මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතරමඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක් අපි ඔයාලට දෙනවා...
පළතුරු වියළීම
මේ දවස්වල ඉහළ ඉල්ලුමක් තියෙන ගොඩක් දෙනෙක් උනන්දු වෙන ව්‍යාපාරයක් තමයි පළතුරු වියළිකරණය. මේ සඳහා යන්ත්‍රයක් මිලදී ගන්න වෙනවා. මූලික ප්‍රාග්ධනය විදිහට රුපියල් ලක්ෂයක් දෙකක් යොදවා ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න ඕනෑම කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක්.
කොහොම නමුත් වෙළෙඳපොළ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව මේ ව්‍යාපාරය පටන් ගන්න ඕනෑ. මේ වෙනකොට වියළි පළතුරු මිලදී ගන්න ආයතන කිහිපයක් රට තුළ තියෙනවා. ඒ ආයතන එක්ක කතාබහ කරලා ඔබේ ව්‍යාපාරය පටන් ගන්න. නිසි ප්‍රමිතිය වගේම වගේම අඛණ්ඩව නිෂ්පාදන සැපයීමේ හැකියාව තියෙනවා නම් මේ වැඩේ අතිශය සාර්ථක කරගන්න පුළුවන්.
පාපිසි මහමු
මීට කාලෙකට ඉස්සෙල්ලා ගොඩක් ගෘහණියන් පාපිසි මැසීම ගෘහාශ්‍රිත කර්මාන්තයක් විදියට කරගෙන ගියා. ඒත් මෑතකාලීනව රෙදිවල මිල ගණන් ඉහළ යාම නිසා ගොඩක් දෙනෙක් මේ කර්මාන්තය අතහැරලා දාලා තියෙනවා. ඒ නිසාම නැවතත් වෙළඳපොලේ පාපිසිවලට හොඳ ඉල්ලුමක් ඇතිවෙලා.
මහන මැෂිමක් තිබෙනවා නම් ඔන්න මේ ව්‍යාපාරයට නැවතත් එළඹෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. මේ සඳහා අවශ්‍ය රෙදි කැබලි ගාමන්ට් ආශ්‍රිතව වගේම කොළඹ තොග වෙළෙඳපොළෙනුත් මිලදී ගන්න පුළුවන්. ඇත්තටම දැනුමක් නැතත් මූලික පුහුණුව ලබලා තනිවම ආරම්භ කරන්න පුළුවන් ස්වයං රුකියාවක් තමා මේක.