2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

Two අයිඩියාස්

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 99

මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතරමඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක් අපි ඔයාලට  දෙනවා...

සාද සැමරුම් සඳහා දර්ශන තලයක්

මේ වෙනකොට රටේ ගොඩක් තැන්වල ඉවෙන්ට් මැනේජ්මන්ට් කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම උත්සව අවස්ථාවල සැරසිලි කටයුතු කරන පිරිසුත් ඉන්නවා. පහුගිය කාලයේ මේ අය එන්න එන්නම වැඩිවුණේ මේ කටයුතුවලට තියෙන ඉල්ලුම නිසාමයි.

මේ වගේ දේවල් ලොකුවටම පටන් ගන්න ඕනෑ කියලා එකක් නෑ. පුංචි දරුවෙක්ගේ උපන්දින සාදයක් වෙනුවෙන් අලංකාර දර්ශන තලයක්, මේස සැරසිලි කීපයක් හදාගන්න ඔබට පුළුවන් නම් මේ වැඩේ පටන් ගන්න එක බොහොම පහසුයි.

තමන්ගෙම දරුවෙක්ගේ වැඩක් වෙනුවෙන් මුලින්ම මේ දේවල් ටික නිර්මාණය කරගන්න පුළුවන්. පස්සේ හොඳ ඡායාරෑප කිහිපයක් එක්ක අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියක් ලබාදුන්නොත් ඔයාගේ දර්ශන තලයට සහ අලංකරණ කටයුතු ඉල්ලුමක් නිර්මාණය වෙනවා. මේ හරහා නිර්මාණය වෙන්නේ ලොකු ව්‍යාපාරික අවස්ථාවක්.

ඩ්‍රීම් කැචර් හදමු

මේ වෙනකොට තරුණ ගැහැනු ළමයි මේ ව්‍යාපාරයට අත ගහලා තියෙනවා. නූල් ජාති පබලු වගේ පුංචි පුංචි අමුද්‍රව්‍ය කිහිපයක් තමයි මේ වැඩේට උවමනා වෙන්නෙ. හැබැයි මේක හිමින් සීරුවෙ වෙහෙස මහන්සි වෙලා කරන්න ඕන වැඩක්.
ඩ්‍රීම් කැචර් කියන්නේ රතු ඉන්දියානු සැරසිල්ලක්. නරක හීන අපි ළඟට එන එක නතර කරන්න තමා, ඒ කාලේ මේ සැරසිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ වෙනකොට මේ සැරසිල්ල මුළු ලෝකෙම වේගයෙන් පැතිර යන ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒ නිසාම වෙළෙඳපොළේ ඩ්‍රීම් කැචර්වලට ඉහළ ඉල්ලුමක් තියෙනවා.

අන්තර්ජාලය හරහා වගේම සාමාන්‍ය විසිතුරු බඩු කඩවල කඩවලත් මේවා විකුණන්න පුළුවන්. හදන විදිය ගැන ඉගෙනගන්න යූටියුබ් මාධ්‍යයත් ප්‍රමාණවත්. කොහොම වුණත් පුංචි පුංචි සැරසිලි සම්බන්ධව උනන්දුවක් දක්වන අයට තමා මේ ව්‍යාපාරය වැඩිපුරම ගැලපෙන්නෙ.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00