2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

උසස් පෙළ නොකළත් එක්ලක්ෂ හැටදාහක වැටුපක්

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 232

විසි දෙහැවිරිදි ඉසුරු කාශ්‍යප මාලදිවයිනේ හෝටලයක සූපවේදී ක්ෂේත්‍රයෙහි වෘත්තිකයෙකු ලෙස සේවය කරන්නෙකි. නමුත් ඔහු උසස් පෙළ විභාගය හැදෑරෑ ඉන් ඉහළ සමර්ථයක් ගත් අයෙක් නොවේ. ඔහුගේ මාසික වැටුප රු.160,000.00 කි. 

අ.පො.ස. සාමාන්‍ය පෙළින් පසු කෙටි කාලයකින් ඉසුරු මාලදිවයිනේ මෙවන් රුකියාවක් ලබාගත්තේ කෙසේද?

ඔහු උසස් පෙළ කරනු වෙනුවට කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කරන  මිනු/ කුඩගම්මන මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී වෘත්තීය විෂයය ධාරාව හැදෑරීමයි. පාසලේදී ඔහු වෘත්තීය විෂයය ලෙස සංචරණය හා ආගන්තුක සත්කාර විෂයය තෝරාගෙන ඒ ඔස්සේ සූපවේදී පාඨමාලාව තෝරාගෙන තිබේ.  ඉන් පසු පාසලෙන් ඔහු කුරුණෑගල ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ කුරුණෑගල මධ්‍යස්ථානය (SLITHM - කුරුණෑගල) වෙත යොමු කෙරිණි. එහිදී NVQ 4 පාඨමාලාව සාර්ථකව නිමා කළ අතර පසුව මෙම විදේශ රුකියාව වෙත නම් කර ඇත.

මව, පියා සහ වැඩිමහල් සහෝදරයෙකුගෙන් යුතු ඉසුරුගේ පවුල ඔහු පිළිබඳ මේ වනවිට ඉමහත් සතුටින් සිටිති. ඉසුරු තම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට ළඟාවීමෙන් පසුව  ඔහුගේම පාසලේ වෘත්තීය විෂය ධාරාව යටතේ පාඨමාලා හදාරණ ආර්ථික අපහසුතා ඇති සහෝදර සහෝදරියන්ට මූල්‍යමය වශයෙන් උපකාර කිරීමට තරම් කාරුණිකය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00