හිල්ටන් වයින්
කොළඹ හිල්ටන් හෝටලයේ IL Ponte අවන්හලේදී විශේෂ වයින් රසබැලීමේ වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. 14 වැනිදා සවස 7ට පැවැත්වෙන මේ අවස්ථාවට කැමැති කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන්. ඒ සඳහා එක් අයකුගෙන් අයකිරීම රුපියල් 3,500ක් විතර බවයි දැනගන්න තියෙන්නෙ. වයින්වලට අමතරව විශේෂ ඉතාලියානු කොක්ටේල් සාදයකුත් ඊට ඇතුළත්.
කොළඹ ඉඳන් මන්නාරම බලන්න
ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය ලෝක බැංකුවේ IFC ආයතනයත් එක්ක සම්බන්ධවෙලා ඉදිරිපත් කරන Discover Mannar ඡායාරෑප ප්‍රදර්ශනය කොළඹ පාක් ස්ට්‍රීට් මිව්ස්හිදී ජුනි 16 හා 17 දවස් දෙකේදී පැවැත්වෙනවා. උදේ 10 ඉඳන් හවස 6 වෙනතුරු පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේදී මන්නාරම ප්‍රදේශයේ දී ලබාගත් සුන්දර ඡායාරූප රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.