2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

Two අයිඩියාස්

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 152

මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතරමඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක්  අපි ඔයාලට  දෙනවා...

ලොකු ටෙඩීලා හදමු

මේක තරුණියන්ට විශේෂ වුණ ව්‍යාපාරික අවස්ථාවක්. බැලූ බැල්මට ලොකු වටිනාකමක් පේන් නැති වුණාට ලක්ෂ ගණනින් මුදල් හොයන්න පුළුවන් සාර්ථක ව්‍යාපාරයක් තමා මේක. මේ සඳහා ඔයාට තියෙන්න ඕන මැහුම් ගෙතුම් සම්බන්ධ යම් අවබෝධයක් සහ ඒ සඳහා අවශ්‍ය උපකරණ.

මේ වෙනකොට වෙළඳපොළේ තරමක් ලොකු ටෙඩීලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒවා අලෙවි වෙන්නේ අපි හිතන්නෙවත් නැති ලොකු ලොකු ගණන් වලට. කොහොම නමුත් මේ නිර්මාණයක් කරන එක පහසු නැහැ. ඒත් මැහුම් ගෙතුම් සම්බන්ධව මූලික අවබෝධයක් තියෙන කෙනෙකුට මේ වගේ නිර්මාණයක් කරන්න උත්සාහ කරන්න බැරිකමකුත් නෑ.

මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒ ගැන හිතන්නේ නැති පහසුකම් සහ හැකියාව තිබෙන අය ඕනෑතරම් ඉන්නවා. අපි යෝජනා කරන්නේ ඔබ එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. විශාල වෙළඳපොළක් තියෙනවා. මේ වගේ දේවල් අලෙවි කරලා ධනවත්වුණු තරුණියන් පිළිබඳ කතා ලංකාවේ දැන් දැන් අහන්න ලැබෙනවා.

මැටි වැඩ කරමුද?

මැටි වැඩ කිව්වාම ටිකක් විහිළු සහගතයි වගේ තමයි. ඒත් අපි කතාකරන මේ වැඩේ නම් එහෙම විහිළුවක් නෙවෙයි. මේ කර්මාන්තය පිළිබඳ යම් දැනුමක් නිපුනතාවයක් තියෙන නිර්මාණශීලී අදහස් තියෙන කෙනෙකුට මේක බොහෝම ප්‍රයෝජනවත් වේවි.

මැටි පහන්, වලං, හට්ටි මුට්ටි වගේ දේවල් හදන කුඹල් කර්මාන්තට තියෙන්නෙ දීර්ඝ ඉතිහාසයක්. ඒ නිසාම තවමත් මේ කර්මාන්ත සාම්ප්‍රදායික විදිහට තමා ඉදිරියට යන්නෙ. කොහොම නමුත් අද වෙනකොට සාම්ප්‍රදායික දේවල් වලට වඩා, මැටි වලින් නිර්මාණය කරන විසිතුරු වෛවර්ණ භාණ්ඩවලට ලෝකය පුරා ලොකු ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිතව හොඳ වෙළඳ පොළක් තියනවා.

සම්ප්‍රදායික කර්මාන්ත කරන කෙනෙක්ට වුණත් අමතර වැඩක් විදිහට මේ වැඩේ පටන් ගන්න පුළුවන්. මැටි ආශ්‍රයෙන් නව නිර්මාණයක් කරන්න ඔබට පුළුවන් නම්, එහි මිල තීරණය කිරීමේ අයිතියත් ඔබට ලැබෙනවා. මේ වැඩේ මහා පරිමාණයෙන් කරන සාර්ථක වෙච්ච අය ගැන කතා නම් ඕනතරම් තියනවා. අමතක කරන්න එපා ඒ අය මේ වැඩේ පටන් ගත්තේ පුංචියට. නිර්මාණශීලීත්වය තමා වැදගත්.

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00