2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

Industry 2023 Kandy Edition සාර්ථකව නිමාවෙයි

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 56

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් පුරා පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී අති සාර්ථකව ක්‍රියාත්මක වූ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය නිමාවට පත්විය එහි සමාප්ති උත්සවය, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු සම්භාවනීයන් රුසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

උත්සව සභාව අමතමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ මෙරට දළ ජාතික නිෂ්පාදනයට 15%ක් වූ නිෂ්පාදන අංශයේ දායකත්වය 2030 වනවිට 25% දක්වා ඉහළ නැංවීමට ඇති රජයේ අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන බවත් යුරෝපය, පෙරදිග ජපානය වැනි රටවල් ආදර්ශයට ගෙන ඒවා මෙන් ක්‍රමිකව කෘෂි ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයට අප මුල් තැන දිය යුතු බවත්ය. එමෙන්ම මේ වනවිට 2.8%ක පවතින රටේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වනවිට 10%දක්වා රුගෙන යාමට ප්‍රමුඛතාවය ලබාදීම සහ පාසල්, විශ්වවිද්‍යාල තුළට මෙම ව්‍යවසායකත්ව ප්‍රවේශය රුගෙන යාමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00