2017 ජුනි 10 වන සෙනසුරාදා

දුම්රිය හෝ ගුවන්යානා අනතුරක්! ජූලි 16ට ඉස්සර

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 123

2017 ජුනි මස 15 වන බ්‍රහස්පතින්දා පාන්දර පහ පසුවී විනාඩි තිස්තුනට රවි ග්‍රහයා මිථුන රාශියට සංක්‍රමණය වේ. මෙතෙක් තමාට සතුරු රාශි භවනක් වූ වෘෂභ රාශියේ ගමන නිමාකර තමාට සම රාශියක් වූ මිථුන රාශියට පිවිසෙන රවි 2017 ජුලි මස 16 වන රවි දින සවස හතර පසුවී විනාඩි 24 දක්වා අඟහරැට අයත් මුවසිරස නැකතේ තුන්වන, හතරවන පාදවලත් රාහුට අයත් අද නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් ගමන් කරනු ඇත. මේ වනවිටත් තමාට සතුරු රාශියක් වූ මිථුන රාශියෙහි ගමන් කරන අඟහරුත් සමඟ යෝග වී ගමන් කිරීමට සිදුවන රවිගෙන් අප රටට මෙන්ම ලෝකයේ ඇතැම් රටවලට අයහපත් වූ බලපෑම් ඉදිරි වකවානුව තුළ ඇතිවීමට ඉඩ තිබේ. 

♦ චිත්‍ර ශිල්පියෙකුට දේශපාලනඥයකුට මාරක

♦ රවි මිථුනට එයි

විදේශීය වශයෙන් ඊජිප්තුව, එංගලන්තය, බැල්ජියම සහ ඇමරිකානු රටවල්වලට මෙන්ම ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, අරාබියාව, ඕස්ට්‍රේලියාව, හන්ගේරාව, ස්පාඤ්ඤය, මැඩගස්කරය, පෘතුගාලය, නිබියාව, සහරාව, බංගලිදේශය, මාලදිවයින, සුඩානය යන රටවලටද අයහපත් වූ බලපෑම් එල්ලවේ. සංනිවේදන කටයුතු ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවන අතර දුම්රිය අනතුරක් වාර්තා වනු ඇත. ජෙට් යානයක් හෝ කුඩා ගුවන්යානයක් අනතුරට පත්වීමක්ද වාර්තා වේ. ගුවන් යානා ප්‍රධානියකුට හෝ නියමුවකුට අනතුරක් මාරකයක් ඇතිවනු ඇත. සුප්‍රසිද්ධ කලා ශිල්පියකුගේ අභාවයක්ද සිදුවනු ඇත. 

අප රටට ඇති වන්නාවූ බලපෑම පිළිබඳව විමසාබැලීමේදී විදේශිය රටවල් සමග සමයෝගිතාව වර්ධනය වනු ඇත. මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම පිනිසත් අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් රජයට අතිරේක වියදම් දැරීමට සිදුවනු ඇත. අධ්‍යාපනික ආයතනයකට ඉතා අශුභ වේ. හදිසි ගිනි ගැනීමක් හෝ කඩා වැටීමක් වාර්තාවනු ඇත. චිත්‍ර ශිල්පියකුට මාරක යෙදෙනු ඇත. මහජන නියෝජිතයකුටද මාරක ඇතිවේ. රටේ තරැණ කොටස් වලට මෙන්ම දරැවන්ට අයහපත් වන වකවානුවක් වේ.

මීළඟට ලග්න අනුව,

මේෂ - ආවේගශීලි වැඩ
ඔබගේ සිතට යම් යම් ප්‍රශ්න ඇතිවන වකවානුවකි. තමන්ගේ වැඩවල ප්‍රමාද ගති ඇතිවේ. තරමක් ආවේගශීලිව කටයුතු කරනු ඇත. ගමන්වලින් හදිසි ශරීර පීඩා ගෙන දෙන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ. 

වෘෂභ - උරුම හිමිකම් ලැබේ.

ඉතිරිකර ගැනීමට බාධා ඇතිවන වකවානුවක් වේ. ඔබගේ උත්සාහයේ තරමට ඵල නොලැබෙන වේ. දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් ඵල අත්වනු ඇත. උරුම හිමිකම් ලබාගැනීමට යහපත් වූ වකවානුවක් වේ. 

මිථුන - විවිධ බාධා

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ යම් යම් කටයුතු වලට විවිධ වූ බාධාවන් ඇතිවනු ඇත. තමාගේ පවුල් දිවියේ විවිධ ගැටලු ඇතිවනු ඇත. ගමන් වලින් පාඩුද ශරීර පීඩාද ඇතිවන බැවින් කල්පනාකාරී වන්න.

කටක - හවුල් කටයුතු යහපත්

දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් ඵල ඇත්වනු ඇත. හවුල් කටයුතු වලින් ඵල ලැබෙන අතර තම මතයට අනුව ක්‍රියාකිරීමෙන් හිතුවතුන් සමඟ අමනාපකම් ඇතිකරගනු ඇත. 

සිංහ - කටයුතු දියුණුවට

ඔබට යහපත් ඵල අත්වනු ඇත. තමා කරන කටයුතුවල දියුණුවක් දැකිය හැකි වකවානුවක් වේ. සිතේ ප්‍රශ්න පැන නගිනු ඇත. අන් යඅගේ ගෞරවයට පත්වන අතර නව රුකියාවක් අපේක්ෂාවෙන් සිටියේ නම් යහපත් ඵල ලැබේ. 

කන්‍යා - දේශපාලනයට යහපත්

තමා ගැන වැඩිපුර සිතා කටයුතු කරනු ඇත. දේශපාලන හා හවුල් කටයුතු කරන අයට යහපත් වනු ඇත. ගමන් වලින් හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. 

තුලා - ව්‍යාපාරවලට හොඳයි

ඔබට යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ බාධාවන් ඇතිවේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ලැබෙන නමුත් විශාල ලෙස මුදල් යෙදවීම් මෙම කාලය තුළ නොකරන්න.

වෘශ්චික - සිතේ හයිය වැඩිවේ

ඔබට යහපත් වනු ඇත. සිතට යම් යම් ප්‍රශ්න ඇතිවුවද ඔබගේ සිතේ ශක්තිය වැඩිවන වකවානුවක් වේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් වැඩිපුර මහන්සි වීමට සිදුවනු ඇත. 

ධනු - ශරීර පීඩා

ඔබගේ කටයුතුවලට ද යම් යම් බලපෑම් ඇතිවන අතර ගමන් බිමන් වලින් හදිසි ශරීර පීඩා ඇතිවන වකවානුවක් වේ. තම පවුල් දිවියේද ප්‍රශ්න ඇතිවන වකවානුවකි. ඇස් ආශ්‍රිත රෝගාබාධයක් මතුවේ. 

මකර - උදාසින ගති

ආර්ථික අපහසුතා පැන නගින වකවානුවක් වේ. යම් යම් කටයුතුවල උදාසීන ගතියක් ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් ඵල ලැබේ. 

කුම්භ - ලිංගික ආකර්ශනය

යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වන වකවානුවක් වේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වනු ඇත. අත ඉතිරිය අඩු වන අතර තමාගේ උත්සහයට ලබාගැනීමට හැකි ඵලය අඩුවනු ඇත.

මීන - කේන්තිය වැඩිවේ

තරමක් කේන්ති ගති ඇතිවනු ඇත. රැකියා කටයුතුවල දියුණුවක් අත්වන වකවානුවක් වේ. තමාගේ කටයුතු වලට අන් අය මැදිහත් වනවාට අකමැති වනවා ඇත. 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය 
28, ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00