2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

Two අයිඩියාස්

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 106

මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතරමඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක්  අපි ඔයාලට  දෙනවා...

කුරුඳු දත් කූරු හදමු 

කුරුඳු කියන්නෙ අපේ රටට විශාල අපනයන ආදායමක් අරගෙන එන බෝගයක්. ඒත් ගොඩක් වෙලාවට කුරුඳු පොලු අපි භාවිතා කරන්නෙ දරට. ඒත් මේ වෙනකොට කුරුඳු දඬු භාවිතයෙන් හදන දත් පිරිසිදු කරන කූරුවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.
විශේෂයෙන්ම විදේශිකයන් මේ පිළිබඳ ලොකු උනන්දුවක් දක්වනවා. ඒත් වෙළඳපොළේ ඇත්තමට මේ නිෂ්පාදන හොයාගන්න අමාරුයි. මේ වැඩේ එච්චරම සරල නැතත් උපකරණ සහ තාක්ෂණය තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නෙවෙයි. උත්සාහ කළොත් අපනයන වෙළඳ පොළටත් ගමන් කරන්න පුළුවන්. කැමති නම් මේ ව්‍යාපාර පිළිබඳ පොඩ්ඩක් හොයලා බලන්න. සාර්ථකව වුණොත් ලොකු ගමනක් යන්න පුළුවන්.

ටී ෂර්ට් ඩිසයින් කරමු

ග්‍රුෆික් සම්බන්ධ දැනුම තිබෙන බොහෝදෙනෙක් අපි අතරේ ඉන්නවා. ඒ දැනුම භාවිතා කරලා අමතර ව්‍යාපාරයක් විදිහට මේ වැඩේ පටන් ගන්න පුළුවන්. මුලින්ම ඔයා ටී ෂර්ට් කිහිපයක් ඩිසයින් කරලා ප්‍රින්ට් කරගෙන අඳින්න පටන් ගන්න. ඇත්තටම සාමාන්‍යයෙන් ඇහැ ගැහෙන්නෙ නැති ඩිසයින් කිහිපයක් මුලදී භාවිතා කරනවා හොඳයි.

ඔයා අඳින්න පටන් ගත්තාම මිතුරු මිතුරියන් හිතවතුන් මේ ගැන ප්‍රශ්න කරනවා. ඒ හරහා ව්‍යාපාර අවස්ථාවක් ගොඩනඟා ගන්න පුළුවන්. ඒ මුලදී පොඩියට පටන් ගන්න එක තමා හොඳ.

ඊළඟ අදියරේදී සාම්පල් කිහිපයක් එක්ක අලෙවිසැල්වලට ගිහින් කතා කරන්න පුළුවන්. ලංකාවේ ඕනෑතරම් රෙදිකඩ තිබෙනවා. නිර්මාණශීලීත්වය මත තමා ව්‍යාපාරයේ ඉදිරි ගමන තීරණය වෙන්නෙ. සාර්ථක වුණොත් පොඩි කර්මාන්ත ශාලාවක් වුණත් දාගන්න බැරිකමක් නෑ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00