සාමාන්‍යාධිකාරී - විදේශ සේවා නියුක්ති කාර්යංශය - ඩී.ඩී.පී. සේනානායක
Q විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ ලාබ ලබන ආයතනයක්ද? සේවා සපයන ආයතනයක්ද?
අපේ ආයතනය ඔය දෙකටම අයිති සේවා සපයමින් ලාබ ලබන ආයතනයක්. ඒ වගේම දෙන ලද ඉලක්කවලට යන ආයතනයක්. ඒ නිසා මේ අර්ථකථන තුනම අයිති වෙනවා කාර්යංශය සම්බන්ධයෙන්. මේක ගැන කිව්වම කාටහරි හිතෙන්න පුළුවන් රාජ්‍ය ආයතනයකින් එහා ගිය දෙයක්ද කියලා. ඒත් ඒ අංශ තුනම ළඟා කරගනිමින් අපි කටයුතු කරන්නේ.
Q අපි දන්නවා විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔබලා ගාස්තුවක් අය කරනවා ලියාපදිංචිය සඳහා. මොකටද ඒ ගාස්තුව මොකක් සඳහාද ඒ ගාස්තුව අය කරන්නේ?
කාර්යාංශය සංස්ථාපනය කරලා තියෙන්නේ 1985 අංක 21 කියන පාර්ලිමේන්තු පනතින්. ඒකට අනුමත ගාස්තුවක් නම් කරලා තියෙනවා. ඒක නීතිමය කාරණයක්. එහෙම විදෙස් ගතවීමේදී ඒ අනුමත ගාස්තුව ගෙවන්නම වෙනවා. එහෙම ලියාපදිංචි වුණාම යම් යම් ප්‍රතිලාභ විදෙස් ගතවූවන්ට ලැබෙනවා මේ දේවල්වලට අමතරව.
Q අපි දන්නවා පහුගිය කාලය පුරාම මැදපෙරදිගින් යම් යම් සිදුවීම් වාර්තා වුණා. විශාල වශයෙන් අඩත්තේට්ටම්. දැන් එහෙම පැමිණිලි එනවද? අඩුද?
ඇත්තටම අපි හැම අංශයකම දියුණුවක් ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. විශේෂයෙන් අපි අපේ ශ්‍රමියකයන් නිසි පුහුණුව ලබාදීලා තියෙනවා. ඒ වගේම ගිවිසුම් ගතවීමේදී ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරලා තියෙනවා. ඉතිං මේ සියලු අංශවල වර්ධනය තමයි විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවට මූලිකම හේතුව. ඒ වගේම ශ්‍රමිකයන් ලබාගන්නා රටවල් පවා වර්ධනය වෙලා තියෙනවා සේවක අයිතිවාසිකම් ගැන.
Q අපි පෞද්ගලික සම්බන්ධතා මත විවිධ රැකියාවලට යනවා. ඒ යද්දීත් අපි ලියාපදිංචි වෙන්න ඕනද විදේශ රැකියා කාර්යාංශයේ?
ලියාපදිංචි වීමේ නීතියට රැකියාව අත්කර ගැනීමේ ක්‍රමවේදය අදාළ නෑ. අපි රටක් හැටියට ආයතනයක් හැටියට මූලික අරමුණ තමයි ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා අවස්ථා සුරක්ෂිත කරන එක. ඒ වගේම ඔවුන් යන්නේ කුමන රැකියාවකට, කුමන රටකද යන්න දත්ත තොරතුරු රජය සතුවිය යුතු නිසා එක පැත්තකින් මේ ලියාපදිංචිය සිදුකරනවා. ඒක නීත්‍යානුකූල අයිතියක්.
Q අපි දන්නවා පහුගිය කාලයේ රැකියා ඒජන්සි ලියාපදිංචි කරන්න ලක්ෂ 7.5ක මුදලක් ගත්තේ කියලා. ඒත් ඒක දැන් ලක්ෂ 30 කරලා. මොකක්ද හේතුව එච්චර වැඩිකරන්න?
ඇත්තටම අපි ඒ බැංකු ඇපකරය ගන්නේ කවුරු හරි ශ්‍රමිකයෙක්ට ප්‍රශ්නයක් වෙලා මෙරටට එන්න බැරි වුණොත් ඒ බැංකු ඇපකරය මුදල් කරලා ඒ දේට යොදවාගන්න. ඔබ දන්නවා පහුගිය කාලයේ ගුවන් ටිකට් පත් මිල වැඩිවෙලා තියෙනවා. සමහර ආයතනවල මිල ගණන් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා පහුගිය කාලයේ තියාගත්ත ලක්ෂ හතහමාරක ඇපකරය මදි කියලා අපිට තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව තමයි ප්‍රමාණවත් මුදලක් ඇප හැටියට කාර්යාංශය තියාගත්තේ. ඒක ශ්‍රමිකයන්ගෙම ආරක්ෂාවට කරන දෙයක්.
Q විදේශ රැකියා සඳහා ලබාගන්නා මුදල් එක එක ආයතන එක එක ගණන්. ඇයි ඒවට නියාමනයක් නැත්තේ?
නියාමනයක් නැත්තේ නෑ. නියාමනයක් තියෙනවා. ඒ ගැන සොයා බලලා තොරතුරු ගන්න කාර්යාංශයේ වෙබ් අඩවියෙන් පුළුවන්. ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ ගතයුතු මුදල රටින් රටට රැකියාවෙන් රැකියාවට කාර්යාංශයෙන් මිල නියම කරලා තියෙන්නේ. වෙබ් අඩවියෙන් හරි 1989 තොරතුරු මැදිරියෙන් හරි පැය 24 පුරාම ලබාගන්න පුළුවන්.