විදේශ රැකියාවක් සඳහා විදේශගත වන සියලු දෙනා රැකියා ගිවිසුමක් අත්සන් කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ලියාපදිංචි වන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි. ඔබ පිරිමි ශ්‍රමිකයෙක්, මැද පෙරදිග නොවන රටවල්වලට යාමට බලාපොරොත්තු වන ගෘහ සේවිකාවක් හෝ පුහුණු කාන්තා ශ්‍රමිකයෙක් නම් විදේශ රැකියා ඒජන්තවරයා සමඟ රැකියා ගිවිසුමක් අත්සන් කළ යුතුය. මැද පෙරදිග රටවල්වලට යාමට බලාපොරොත්තු වන ගෘහ සේවිකාවන් එම රටේ තානාපති කාර්ය්‍යාලය සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.
පහත සඳහන් අත්සන් සහ පිටසන් කිරීම් මෙම ගිවිසුමේ සඳහන් විය යුතුය.
බඳවාගනු ලැබීම සිදුකරනු ලබන්නේ ඒජන්තවරයකු මාර්ගයෙන් නම්:
1. සේවා යෝජකයාගේ අත්සන
2. විදේශ රැකියා ඒජන්තවරයාගේ අත්සන
3. තානාපති / කොන්සල් කාර්ය්‍යාලයීය නිලධාරියාගේ අත්සන
4. දේශීය ඒජන්තවරයාගේ අත්සන
5. ගෘහ සේවිකාවගේ අත්සන
ඔබ විදේශගත වන්නේ මිත්‍රයකු හෝ නෑදෑයකු විසින් එවනු ලබන වීසා බලපත්‍රයක් මඟින් නම්
1. සේවායෝජකයාගේ අත්සන
2. විදේශ රැකියා ඒජන්තවරයාගේ අත්සන
3. ගෘහ සේවිකාවගේ අත්සන
මෙම ගිවිසුමට පහත සඳහන් දේවල් සම්බන්ධයෙන්ද සඳහන් කළ හැක.
• වැටුප්
• වැටුප් අඩුකිරීමේ කොන්දේසි
• විවේක දින
• නිවාඩු දින
• වෛද්‍ය ප්‍රතිලාභ
• වගකීම්
• සුභසාධක
• කොන්ත්‍රාත්තුව අවසන් වීම
• ආරවුල් නිරාකරණය
• රැකියා මාරුවීම්
• නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ගුවන් ගාස්තු
පෙර විගමණික නම්නීකරණ
පෙර විගමණික නම්නීකරණ අංශය මගින් දෙනු ලබන පුහුණුව, පළමු වතාවට සවුදි අරාබියෙහි ගෘහපාලිකා තනතුරු සඳහා පිටත්ව යන කාන්තාවන් හට ලබාදෙන පුහුණුවක් වන අතර, කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවලින් නිර්දේශ කරනු ලබන පුහුණුකරුවන් හට පමණක් මෙම පුහුණුව දෙනු ලබයි.
තෝරාගනු ලබන ගෘහ පාලිකාවන් සඳහා පහත සඳහන් අංශවලින් දැනුවත් කිරීම් කරනු ලබයි.
• ගෘහ පාලිකාවක් සතු වගකීම හා විනය කටයුතු පිළිබඳ දැනුවත් කිරීම.
• ගෘහ පාලිකාවකගේ පෞද්ගලින ස්වස්ථතාව හා පෞර්ෂ වර්ධනය කෙසේ සකස් කර ගත යුතුද යන්න පිළිබඳ දැනුවත් කිරීම.
• ගුවන් ගමන් හා ආගමන විගමන නීති රීති, ගුවන් තොටුපළ ක්‍රියාදාමය, විදේශ ගතවීමට පෙර සූදානම පිළිබඳ දැනුවත් කිරීම.
• විදේශ රැකියාවේ යෙදී සිටියදී ඇතිවන ගැටලු හා එහි ස්වභාවය පිළිබඳ කෙටි විශ්ලේෂණයක්, කාර්යාංශයේ ලියා පදිංචිය ලබා ගැනීම නිසා ගෘහ පාලිකාවකට ඇතිවන වාසි හා අවාසි පිළිබඳ දැනුවත් කිරීම.
• සේවා ගිවිසුමක ඇති වැදගත්කම හා එහි ඇති කොන්දේසි පිළිබඳ දැනුවත් කරන අතර හාම්පුතුන් විසින් එම කොන්දේසි උල්ලංඝණය කරන අවස්ථාවලදී ගෘහ පාලිකාවකට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳ දැනුවත් කිරීම.
• ගෘහ පාලිකාවක් තමා ජීවත්වන පරිසරයෙන් ඉවත්ව විදේශ ගත වීමේදී ඇතිවන මානසික ආතතිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශන ලබාදීම.
• ගෘහ පාලිකා රැකියාවක ස්වභාවය හා සේවා ස්ථානයේ පරිසරයද එම පරිසරයට අනුකූලව කෙසේ රැකියාව කළ යුතුද යන්න හා තමාගේ ආත්ම ආරක්ෂාව කෙසේ සලසා ගත යුතු යන්න පිළිබඳව දැනුවත් කිරීම.
• ගෘහ පාලිකාවක් ලෙසින් විදේශ ගතවන රටෙහි පරිසරය, ආගමින සිරිත් විරිත්, ආර්ථික හා සාමාජීය පසුතලය, සංස්කෘතිය සේවයේ යෙදී සිටියදී ඇතිවන ගැටලුවලට එරට කම්කරු නීතී රීති මගින් ලබාගත හැකි පිටුවහල පිළිබඳව දැනුවත් කිරීම.
(කාර්යංශ වෙබ් අඩවියෙන්)