2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

විදෙස් රැකියාවකදී මියගියහොත්...

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

අවාසනාවන්ත ලෙස විදෙස්ගතව සිටියදී ශ්‍රමිකයකු මිය ගියොත් කලින් තීරණය කරන ලද රක්ෂණ ඔප්පුවට අනුව හිමිකරු හෝ ළඟම ඥාතියා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වන්දි ඉල්ලා අයැදුම් කළ හැක.
 මේ සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැක.

- මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ අය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තානාපති අංශයට දන්වා මළ සිරුර ගෙන්වා ගැනීමට ලියැකියවිලි ලබාගත යුතුය.

- මළ සිරුර ගෙන්වාගත් පසු, විදේශ සම්බන්ධතා අංශයට ඒ බව දන්වා, අවමංගල්‍ය සඳහා රු. 10,000 ක වන්දි මුදලක් පහත ලියැකියවිලි භාරදීමෙන් ලබාගත හැක.

- විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් මරණය සනාථ කිරීමට ලබා දෙන ලියැකියවිලි.

- හිමිකරු සහ මියගිය පුද්ගලයාගේ ඥාති සම්බන්ධතාව තහවුරු කිරීමට ලියැකියවිලි.

- ග්‍රාමසේවක සහතිකය

- අවමංගල්‍ය කටයුතු අවසන් කිරීමෙන් පසු, හිමිකරු විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අංශයෙන් වන්දි ඉල්ලා අයැදුම් කළ හැක. 

මෙම‍ හිමිකම් පවරනු ලබන්නේ මෙසේය;

1.  මියගිය පුද්ගලයා විවාහක නම්
බිරිඳ
දරුවන්
2.  මියගිය පුද්ගලයා විවාහක වූවත් දරුවන් නොමැති නම්
බිරිඳ
මියගිය පුද්ගලයාගේ දෙමාපියන්
3.  මියගිය පුද්ගලයා විවාහ වී නොමැති නම්
මියගිය පුද්ගලයාගේ දෙමාපියන්
4. මියගිය පුද්ගලයා විවාහ නොවී මව හෝ පියා ජීවත්ව සිටියි නම්
ජීවත්ව සිටින මව හෝ පියා
සහෝදර සහෝදරියෝ 
5. මියගිය පුද්ගලයා විවාහ නොවී මව හෝ පියා ජීවතුන් අතර නැති නම්
සහෝදර සහෝදරියෝ 

එනමුත්, සියලුම ලියැකියවිලි පරීක්ෂා කිරීමෙන් පසු වන්දියේ හිමිකරු තීරණ‍ය කරනු ලබන්නේ සුබසාධන දෙපාර්තමේන්තුව මගිනි.

මෙසේ වන්දියේ හිමිකරු වන්නේ නීත්‍යානුකූල හිමිකරුවන් වන අතර නම් කරන ලද්දවුන් හෝ යැපෙන්නන් වූ පමණින් මෙම මුදල දෙනු නොලැබේ. විවාහ වූ සහෝදර සහෝදරියන්ට මෙම වන්දි මුදල සඳහා අයැදුම් කළ නොහැක.
මරණයකදී වන්දිය ලබාගැනීමට පහත සඳහන් ලියැකියවිලි ඉදිරිපත් කළ යුතුය;

- මියගිය පුද්ගලයාගේ මරණ සහතිකය
- රැකියාවේ යෙදී සිටි රටෙන් ලබාගත් වෛද්‍ය වාර්තා සහ ලියැකියවිලි
- රැකියාවේ යෙදී සිටි රටෙන් ලබාගත් තානාපති අනුමැතිය
- මළ සිරුර නැවත රුගෙන ආ ගුවන්යානා ආයතනයෙන් ලබාගත් කුවිතාන්සි
- මියගිය පුද්ගලයාගේ සහ හිමිකරුවන්ගේ පදිංචිය
- මියගිය පුද්ගලයාගේ සහ හිමිකරුවන්ගේ ඥාති සම්බන්ධතාවය
- විදේශ ගමන් බලපත්‍රයේ මුල් පිටපත

 ඊට අමතරව, පහත සඳහන් ලියැකියවිලි ද අවශ්‍ය වේ; 
මියගිය පුද්ගලයා විවාහක නම්;

- මියගිය පුද්ගලයාගේ විවාහ සහතිකය
- දරුවන්ගේ උප්පැන්න සහතික
 මියගිය පුද්ගලයා අවිවාහක නම්;
- මියගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකය
- දෙමාපියන්ගේ ජාතික හැඳුනුම්පත
- දෙමාපියන්ගේ විවාහ සහතිකය
 සහෝදර සහෝදරියන් අයිතිකාරත්වය දරයි නම්;
- ඔවුන්ගේ උප්පැන්න සහතික
- ජාතික හැඳුනුම්පත් පිටපත්
- ඔවුන්ගේ බැංකු ගිණුම් පිටපත්

 මෙයද මතක තබාගත යුතුය; 

1. ඉහත සියලු ලියැකියවිලිවල පිටපත් 2ක් සාම විනිසුරුවරයකුගේ අත්සන සහිතව ඉදිරිපත් කළ යුතුය.
2. සම්පූර්ණ කරන ලද අයිතිවාසිකම ඉල්ලුම් කරන අයැදුම්පත් 2ක්ද ඉදිරිපත් කළ යුතුය.

(කාර්යංශ වෙබ් අඩවියෙන්)

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00