිපත් කරන්නේ. රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් වීමට Business English Pod චැනල් එකෙන් කියාදෙන ව්‍යාපාරික ඉංග්‍රීසි හොඳ රැකුලක් වේවි.
sayhello.lk ඇසුරිනි